Madharaasi (2025) Sinhala Subtitles
Madharaasi (2025) Sinhala Subtitles
8.5
91

Madharaasi (2025) Sinhala Subtitles | “අවි සංස්කෘතියට එරෙහි මදුරාසිකාරයා” | සිංහල උපසිරැසි සමඟ

(Madharaasi (2025) Sinhala Subtitles) (Madharaasi (2025) Sinhala Subtitle) (Madharaasi (2025) Sinhala Sub) (Madharaasi Sinhala Subtitles) (Madharaasi Sinhala Subtitle) (Madharaasi Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම ❤️

ඔන්න ඉතින් මේ අවුරුද්දේ ආපු තවත් අතිසාර්ථක වගේම මේ වෙනකොට තිරගත වෙමින් පවතින ෆිලුමකට උපසිරැසි අරන් තමයි අපි අද ආවේ…

ඇත්තටම මේ අවුරුද්දේ ලොකු ලොකු අධ්‍යක්ෂකවරු, ලොකු ලොකු තරු යොදාගෙන කරපු ගොඩක් ෆිල්ම් Overhype වෙලා හිතුවේ වත් නැති විදියට අසාර්ථක වුණා.. ඉතින් ඒවගේ කාලෙක ගොඩක් දෙනෙක් බලාපොරොත්තු නොවුන විදියට තමයි මේ ෆිලුම ප්‍රේක්ෂකයෝ අතරට යන්නෙ.. ඇත්තටම හොද මට්ටමේ චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.. Action & Thriller කියන ශානයරයට අයත් මේ දමිළ චිත්‍රපටය නිකුත් වුනේ 2025 සැප්තැම්බර් 5 වෙනිදා.. මෙහි අධ්‍යක්ෂකතුමා අපි කවුරුත් දන්න A. R. Murugadoss මහත්තයා.. ඔන්න කාලෙකට පස්සේ මිනිස්සුන්ගෙන් හොද අහනවා.. මොහුගේ කලින් ආපු Sikandar, Indian 2 ෆිල්ම් දෙකම අසාර්ථක උනානේ.. ඇත්තටම මොහුගේ නළු නිලියන් තෝරාගැනීම අති සාර්ථකයි, අරන් තිබ්බ හැම කෙනාම වගේ උපරිම සදාරණයක් කරලා තිබුනා.. හොද අධ්‍යක්ෂණයක්‌ ❤️

First Half එක කොමඩි අනම් මනම් එක්ක කලවමේ ගියා වගේම Second half එක සම්පුර්ණයෙන්ම ඇක්ෂන් වලට මුල් තැන දීලා තිබුනා.. ස්ටෝරි එකේ නම් පොඩි යල් පැනපු ගතියක් තිබ්බත් වැඩේ යසට තිබුනා.. සමහර තැන් වල ත්‍රිල් එක නැතුව ඉස්සරහට වෙන දේ හිතාගන්න පුළුවන් මට්ටමේ තිබුණු එක නම් අපරාදයක් 🥲

ඊටපස්සේ මියුසික් පැත්ත ගැන කතාකරොත් මේ දවස් වල මියුසික් ඩිරෙක්ටර්ස් ල අතරින් පීක්ම ලෙවල් එකේ ඉන්න චරිතය “අනිරුද්” තමයි මේකෙ සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.. මරු BGM ටිකක් තිබුනා.. ඒ සේරම අතරින් විද්‍යුත්ට දීලා තිබුන BGM එකට තමයි වැඩියෙන්ම හිත ගියෙ.. හැබැයි අනී, Coolie, leo, master වගේ ෆිල්ම් වලට දීලා තිබ්බ පිස්සු හැදෙන මියුසික් එක්ක බලද්දී මේකෙ පොඩි මදි ගතියක් නොතිබුනාම නෙවෙයි.. ඒකට හේතුව ඉතින් එයාලා මාස් ඇක්ටර්ස්ල වීම කියලත් හිතෙනවා.. මොකද ඒවයි මේවයි දෙකක් නේ.. සින්දු වලට නම් සුපිරි කියන්න බෑ ඇත්තටම, ඔලුවට යන එක සින්දුවක් වත් තිබ්බේ නෑ 🥲 ඒවා සාමන්‍යයි 🥲

