The title of the page
Manorathangal S01 E09 (2024) Sinhala Subtitles
Manorathangal S01 E09 (2024) Sinhala Subtitles
6.3
73

Manorathangal S01 E09 (2024) Sinhala Subtitles | ස්වර්ගයේ දොරටු විවාත වෙන කාලය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් ඉතින්..

මලයාලම් බලන කට්ටියට මාවත් මතක නැතුවත් ඇතිනේ ඉතින්. ගොඩක් කාලෙකින් මලයාලම් උපසිරැසියක් ගෙන්නත් බැරි වුණා. ඒ හින්දම වෙනසකට මම මේදා පොටේ මම හොද ෆිල්ම් සිරිස් එකක් ගෙන එන්න කල්පනා කළා. ගොඩක් දෙනෙක්ගේ ලොකු ඉල්ලුමක් තිබ්බා මේ සිරිස් එකට. ඉතින් මේ ෆිල්ම් සිරිස් එකම කරන්න ඉඩ දුන්නු අපේ සමිත අයියව මතක් කරගෙන යමු අපේ කතාවට..

විශේෂයෙන් තව දෙයක් කියන්න ඕනේ. උපසිරැසිය ගන්න ඕනේ කෙනෙක්ට මේ උපසිරැසිය අරගෙන ලිපිය ස්කිප් කරලා දාන්න පුළුවන්. එහෙම නැතුව කියවන කෙනෙක්ට තමයි මේ ලිපිය.

1933 ජූලි 15 වෙනිදා කුදල්ලුර් නම් පුංචි ගමේ උපත ලබපු මෙතුමා ,දරුවන් 4 දෙනෙකුගේ පවුලේ ඉන්න බාලම කෙනා. එයාගේ දෙමාපියන් වෙන්නේ T. නාරායන් නායිර් හා අම්මලු අම්මා. ඔහු මූලික අධ්‍යාපනය හැදෑරුවේ මලමක්කවූ ප්‍රාථමික විදුහලේ හා කුමරනේල්ලූර් උසස් පාසලෙන්. ඔහු රසායනික විද්‍යා උපාධිධාරියෙක්. ඔහු ගණිත ගුරුවරයෙක් විදිහට පට්ටම්බි හා චවක්කඩ් උසස් පාසලේ අවුරුද්දක් ඉගැන්වූ එතුමා පලක්කඩ් වල M.B. Tutorial Collage හි අවුරුද්දක් සේවය කළා. (1955-1956)

ඔහු ග්‍රාම සේවකයෙක් විදිහට කන්නුර් වල ටලිපරම්බා වල වැඩ කළා. සති කිහිපයකට පස්සේ ඔහු කොසිකෝඩ් වල පුවත්පතක් වෙන Mathrubhumi Weekly වල උප සංස්කාරක වරයෙක් විදිහට ඔහු වැඩ කළා.

ඔහු රචකයෙක්, චිත්‍රපට තිර රචකයෙක්, අධ්‍යක්ෂක වරයෙක් වගේම ගුරුවරයෙක්. ඔහු රචකයෙකු ලෙස සිය දිවි මග ආරම්භ කලේ අවුරුදු 20දි. ඒ වගේම චිත්‍රපට තිර රචනයෙන් වගේම අධ්‍යක්ෂක වරයෙක් විදිහට 61ක් (තිර රචනයෙන් 54ක්, අධ්‍යක්ෂණයෙන් 7ක්) කරලා තියෙනවා.ඒ වගේම ලේඛකයෙක් විදිහට නවකතා 9ක්, කෙටි කතා 19ක් ළමුන් වෙනුවෙන් කතා 3කුත් ඇතුළු ගොඩක් දේවල් මලයාලම් සාහිත්‍යයට කරලා තියෙනවා.

Manorathangal කියන්නේ මොකක්ද? (Main Topic 2)

Manorathangal කියන්නේ නාට්‍යමය කතා මාලාවක් වගේම කෘතියක්. මෙහි කොටස් 9ක් තියෙනවා. මේ කොටස් 9ම පාදක වෙන්නේ වාසුදේවන් නායිර් විසින් රචනා කරපු කෙටි කතා 9ක්. කෙටි කතා 9 ගැන කිවහොත්..

