Mantis (2025) Sinhala Subtitles
Mantis (2025) Sinhala Subtitles
6
88

Mantis (2025) Sinhala Subtitles | “ මිනීමරුවෝ ” | සිංහල උපසිරැසි සමඟ

(Mantis (2025) Sinhala Subtitles) (Mantis (2025) Sinhala Subtitle) (Mantis (2025) Sinhala Sub) (Mantis (2025) Sinhala Subtitles) (Mantis Sinhala Subtitles) (Mantis Sinhala Subtitle) (Mantis Sinhala Sub)

අන්යොංහාසේයෝ..

සාමාග්වි එහෙමත් නැත්නම් වන්දා.. ෆිල්ම් එකේ නම හැටියට Mantis, Action, Thriller, Mystery, Crime වර්ගීකරණයන්ට අයිති වෙන ෆිල්ම් එකක්. ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා NETFLIX හරහා රසිකයන්ට තිළිණ වුන මෙය අධ්‍යක්ෂණය කලේ ලී ටේ-සොං විසින්. බ්යොං සොං-හුන්, ලී ටේ-සොං, ලී ජින්-සොං මේ තුන් දෙනා අතින්ම තිරපිටපත ලියවිලා තියෙනවා. පැය එකයි මිනිත්තු පනහක් පුරාවට චිත්‍රපටය ධාවනය වෙනවා. ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් ඉම් සි-වන්, පාක් ග්යු-යොං, චෝ වු-ජින් දායක වෙනවා.

නිවාඩුවෙන් පස්සෙ ආපහු එන හන්-උල් MK සමාගමේ ප්‍රධානියා චා මින්-ග්යු මැරිලා කියලා දැනගන්නවා. ඊට පස්සෙ එයා ඒ සමාගම අතෑරලා MK වෙන සමාගමක රස්සාව කරන්න තීරණය කරනවා. මෙයා රස්සාව විදිහට කරන්නෙ මිනීමැරීම. අන්න ඒ අතරවාරෙදි තමයි එයාට ඉස්සරකාලෙ ඉදන්ම එයාගෙ යාලුවා වුන ජේ-යීව නැවතත් මුණගැහෙන්නෙ. එයාව MK සමාගමෙන් අයින් කරලා තියනවා මොකද සමාගමේ මතය තමා ජේ-යී දක්ෂයෙක් නෙවෙයි කියන එක. හන්-උල් එහෙම නැත්නම් වන්දා ගැන තමා සමාගම වැඩියෙන් විශ්වාසය තියන්නෙ. ජේ-යී වගේම වන්දා අතර තියෙන හැමසටනකින්ම ජේ-යී දින්නත් සමාගම විශ්වාස කරන්නෙ හන්-උල්ව. එහෙම නැත්නම් වන්දව. මෙන්න මේ හේතුව ජේ-යීට වදකාර හැඟීමක් වෙනවා. MK සමාගම පටන් ගත්ත ආරම්භකරුවෙක් තමා දොක්-ගො කියන්නෙ. ඒ වගේම එයා වන්දාගෙ ගුඑය්වරයා. එයා විශ්‍රාම ගත්තත් මින්-ග්යුගෙ මරණෙන් පස්සෙ ආයෙම MK සමාගම පාලනයට ගන්නවා. ඔන්න ඔය අතරවාරෙ ජේ-යී වෙන සමාගමක සේවයට යනවා.

ඒක ඇත්තටම කෲර ලෝකයක්.
දුර්වලයන්ව ප්‍රබලයන් විසින් ගිලගන්නවා
ශක්තිමත් අයට දුර්වලයන් ගොදුරු වෙනවා
මෙහෙම ලෝකෙක අපි කොහොමද ජීවත් වෙන්නෙ
අපි ලෝකය අනුගමනය කරන්න ඕනෙ
ඔයා කුරිරු ශක්තිමත් කෙනෙක් වෙන්න ඕනෙ
එතකොට මොකක් පළවෙනි කොන්දේසිය කියලද හිතන්නෙ?
බලය..සල්ලි
දෙමව්පියන්ගේ දේපළ?
දෙමව්පියන්ගේ දේපල කියන එකට නම් තේරුමක් තියෙනවා
සල්ලි, බලය
ඒක ශක්තිමත් අයගේ කොන්දේසියක් නෙවෙයි, ශක්තිමත් අය සතු කුසලානයක්.
මට හිතෙන පළවෙනි කොන්දේසිය තමා
හරියටම හරි වෙලාව.

මගෙත් එක උපසිරැසි නිර්මාණයට එකතු වුන මලීෂ බණ්ඩාර සහෝදරයට ස්තූතියි කියන ගමන් ෆිල්ම් එක රසවිදින්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


455
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login