භාෂාව – දමිළ
ධාවන කාලය – පැය 2 විනාඩි 40

ශිවකාර්තියන්

ඔන්න ඉතින් ගිය අවුරුද්දේ Amaran වගේ අතිසාර්ථක සුපිරියක් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට ලබාදීලා, මේ අවුරුද්දෙත් එයට හාත්පසින්ම වෙනස් තවත් සුපිරියක් දීලා තියෙනවා අපේ ශිවා.. Amaran සහ මේක සැසදීමක් කලොත් රංගන පරාසයේ යම්කිසි වෙනසක් දකින්න ලැබෙයි.. කොහොමහරි මාරම පිටපත් තෝරාගැනීමක් තියෙන පට්ට නළුවෙක්.. මෙයාගේ මීට කලින් ආපු ෆිල්ම් 5 දිහා නිකමට බැලුව 5 පස් ආකාරයක්.. ඒවගේම ලැබෙන චරිත වලට උපරිම සාදාරනක් කරන දක්ෂයෙක්.. Maan Karate ෆිලුම කරන කාලේ ඉදලම ශිවාට හීනයක් තිබ්බලු මුරුගදාස් සර් එක්ක ෆිල්ම් එකක් කරන්න.. ඉතින් ඒ වෙනුවෙන් ඔහු ගොඩක් මහන්සි වුණා වගේම ඒ හීනයත් හැබෑ කරගත්ත කියලා ඔහු කියනවා.. සම්පුර්ණයෙන්ම ඇක්ෂන් හීරෝ කෙනෙක් විදියට පොරව පෙන්නන්නේ නැතුව පොඩි කොමඩි ගතියකුත් පොරගේ කැරැක්ටර් එකට දීලා තිබුනා.. මොකද ශිවාගේ කොමඩි නැත්තම් ඒ ෆිලුමෙන් වැඩකුත් නෑ ❤️

විද්‍යුත් ජම්වාල්

එකෙන්ම වැඩ්ඩෙක්.. මේ වෙනකොට දමිළ චිත්‍රපට 4කට පමණයි රංගනයෙන් දායක වෙලා තියෙන්නෙත් ඒ අතරින් දෙකක්ම මුරුගදාස් අධ්‍යක්ෂකවරයාගේ වීමත් විශේෂත්වයක්.. ෆිල්ම් එක පුරාවටම විද්‍යුත්ව යොදාගෙන තිබ්බේ ඇක්ෂන් වලට විතරයි.. පලවෙනි ෆයිට් එක සහ අන්තිම ෆයිට් දෙකම ගින්දර.. උපරිම සදාරණයක් කරනවා වගේම බලන් ඉන්න ආස හිතෙන ලස්සන ඇක්ෂන් මූමන්ට්ස් ටිකක් තියෙනවා මෙයාගේ 🔥 විද්‍යුත්ගෙන් වැඩ අරන් තිබ්බා මදි වගේ ගතියකුත් දැනුනා.. මොකද දෙබස් උනත් තිබුනේ බොහොම අඩු ප්‍රමාණයක්.. අතින් පයින්ම තමයි කතා කරේ 😁

රුක්මිණි වසන්ත්

ශිවාට පස්සේ වැඩිම තිරකාලයක් හිමි උනේ ඇයට.. මේ වෙනකොට හින්දි, තෙලුගු, කන්නඩ, දමිළ සියළුම භාෂා වල චිත්‍රපට සදහා රංගනයෙන් දායක වෙලා තියෙන දක්ෂ නිලියක්.. මේ අවුරුද්දේ ආපු සේදුපතිගේ Ace ෆිල්ම් එකේ නිකන් තියලා තිබ්බ රුක්මිණිගෙන්, මුරුගදාස් සර් නම් වැඩක් අරන් තිබුනා.. නියම රංගනයක්.. ශිවා එක්ක එකතුවෙලා ලස්සනට ෆිලුම ඇදගෙන ගියා ❤️

