The title of the page
Love Next Door (2024) S01 E05 Sinhala Subtitles
Love Next Door (2024) S01 E05 Sinhala Subtitles
8.5

Love Next Door (2024) S01 E05 Sinhala Subtitles | “නැවත යන්න” | සිංහල උපසිරැසි සමඟ

(Love Next Door (2024) Sinhala Subtitles) (Love Next Door (2024) Sinhala Subtitles) (Love Next Door Sinhala Subtitles) (Love Next Door Sinhala Sub) (Love Next Door (2024) Korean Drama Sinhala Subtitles) (Love Next Door (2024) Korean Drama Sinhala Subt) (Love Next Door Korean Drama Sinhala Subtitles) (Love Next Door Korean Drama Sinhala Sub)

“엄마친구아들” නැත්නම් “අම්මගෙ යාලුවගෙ පුතා” එහෙමත් නැත්නම් අපි කවුරුත් දන්න නම “Love Next Door” කතාමාලාව අගෝස්තු 17 වෙනිදා සිට tvN ඔස්සේ විකාශය ආරම්භ වෙනවා. කතාංග 16කින් සමන්විත වෙන මෙය Comedy, Romance වර්ගීකරණයන්ට අයත් වෙනවා. මෙය Shin Ha-eun විසින් රචනා කර ඇති අතර Yoo Je-won විසින් අධ්‍යක්ෂණය කර තිබෙනවා. Hometown Cha-Cha-Cha කතාව ඔයාලට මතක ඇතිනෙ. අන්න ඒක මේ දෙන්නගෙ එකතුවෙන් නිර්මාණය වුවක්. Abyss,Crash Course in Romance, The King: Eternal Monarch, Hi Bye Mama!, Tomorrow with You, Oh My Ghost වගේ සුප්‍රසිද්ධ රසිකයන් ආදරයෙන් වැළදගත්ත කතා අධ්‍යක්ෂණය කලෙත් Yoo Je-won විසින් වීම විශේෂත්වයක්. ඒ වගේම කතාව ලස්සන වෙයි කියලා බලාපොරොත්තු තියාගන්නත් හොඳ සාධකයක්. Love Next Door කියන්නෙ තමන් අකමැති ජීවිතය වෙනස් කරන්න කැමති කෙල්ලෙකුයි එයාගෙ ලැජ්ජා සහගත ළමා කාලය ගැන හොඳින් දන්න අම්මගෙ යාලුවෙක්ගෙ පුතෙක් ගැන කියවෙන කතාවක්. 

Love Next Door (2024)

Jung Hae-in, Choi Seung-hyo ලෙස

Choi Seung-hyo කියන්නෙ Bae Seok-ryu ගේ අම්මගෙ යාලුවගෙ පුතා. “The Architecture Atelier In” එකේ ප්‍රධාන විධායක නිලධාරීයා වගේම අවධානයට වෙන තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන Choi Seung-hyo දක්ෂතා හැකියා වලින් විතරක් නෙවේ පෙනුමෙන් වගේම පෞරුෂයෙනුත් පරිපූර්ණ නිසා එයා හැම කෙනෙක්ගේම ආදරයට පාත්‍ර වෙනවා. එයාගෙ ජීවිතයේ එකම අඳුරු අතීතය තමා Bae Seok-ryu කියන්නෙ.

Jung So-min, Bae Seok-ryu ලෙස

Bae Sorghum කියන අන්වර්ථ නාමයෙන් හඳුන්වන Bae Seok-ryu යනු දෙවියන්ගේ සේවා ස්ථානය කියලා හඳුන්වන ගෝලීය සමූහ ව්‍යාපාරයක නිෂ්පාදන කළමනාකරුවෙක්. එයාට හදිස්සියේම හැම දෙයක්ම එපා වුන නිසා හැමදේම අතෑරලා එයා උපන් ගමට ආපහු එනවා.