1: Olavum Theeravum (අද උපසිරැසි දෙන කොටස)
2: Kadugannawa; Oru Yathra Kurippu
3: Kazhcha
4: Silalikhitham
5: Vilpana
6: Sherlock
7: Kadal Kattu
8: Abhayam Thedi Veendum
9: Swargam Thurakkuna Samayam

විශේෂම දේ මේ කෙටි කතා 9ම අධ්‍යක්ෂකවරුන් 8 දෙනෙක්ගේ අධ්‍යක්ෂණයෙන් වගේම සංගීත
අධ්‍යක්ෂණයෙන් 7 දෙනෙක් සංගීතය සපයන එක.

මිනිත්තු 402 ක කාලයක් මේ සම්පුර්ණ කතා මාලාවේම අන්තර්ගතයි. මෙහි ප්‍රධාන නිෂ්පාදනය Saregama හා Newsvalue Productions විසින් කලේ. (ඒ එක කොටස් එක් එක් නිෂ්පාදන ආයතනයන් කරන්නේ.) මෙහි IMDB අගය 6.6/10ක්.

(Caption: කතා මාලා 9හිම අධ්‍යක්ෂකවරුන්, සංගීතය සපයපු අය වගේම කැමරාකරණ හා සංස්කාරක වරුන්ගේ ලැයිස්තුව – wikipedia.com)

මෙය අන්තර්ජාලයට මුදා හරින ලද්දේ අගෝස්තු 15 වෙනිදා ZEE5 OTT Platform එකෙන්.

මෙම කොටස් 9යෙහිම කතාව ඉදිරිපත් කරන්නා විදිහට සිටින්නේ උලගනායගන් කමල් හාසන්.

කතාව: මේ කොටසින් යන්නේ වේනු ගෝපාල් නමැති මාධ්‍යවේදියෙක්ගේ ශ්‍රී ලංකා ආගමනයත් එයාගේ සුළු සහෝදරිය යයි සලකන ලීලා යන කාන්තාව සොයා යාම පිළිබද එයාගේ සටහනක්. මෙයත් මේ කතා මාලාවේ නිර්මාතෘගේ තවත් අත්දැකීමක් බව ඔහුම සදහන් කරනවා.

රංගනයෙන්: Mammootty as P. K. Venugopal (මලයාලම් මෙගාස්ටාර්) Vineeth as Achan Anumol K. Manoharan as Ammalu Aarish as Young Venugopal Nilja K. Baby as Young Cheriyamma Ziya Ul Hassan as Ashley Sankar Induchoodan as Achan’s friend Manohari Joy as Muthassi Sumesh Moor as Malli Prarthana as Leela Savithri Sreedharan as Cheriyamma

මෙම කොටසේ අධ්‍යක්ෂණය රන්ජිත් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය බිජිබල් ගෙන්. මේකේ විශේෂම කාරණය තමයි මේ කෙටි චිත්‍රපටය නිර්මාණය කලේ කොළඹ, කඩුගන්නාව ආශ්‍රිත ප්‍රදේශ වල. ඒ වගේම මෙහි සිංහල බසින් කතා කරන කොටසක් අඩංගු වෙනවා. නමුත් එය හාඩකැවීම් වලින් කරපු කොටසක් බව පෙනී යනවා.

Ratings: IMDB: 8.1/10

සැ.යු: වෙබ් අඩවියට ලබාදුන් පිටපතේ භාෂා 5ක් අන්තර්ගත වේ. මෙම සිරිස් එකේ ඔරිජිනල් භාෂාව මලයාලම් වන අතර මෙහි දෙමල, තෙලිගු, කන්නඩ හා හින්දි භාෂාවන්ද අඩංගු වන බව කරුණාවෙන් සලකන්න.

මෙහි උපසිරැසි ගැන්වීම මලයාලම් බසට අදාලව සිදු කල බව කරුණාවෙන් සලකන්න.

ඔයාලගේ අදහස් හා අඩුපාඩු කොමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා. තවත් කොටසකින් යලිත් හමුවෙන තුරු ඔයාලට සුබ දවසක්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


20
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login