බිජූ මෙනන් 

මලයාලම් නළුවෝ සාමන්යෙන් දමිළ සිනමාවට ඇවිල්ල අසාර්ථක වෙලාම නෑ.. කොහොමහරි තමන්ගේ වැඩේ අකුරටම ගොඩ දානවා.. රැජිනිගේ කුලී එකේ සොබින් ගෙනුත් අපි ඒක දැක්ක නේ.. ඉතින් බිජූ මෙනන් මේකෙදි දෙනවා ගින්දර ඇක්‌ට් එකක් ❤️ ලොකුවට සද්ද බද්ද කියවිලි මොකුත් නෑ.. ලස්සනට ශිවා එක්ක වැඩේ ඇදගෙන ගියා.. අති සාර්ථකයි ඔහුත් ❤️

කතාව පැත්තට ගියොත්,

අවි ආයුධ වටා තමයි කතාව දුවන්නේ.. ඉන්දියාවේ තියෙන සින්ඩිකේට් එකක් තුවක්කු කන්ටේනර් 5ක්‌ ගෙන්නනවා.. මේවා ගෙන්නන්නේ මුළු ඉන්දියාව වටේම බෙදාහරින්න හිතාගෙන, තුවක්කු කියන දේත් මිනිස්සු අතරේ සාමන්‍ය දෙයක් කරන්න තමයි ඔවුන්ගේ උත්සාහය.. හිතන්නකෝ හැම මනුස්සයෙක් අතේම තුවක්කුවක් තිබ්බොත් ඒ රටට මොකක් වෙයිද කියලා.. ඉතින් ඒක නවත්තන්න ඉන්දියාවේ NIA එක එහෙමත් නැත්තම් National Investigation Agency එක ලොකු උත්සහයක් දරනවා.. ඉතින් මේ නිසා නිලධාරීන් ගොඩකට ජිවිතේ පවා පූජා කරන්න සිද්ද වෙනව.. ඔන්න එතකොට තමයි මේ NIA එකේ ප්‍රධානියට රගූව හම්බවෙන්නේ.. ඉතින් මෙයා රගූව යොදාගෙන ගේමක් ගහන්න හදන්නේ.. වැඩේ අතරමගදි තමයි දැනගන්නේ රගූ කියන්නෙ අවුරුදු දෙකකට කලින් සාමන්‍ය තත්වයට හැරුණු මානසික රෝගියෙක් කියලා.. රගූ තමන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සුදානම්.. රගූ එක්ක තියෙන ප්‍රශ්නෙකට ඔහුගේ ආදරවන්තියව ඝාතනය කරන්න උත්සහ කිරීමත් එක්ක තමයි මේ මුළු ආයුධ ජාවාරම් කල්ලියටම විනාශය උදාවෙන්නේ..

මානසික අස්ථායි කෙනෙක් යොදාගෙන මෙහෙයුමක්.?

රගූ ගේ ආදරවන්තියට මේ කල්ලිය අත තිබ්බේ ජීවත් වෙලා ඇති වෙලාද.?

සමයෙන් තියෙන රටක හැම මනුස්සයෙක් ගේ අතටම තුවක්කුවක් ලැබුනොත්.?

විශේෂයෙන්ම අපේ සබ් වලට Covers වගේම පෝස්ට් හදල දෙන උචිනි පෙරේරා අක්කව අනිවාර්යෙන් මතක්‌ කරන්න ඕන 🤍 ඒ තරම් කොලිටියට වැඩේ කරලා දෙනවා හැමදාමත් 🤍 එයාට තරම් මේ වැඩේ කාටවත් බෑ ඉතින් 🤗💜

බලන්න අනිවාර්යෙන්ම බලන්න ❤️ ගිහින් එන්නම් ජයවේවා ❤️

උපසිරැසිකරණය පීටර් බාත්ලට් සහා ශාන් සසංග (ශානා) 

 

මෙම සිංහල උපසිරැසිය ලබාදී ඇත්තේ HQ PreDvd (CAM) පිටපත් සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDCAM
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


448
Total Subtitles

One comment

  1. ස්තූතියි පීටර් අයිටයි ශානටයි මේකට සිංහල සබ් දුන්නට….
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එක ඕනේ එහෙනං…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login