Kim Ji-eun, Jeong Mo-eum ලෙස

Jeong Mo-eum  කියන්නෙ Bae Seok-Ryuගෙ වගේම Choi Seung-hyo ගේ පොඩිකාලෙ ඉදන්ම යාලුවා. මේ තුන් දෙනා හොඳට අදුනන නිසා Seok-Ryuගෙ වගේම Seung-hyo ගෙ අඳුරු ඉතිහාසය ගැන අනිත් අයට වඩා හොදට දන්නවා. එයා 119 පරිපූරක වෛද්‍යවරියක්. ඒ එයා පොඩි කාලෙ එදන්ම මිනිස්සුන්ගෙ ජීවිත බේරලා වීරවරියක් වෙන්න හීන දැකපු නිසා. එයා ඒ ගැන ලොකු ආඩම්බරයකින් ඉන්නෙ.

Yoon Ji-on, Kang Dan-ho ලෙස

Kang Dan-ho කියන්නෙ කරුණු පස්සෙ විතරක් හඹා යන දක්ෂ වාර්තාකරුවෙක්. විශ්වාසයෙන් වගේම වගකීමෙන් ශක්තිමත් කෙනෙක් වෙන  Dan-ho කියන්නෙ අනපේක්ෂිත වෙනස්කම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන කෙනෙක්.

අම්මගෙ යාලුවගෙ පුතා

Choi Seung Hyo කියන්නෙ කොරියාවේ වඩාත්ම කැපී පෙනෙන තරුණ ගෘහ නිර්මාණ ශිල්පියෙක්. එයා ගෘහ නිර්මාණ ශිල්පයට අදාල ආයතනයක් පවත්වාගෙන යනවා. එයා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් උනත්, Choi Seung Hyoට ඔහුගේ ජීවිතයෙන් මකලා දාන්න ඕනෙ කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ අවස්ථාවලට Bae Seok Ryu ගෙත් සම්බන්ධයක් තියෙනවා. එයාලගෙ වයස අවුරුදු හතරෙදි ඒ දෙන්නගෙ අම්මලා යාලුවො වෙනවා. Choi Seung Hyo වගේම Bae Seok Ryu  දෙන්නා ගොඩක් වෙලාවට කාලය ගත කළේ එකට. Seung Hyo Seok Ryu   එක්ක එකට කාන්තා නානකාමරයක නාන්නත් වෙනවා.කාලයගෙ අවෑමෙන් මේ දෙන්නා වැඩිහිටියො වෙනවා. Bae Seok Ryu ගේ ජීවිතයත් සුමටව ගතවෙලා යනවා. ඉස්කෝලෙ යනකොට එයා පන්තියෙ ඉහළම තැන ලබාගන්නවා. එයා කරන දේවල් උද්‍යෝගයෙන් ජවසම්පන්නව කරනවා. විශ්ව විද්‍යාලයෙන් උපාධිය ගත්තට පස්සෙ ලොකු සමාගමක රැකියාවකට යනවා. ව්‍යාපෘති කළමනාකරුවෙක් විදිහට වෙහෙස මහන්සි වෙලා වැඩ කළත් මොකක්දෝ හේතුවකට එයාට රස්සාවෙන් අයි වෙන්න සිද්ධ වෙනවා. රස්සාවක් නැති Seok Ryu ට එතනින් පස්සෙ තමා පොඩිකාලෙ ඉදන් දන්න එයාගෙ අම්මගෙ යාලුවා Choi Seung Hyoව මුණගැහෙන්නෙ.

සති අන්තයේදී විකාශය වෙන මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න චතුනිකා මංචනායක නංගිත් එකතුවෙනවා. එහෙනම් එයාටත් ස්තූතියි කරන ගමන් ඔයාලටත් කතාව රසවිඳින්න එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.

 ✒️ උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


190
Total Subtitles

3 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  2. Ithuru episode tikatath sub tika genna . Jaya veva 🥳

  3. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සිස් උපසිරැසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login