The title of the page
Mayavanam (2024) Sinhala Subtitles
Mayavanam (2024) Sinhala Subtitles
1.7

Mayavanam (2024) Sinhala Subtitles | “සමූහ මායා” | සිංහල උපසිරැසි සමඟ

(Mayavanam (2024) Sinhala Subtitles) (Mayavanam (2024) Sinhala Sub)

හැමෝටම සුබ දවසක් වේවා

අදත් අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , මේක ott මාධ්‍යයෙන් නිකුත් වෙලානම් මාස දෙක තුනක් වෙනවා , නමුත් කේරලේ සුන්දර පරිසරය හොදින් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා උපසිරැසිය කරන්න හිතුනා , මේකෙ IMDb අගයනම් 1.7/10 ක් තමයි ලැබිලා තියෙන්නෙ , නමුත් හොද කුතුහලයකින් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් , ඒ වගේම මේකට මලයාලම් සිනමාවෙ සුපිරි නලුවන් වන ALENCIER , JAFFER IDUKKI , ඇතුලුව තවත් තරුණ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , 
කතාව ගැන කෙටියෙන් කියනවනම් වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය සමිතියෙ සිසුන් පිරිසක් විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අතරදි එතන ඉදපු සිගරට් බොන මිනිස්සු කීපයක් එක්ක රණ්ඩුවක් ඇතිකරගන්නවා , මේ රණ්ඩුව පොලිසියෙන් බේරුවත් ඒ බේබදු පිරිස නැවතත් මේ ලමයින්ට පහර දෙන්න හොයනවා , මේ ඇතිවෙන රණ්ඩුව හින්දා ලමයි 4 දෙනෙකුට දවස් 5 කට පන්ති තහනම් වෙනව , හැබැයි මේක ලමයින්ගෙ වැරැද්දක් නෙවෙයි , ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතලයි මේක කරන්නෙ , ඉතින් කොලේජ් එකෙන්ම මෙයාලට නිවාඩු නිකේතනයක් වෙන් කරලා දෙනවා , මහා කැලෑවකින් වටවුනු ලස්සන නිවාඩු නිකේතනයක් , මෙතනදි එයාලට අලුත් මත්ද්‍රව්‍යක් ගැන දැනගන්න ලැබෙනවා , එයාලා ඒකත් අරගෙන ලස්සන ගං ඉවුරකට ගිහින් බොන්න පටන්ගන්නවා , කතාවෙ රසයට බාධා වෙන හින්දා මෙතනින් නවතින්නම් , එතනට එහාට වෙන දේවල් ඔයාලම බලන්නකො 
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රොෂේන් මලින්ද සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රොෂේන් මලින්ද

July 29, 2022


41
Total Subtitles

2 comments

  1. Game changer movie ekt sub dennnko

  2. thanks……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login