(Meiyazhagan (2024) Sinhala Subtitles) (Meiyazhagan (2024) Sinhala Sub) (Meiyazhagan Sinhala Subtitles) (Meiyazhagan Sinhala Sub)
සුභ දවසක් වේවා හැමෝටම
ඔන්න ඉතින් අද අරගෙන ආවේ මේ ලගදි ott නිකුත් වුන ගොඩක් අය සබ් දෙනකම් බලාගෙන හිටපු අලුත්ම Tamil ෆිලුමk.. අපේ සමිත අයියා වැඩේ බාර දීලා හරියටම දවස් 3න් ෆිලුම අරගෙන ආව ඔන්න
2024 සැප්තැම්බර් 27 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ චිත්රපටය අයත් වෙන්නෙ Drama කියන කැටගරි එකට.. රංගනයෙන් දායක වෙන්නෙ ඔයාලා ගොඩක් ආදරේ කරන සුපිරි තරු දෙකක් වන Karthi, Arvind Swamy විසින්.. ඇක්ෂන් නළුවෝ දෙන්නෙක් යොදාගෙන කරපු මේ වැඩේ ඇක්ෂන් එකක් නම් නෙවෙයි. හැබැයි අමුතු විදිහේ ස්ටෝරි තියෙන ෆිල්ම් බලන අයට නම් මේක දෙකක් නෑ සෙට් වෙයි.. සුපුරුදු විදියට කාර්ති ගෙ කියවිල්ලේ නම් ඉවරයක් තිබ්බේ නැ.. පොරගේ කියවිල්ල තමා ෆිල්ම් එකට රහක් අරන් ආවේ..අරවින්ද් ගැන නම් කියන්න දෙයක් නැ කාර්ති එක්ක එකතු වෙලා ගොඩක් තැන් වලදී අපිව emotional කෙරෙව්වා. මීට වඩා දෙයක් කියන්නෙ නැ.. ඔයාලම බලන්නකෝ
අධ්යක්ෂණය සහ රචනය – C. Prem Kumar
රංගනය – Karthi ,Arvind Swamy, Rajkiran ,Sri Divya, Swathi Konde
ධාවන කාලය – මිනිත්තු 178
භාෂාව – දමිළ
කතාව පැත්තට ගියොත්,
අරුල් කියන්නෙ නීඩාමංගලම් වල ජීවත් වෙන තරුණයෙක්.. නෑදෑයෝ එක්ක ඇති වෙන ප්රශ්නයක් නිසා එයාගෙ පවුලේ හැමෝටම ගෙදර දාල මැඩ්රාස් වලට යන්න වෙනවා..හරියටම අවුරුදු 22කට පස්සේ අරුලගේ ඥාති සහෝදරියගේ කසාදෙට එයාට එන්න වෙනවා.. හැබැයි එයා එන්නෙත් පොඩ්ඩක් අකමැත්තෙන්.. ඔතනදි අරුල්ට මුණගැහෙනව අරුල් එක්ක ඉස්සර ඉදන්ම එකට හිටපු අරුල්ව හොදටම දන්න කෙනෙක්… හැබැයි අරුල්ට නම් එයාව පොඩ්ඩක් වත් මතක නෑ අනික අරුල් මෙයාට කැමතිත් නෑ…හැබැයි මේ පුද්ගලයා හිතන්නේඅරුල් එයාව අදුනනව කියලා.. ඔහොම ගිහින් හදිස්සියේ අරුල්ට සිද්ද වෙනවා මේ අමුත්තගේ ගෙදර රෑ නවතින්න.. අරුල් පස්සේ තේරුම් ගන්නවා මේ පුද්ගලයා හොද කෙනෙක් කියලා.. හැබැයි ඉතින් එයාව මතක නැති එකට අරුල්ට හොදටම අවුල් යනවා.. ඔතනින් තමයි මේ ලස්සන ෆිලුම පටන් ගන්නේ..
චුට්ටක් ඉවසීමෙන් නිදහසේ ලොකු බර ස්ටෝරි නැති ෆිල්ම් බලන්න ආස අයට නම් රජ භාණ්ඩයක් මේක..ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා මේ ලස්සන ෆිලුම බලන්න කියලා
හැමෝටම ජය
මෙතනින් මල් ටිකක් අරන් ඇතුලට ගිහිල්ල යාච්ඤාවක් කරනවද.?
කාගේ නමින්ද? නමක් දන්නෙ නෑ.. දෙවියන්ගේ නමින් කරන්න
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා)
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
October 26, 2022
tnxs machn anik sites wlata wda ikmnta sinhala sub denawata cineru team ekata
ස්තූතියි ශානෝ සබට
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌
බොහෝම ස්තූතියි උපසිරසියට
Thank u.. 🔥