(Mercy for None (2025) Season 01 Sinhala Subtitles) (Mercy for None (2025) Season 01 Sinhala Subtitle) (Mercy for None (2025) Sinhala Subtitles) (Mercy for None (2025) Sinhala Subtitle) (Mercy for None Sinhala Subtitles) (Mercy for None Sinhala Subtitle)
ඇසට ඇසක්.. දතට දතක්.. කියලම මං ලිපිය පටන් ගන්නම්කෝ.. තමන්ගෙ මල්ලිගෙ මරණය වෙනුවෙන් අයියා කෙනෙක් කරන පළිගැනීමක් වටා තමා කතාව දිවයන්නෙ.. පළවෙනි එපිසෝඩ් එකේ ඉදන් අන්තිම එපිසෝඩ් එක වෙනකන් ම සටන් ජවනිකා ඇතුලත්ව ප්‍රේක්ෂකයාට උපරිම කුතුහලයක් ලබා දෙන්න මේ කතාමාලාවට පුලුවන් කිව්වොත් මම හරියටම හරි. සෝ ජි-සොප්, ලී ජුන්-හ්යුක්, හෝ ජුන්-හෝ, අන් කිල්-ගං, ලී බම්-සු, කොං-ම්යොං, චු යොං-වු, චෝ හන්-චුල් ආදී සුප්‍රසිද්ධ නළුවන්ගේ රංගන දායකත්වයෙන් වර්ණවත් වුන මේ කතාමාලාව ත්‍රිලර් ඇක්ෂන් කතාමාලා රැසක් ප්‍රේක්ෂකයන්ට දායාද කරපු කං කි-යොංගේ තිර පිටපත් රචනයක් වෙනවා වගේම චෝයි සොං-අන්ගේ අධ්‍යක්ෂණයක්ද වෙනවා.
සරළවම කිව්වොත් මේක වෙළදපල යුද්ධයක්. ඒ ජුවුන් සහ බොංසන් අතර. කතාංග හතකින් සමන්විත Mercy for None කියන මේ කතාමාලාව Netflix ඔස්සේ ජුනි 6 වෙනිදා විකාශය කෙරුණා. ක්‍රියාදාම, ත්‍රාසජනක,අපරාධ ශානරයන්ට අයත් වෙන Mercy for None, 18+ වැඩි අයට නිර්දේශ කරලා තියෙන්නෙ දැඩි ප්‍රචණ්ඩකාරී දර්ශන ඊට ඇතුලත් වීම හේතුවෙනුයි. Mercy for None ගැන තවත් විස්තර කළොත් මේක ඕ සේ-හ්යුන්ගෙ Plaza Wars: Mercy for None කියන වෙබ්ටූන් එක පාදකකොටගෙන නිර්මාණය වෙලා තියෙනවා. 2023 පෙබරවාරි මාසෙදි තමා ජි-සොප්ව මේකෙ ප්‍රධාන චරිතයට තෝරගෙන තියෙන්නෙ. විනාඩි 40ත් 502ත් අතර එක් කතාංගයක ධාවනකාලයක් තියෙනවා වගේම නිශ්පාදන දායකත්වය Yong film සහ Studio N සිදුකර තිබෙනවා.
මුලින් කිව්වා වගේම තමන්ගෙ මල්ලි මැරුව පලිය ගන්න අයියා කෙනෙක් වටා තමා කතාව ගෙතින්නෙ. වරදට දඬුවම් කරන ගැටුම්, දෙපිටකාට්ටු මූණු පාවාදීම් වගේම ගෞරවය, අගෞරවය නින්දා, ප්‍රශංසා අතර දෝලනය වෙන කතාවක් කියන්නත් පුලුවන්.. කතාවෙ කේන්ද්‍රය තමා නම් ගි-ජුන් කියන්නෙ. තමන්ගෙ මැර ජීවිතගෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙලා මැරුණ කෙනෙක් වගේ ජීවත් වෙලා හිටිය ගි-ජුන්ගෙ එකම ඉලක්කය තමා තමන්ගෙ මල්ලිව මැරුවෙ කවුද ඒක කළේ කවුද කියලා හොයාගෙන වන්දි ගෙවන්න සැලැස්වීම. එයාගෙ නැවත පැමිණීම හරහා සෑහෙන්න දේවල් වෙනස් වෙනවා. ගොඩක් දෙනෙක්ට ජීවිතවලින් වන්දිගෙවන්න වෙනවා. ඉතින් ගි-ජුන් කිසි දෙයක් කිය කිය ඉන්නෙ නෑ. එයා නිහඬව තමන්ගෙ මල්ලි මැරුණ බර දුක කේන්තිය දරාගෙන තමන්ගෙ තනි සටන කරගෙන යනවා. ගි-ජුන්ගෙ සටන් විලාසය කුරිරු, වේගවත් වගේම යථාර්ථවාදී වෙන්නෙත් ඒ නිසයි. සහෝදරකම ගැන විතරක් නෙවේ තමන් දරන කටු ඔටුන්න තමන්ගෙ දරුවන්ට දරන්න නොදෙන තාත්තලත් ඉන්නවා. කතාව අවසානෙදි ඔයාලට ඒක තේරුම් ගන්න පුලුවන්. අවාසනාවට දරුවො ඒ දේ තේරුම් ගන්නෙ වැරදියට. තනතුරක් වෙනුවෙන් මිනිස්සු මරාගෙන එතනට ආවත් තමන් තනිවුනා කියන වේදනාව ඊටවඩා බලවත්. ව්‍යංගාර්ථයෙන් වුනත් අපිට ලොකු පාඩමක් කියලා දෙන කතාවක් කිව්වොත් මම වැරදි නෑ.
මම මේ ලිපියත් කතාවෙ දෙබස් ඛණ්ඩ කීපයකින් අවසන් කරන්නම්.
“මේ වෙළදපොලේ හැමෝම කැමැත්තෙන් ඉන්න, ඉරිසියාකම් කරන ඒ තනතුර, කවුරුහරි ඇස් ඉස්සරහා තියලත් ගන්න බැරි වෙන්න නම් පිස්සු වෙන්න ඕනෙ.”
“ඒත් අපේ තාත්තා මිනිස්සුන්ගෙන් ජීවිත කාලේම ඒ බැල්ම ලබලා ඇති.. මට ඒකට හෙන ඉරිසියයි.. ගරු කිරීමේ.. ප්‍රශංසා ලැබීමෙ බැල්ම?”
“ඒක.. ප්‍රශංසාවත් ගරුත්වයවත් නෙවේ.. බය වෙන එක.. ඒ හැමදේම බරක්, සභාපති මහත්තයා.. ඔයා ඒ බර දරනවට අකමැති වුණා.. මොන වගේ වේදනාවක්ද කියලා දන්න නිසා.”
එහෙනම් ඔයාලගෙ කුතුහලය හාරවුස්සන්නෙ නැතිව කතාව බලන්න ඔයාලට ආරාධනා කරන ගමන්.. මම සමුගන්නම්
සටහන ලිව්ව මම උචිනි පෙරේරා..
එතකොට විශේෂ ස්තූතිය මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න මගෙත් එක්ක එකතු වුන හංසනට.. මලීෂට.. නෙත්මිරට..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

January 6, 2021
බොහෝම ස්තූතියි හංසන සහෝ උපසිරැසියට