(Maa (2025) Sinhala Subtitles) (Maa (2025) Sinhala Sub)
(Maa (2025) Sinhala Subtitles) (Maa (2025) Sinhala Subtitle) (Maa (2025) Sinhala Sub)
සුභ දවසක් හැමෝටම!
2025 වසරේ නිකුත් කරන ළද Maa කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන මිථ්‍යා-භීතිජනක චිත්‍රපටයක්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vishal Furia විසින්.
ලේඛකයන් ලෙස Ajit Jagtap, Aamil Keeyan Khan, සහ Chaitanya Mohan දායක වෙලා තියෙනවා.
නිෂ්පාදනය කරලා තියෙන්නේ Ajay Devgn Ffilms සහ Jio Studios සමාගම් විසින්.
චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට Kajol, Yaaneea Bharadwaj, Dibyendu Bhattacharya, සහ Roopkatha Chakraborty රංගනයෙන් දායක වෙනවා.
සහායක චරිත වශයෙන් Ronit Roy, Indraneil Sengupta, Surjyasikha Das, Jitin Gulati, Vibha Rani, Naveen Jagbir Sandhu, Kherin Sharma, Gopal Singh වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා.
ඉතින්, මේ චිත්‍රපටය 2025 වසරේ ජුනි 27 වනදා නිකුත් වුනා. චිත්‍රපටයේ කාල සීමාව පැය 2යි මිනිත්තු 13යි.
දැන් අපි යමු ෆිල්ම් එකේ කතාව දිහාට..
ඉතින් මේ චිත්‍රපටය Shaitaan (2024) චිත්‍රපටයේ ලෝකයට සම්බන්ධ වෙන spin-off එකක්. කතාව, Ambika (Kajol) කියන මව සහ ඇගේ දියණිය Shweta (Kherin Sharma) වටා තමයි තියෙන්නෙ. රාක්ෂයෙකුගේ ශාපයකට එරෙහිව සටන් කරන මවක් කාලී දේවතාවිය බවට පරිවර්තනය වෙන ආකාරය ගැන තමයි ෆිල්ම් එකේ ඇතුළත් වෙලා තියෙන්නේ. භීතිය, රුධිරය සහ පාවාදීම් ඇතුළත් මේ කතාවේ රක්තබීජ් නමින් සඳහන් වන අංශුජා නමැති යක්ෂයා නැවත උපන් කතාව ඇතුලත් වෙලා තියෙනවා.
ඉතින්, හින්දි හොරර් චිත්‍රපටවලට ආස කරන අයට අනිවාර්යයෙන්ම නරඹන්න කියලා ආරාධනා කරනවා.
අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022