The title of the page
Love Me If You Dare Sinhala Subtitle
Love Me If You Dare Sinhala Subtitle
7.6

Love Me If You Dare (2024) Sinhala Subtitles | “ඔයාට එයාව දෙපාරක් දකින්න බෑ..!!” | සිංහල උපසිරැසි සමඟ

(Love Me If You Dare (2024) Sinhala Subtitles) (Love Me If You Dare (2024) Sinhala Subtitle) (Love Me If You Dare (2024) Sinhala Sub) (Love Me Sinhala Subtitle) (Love Me Sinhala Sub) (Love Me If You Dare Sinhala Subtitle) (Love Me If You Dare Sinhala Sub) (Love Me If You Dare 2024 Sinhala Subtitle)

ඕනම කතාවක් පටන්ගන්නකොට,
‘එකමත් එක කාලෙක’ කියලා පටන් ගන්නවා..
ඒත් මට එහෙම පටන් ගන්න බෑ.
මොකද කියනවනම් මගේ කතාව, තාමත් පටන්ගෙන නෑ..
මිනිස්සු බය කරන හොල්මන් කතා ගොඩක් තියනවා..
ඒත් හොල්මනකට ආදරේ කරපු මනුස්සයෙක්ගේ කතාවක්, කවදා හරි අහලා තියනවද?

සුබ දවසක් හැමෝටම..

ඔන්න අදත් තවත් අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසිය අරගෙන ආවා..අද අරගෙන එන්නේ 2024 මැයි 25 වෙනිදා තිරගත වීම ආරම්භ කරලා ඊයේ දවසේ OTT වෙතට මුදා හැරුණු Love Me If You Dare (2024) කියන තෙළිඟු චිත්‍රපටය..

Love Me If You Dare (2024) - IMDb

ඉතින් මේ චිත්‍රපටයේ කතාව සහ අධ්‍යක්ෂණය Arun Bhimavarapu අතින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ..ඒ වගේම Harshith Reddy, Naga Mallidi කියන අය විසින් තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරලා තියෙන්නේ.. Romantic / Thriller / Horror කියන කාණ්ඩ වලට අයිත් මේ චිත්‍රපටය මේ වෙද්දි IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියනවා..

කාස්ට් එක පැත්තට හැරුණොත් මේ චිත්‍රප⁣ටයේ ප්‍රධාන චරිත දෙක වෙන අර්ජුන් සහ ප්‍රියා කියන චරිත දෙක 2022 වසරේ නිකුත් වුණු Rowdy Boys තෙළිඟු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වපු Ashish Reddy සහ ගිය අවුරුද්දේ නිකුත් වුණු දැනටත් ගොඩ දෙනෙක් අතරේ ජනප්‍රිය චිත්‍රපටයක් වෙන Baby චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වුණ Vaishnavi Chaitanya විසිනුත් රඟදක්වනවා..ඊට අමතරව Ravi Krishna, Simran Choudhary, Rajeev Kanakala වගේ තවත් නලු නිළි පිරිසක් වගේම Samyuktha Menon ගේ Cameo එකකුත් මේ චිත්‍රපටයෙදි දැකගන්න ලැබෙනවා..Samyuktha⁣ ගේ Cameo එක ෆිල්ම් එකේ අවසානේ වෙනම පැත්තකට හරවනවා ඔයාලට බලාගන්න ලැබෙයි..😁

Love Me Telugu Movie Weekend Box Office: No Noise, No Money

කතාව ගැන කියනවනම් කතාව පටන් ගන්නේ එක ගමක් මැද්දේ තියන එක බංගලාවකින්..මේ බංගලාවේ ජීවත් වෙන්න එක ජෝඩුවක් ආවත් ඒ දෙන්නගෙන් පිරිමි කෙනාව විතරයි ගමේ මිනිස්සු දැකලා තියෙන්නේ..ඒ ගෑණු කෙනා කවමදාවත් කාටවත් පේන්න ඇවිත් නෑ..ඒ නිසා ගමේ මිනිස්සු ඒ ගෙදර දිහා බලන්නවත් බයයි..ඒකට තවත් හේතුවක් වෙන්නේ හැමදාම රෑ 8ට මේ බංගලාවෙන් එලාම් සද්දයක් ඇහෙනවා..ඊට පස්සේ හරියටම පැයක් මේ බංගලාවේ ඉන්න කාන්තාව හොඳටම අඬනවා..හැබැයි හරියටම පැයයි..ඒත් අවුරුදු 6කට පස්සේ දවසක් රෑ අටට මුලු ගමම නිහඬ වෙනවා..මිනිස්සුන්ටත් මේක ලොකු පුදුමයක්..ඉතින් ඒ පුදුමය බයක් බවට පත් කරමින් කවදාවත් අර බංගලාවෙන් එළියට ආව නැති කාන්තාව සිරුරට ගිණි තියාගෙන බංගලාවෙන් එළියට එනවා..ඉතින් ඒ කාන්තාව ඒ විදියට සියදිවි නසාගන්නවා..ඔය අතරෙම ඊට දවසකට වගේ පස්සේ ගමේ අයට එයාගේ මහත්තයත් බංගලාව ඇතුලේ මැරිලා ඉඳලා හම්බවෙනවා..ඉතින් මේ වෙලාවෙම ගමේ අය තිගැස්සිලා යන දෙයක් දකිනවා..ඒ තමයි මේ බංගලාවේ පුංචි ගෑණු දරුවෙක් ඉන්නවා..ඒ වෙන කවුරුත් නෙවෙයි..මේ අත්භූත ජෝඩුවගේ දියණිය..ඉතින් ඒ දරුවව පොලීසියට භාරවෙනවා..කොහොමින් කොහොම හරි කාලය ගෙවුණම අපේ කතා නායකයා වෙන අර්ජුන් වගේම අර්ජුන් එක්කම එකට ඉන්න ප්‍රතාප් කතාවට ප්‍රවිශ්ට වෙනවා..

අර්ජුන් වගේම ප්‍රතාප් කියන්නේ අත්භූත දේවල් නෑ කියලා ඔප්පු කරන පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් කරන යූටියුබ් චැනල් එකක් කරගෙන යන දෙන්නෙක්..ඉතින් ඔහොම ඉද්දි මෙයාලට ඕන වෙනවා අතීතෙදි වුණ අර පොඩි ගෑණු ළමයා හම්බුණ සිද්ධිය ගැන හොයන්න…ඉතින් මේ ගැන ප්‍රතාප් එයාගේ පෙම්වතිය වුණ ප්‍රියාට කියලා කියාගේ උදව් බලාපොරොත්තු වෙනවා…ඉතින් අර්ජුන්ටයි ප්‍රතාප්ටයි මේ පොඩි ගෑණු ළමයා ගැන හොයන්න හේතුවක් තියනවා..

  • ඒ හේතුව මොකද්ද?
  • අර්ජුන්, ප්‍රතාප්, ප්‍රියා කොහොමද මේ සිද්ධි එක්ක සම්බන්ධ වෙන්නේ ?
  • ඇත්තටම මොකද්ද මෙතන වෙන්නේ?

මේ වගේ ප්‍රශ්න වැලක්ම ඔයාලට මේ චිත්‍රපටය නරඹද්දි ඇතිවෙයි..මම මේ කියලා තියෙන්නේ මුල් විනාඩි කීපය ඇතුලේ යන පොඩිම පොඩි කොටසක්..ඒත් මේක නෙවෙයි මේ කතාවේ තියන හොඳම කොටස..ඒක ඔයාලට නරඹන්න ඉඩ ඉතුරු කරලා තමයි මම චිත්‍රපටයට පොඩි ප්‍රවේශයක් අරගෙන දුන්නේ…ඉතින් විනාඩි 128ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව ලොකු කුතුහලයක් එක්ක මේ චිත්‍රපටය ඔයාලට නරඹන්න පුලුවන්..ඉතින් එහෙනම් ඔයාලත් චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහළින් කමෙන්ට් කරගෙන යන්න..

Love Me Trailer: A Bold New Romance with a Supernatural Twist

තවත් අලුත් චිත්‍රපටයක උපසිරැසියකින හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා.. හැමෝටම,

ජය..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අංජුල උමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අංජුල උමේෂ්

August 23, 2019


95
Total Subtitles

8 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    Gammac Sudda ❤️😍

  2. එක නම් බලන්නම ඔන thank brother sub ekata….💚💚💚🖤🖤

  3. D.Y.Yasindu Navodh

    Thank you for the sub

  4. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සහෝ සබට

  5. චූටි කිටියා 🥰🥰

    Visthare dakkama nobala inna ba vage 👌😁😁😁😁🔥🔥🔥🔥❤️

  6. Milinda Sandaruwan

    සබට බොහෝම ස්තුතියි ❤

    Gam Gam Ganesha 2024 Telugu
    Jai Ganesh 2024 Malayalam

    මේ ෆිල්ම් දෙකටත් සබ් ඕනේ ඉක්මනින්ම ❤ ජය

  7. ගිහාන්

    Good ❤️❤️🫰🫰🫰🫰🫰

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login