The title of the page
Love & Death (2025) E02 Sinhala Subtitles
Love & Death (2025) E02 Sinhala Subtitles
7.5
63
75

Love & Death (2025) E02 Sinhala Subtitles | ”නැවත නැවතත්” | සිංහල උපසිරැසි සමඟ (18+)

කොහොමද කට්ටියට… මේ අරන් ඇවිල්ලා තියෙන්නේ 2023 අවුරුද්දේ HBO max හරහා නිකුත් වුණ එපිසෝඩ්ස් 7 කින් සමන්විත Biographical Crime Drama මිනි සීරිස් එකක්.. මේ තමයි “Love & Death”. Drama කියන කැටගරියට ප්‍රධානව අයත් වුණත් Crime සහ Mystery කියන කැටගරි වලටත් කෙළින්ම මේ කතාව ඇඩ් කරන්න පුළුවන්.. මේ මිනි සීරිස් එක IMDb දර්ශකයේ 7.5 ක හොඳ අගයකුත්, කුණු තක්කාලි 63% ක අගයකුත් ලබාගෙන තියෙනවා.. විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි මේ කතාව “සත්‍ය කතාවක් මත පදනම් වූ කතාවක්” කියන කාරණේ.

කතාව දිවයන්නේ ප්‍රධානව 1980 කාල පරාසය තුළ.. ඊට අමතරව 1970 ගණන්වලත් සමහර කොටස් නිරූපණය වෙනවා.. මම සීරිස් එකේ ප්ලොට් එක කියන්නම් ඔයාල මතක තියාගන්න සත්‍ය කතාවත් මේකම තමයි කියන එක.. ඒ කාලේ ඇමරිකාවේ ටෙක්සාස් වල ජීවත් වෙනවා “කැන්ඩි මොන්ට්ගෝමරි” කියලා මැදිවියේ ගැහැණු කෙනෙක්.. මෙයාගේ මහත්තයා තමයි “පැට් මොන්ට්ගෝමරි” මෙයාලා ඒ නගරේ දේවස්ථානේ කැපී පෙනෙන සාමාජිකයෝ.. ළමයි දෙන්නෙකුත් එක්ක ජීවත් වෙන මේ දෙන්නගෙන් පැට් කියන්නේ පාඩුවේ ජීවත් වෙන කාටවත් කරදරක් නැති කෙනෙක් සහ මෙයාගේ මේ ජීවන රටාව කැන්ඩි හෙවත් එයාගේ නෝනා දකින්නේ තමන්ගේ ලිංගික ජීවිතේට වෙන අඩුපාඩුවක් සහ මදිකමක් විදිහට.. මේ අතරේ කැන්ඩි ට හිත යනවා තමන්ගේ හොඳම යාළුවෙක් වෙච්ච “බෙටී ගෝර්” ගේ මහත්තයා “ඇලන් ගෝර්” ට. ඇලන් කියන්නෙත් අහිංසක මනුස්සයෙක් මෙයාට මුලින්ම කැන්ඩි ගේ ඉඟි තේරෙන්නේ නැතිවුණත් පස්සේ දෙන්නා එකඟ වෙනවා අනියම් සම්බන්ධයක් පටන් ගන්න.. අනියම් කියන්නේ “සෙක්ස්” මූලික කරගත්තු සම්බන්ධයක් මේක.. බෙටී කියන්නේ මානසික අවපීඩනයෙන් පෙළෙන ටිකක් අමුතු චරිතයක්.. කොහොමහරි කැන්ඩි-ඇලන් සම්බන්ධෙට අවුරුදු එක හමාරක් වගේ යනකොට හදිසියේ ආරංචි වෙනවා තමන්ගේ ගෙදරදිම මහ දවල් “බෙටී ගෝර්” ව පොරවකින් පහර දීලා කෑලි කෑලි කරලා චප්ප කරලා මරලා දාලා කියලා.. එසේ මෙසේ පහර දීමක් නෙමේ පොරෝ පාරවල් 41 ක් බෙටී ගේ ඇඟේ තිබිලා තියෙනවා.. කවුද මේ දේ කරේ කියන එක හොයාගෙන යනකොට ආරංචි වෙනවා බෙටී ව අන්තිමට පණපිටින් දැකලා තියෙන්නේ කැන්ඩි මොන්ට්ගෝමරි කියලා.. ඉතින් මේ සැකේ හරිද වැරදිද? ඇත්තටම කවුද මේ දේ කරේ? කරපු කෙනාට නීතියෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? කියන කාරණා තුන හරි ලස්සනට කතාව තුළ ගොඩනගනවා..

ලොව පුරා ඉමහත් ජනප්‍රියත්වයට පත්වුණු Big Little Lies, The Undoing, Boston Legal සහ Nine Perfect Strangers වගේ සීරිස් ගණනාවක්ම ලියපු David E.Kelley අතින් තමා මේ කතාවත් ලියවෙන්නේ.. අධ්‍යක්ෂණය කරන්නේ Lesli Linka Glatter සහ Clark Jhonson නම් අධ්‍යක්ෂකවරු.. ඊට අමතරව කතාවට ප්‍රේක්ෂක අවධානේ වැඩිවෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ සුප්‍රසිද්ධ හොලිවුඩ් නිළි “Elizebeth Olsen” ප්‍රධාන චරිතයෙන් රංගනයට දායක වීමයි. ඊට අමතරව

Elizabeth Olsen: කැන්ඩි මොන්ට්ගෝමරි
Jesse Plemons: ඇලන් ගෝර්
Lily Rabe: බෙටී ගෝර්
Tom Pelphrey: දොන් ක්‍රවුඩර්
Patrick Fugit: පැට් මොන්ට්ගෝමරි

ඇතුළු සත්‍ය චරිත ගණනාවක්ම මේකෙදි අපිට බලාගන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන සත්‍ය කතාවට පදනම්ව හදපු මේ සීරිස් එකේ මේ චරිතවල පෙනුම වගේම හැසිරීම් හොඳ මට්ටමෙන් නිරූපණය කරන්න හැකිවෙලා තියෙනවා. ඇක්ටින් වුණත් ඇත්තටම උසස් මට්ටමේ තියෙනවා හැම චරිතෙකම වගේ.. ඒ හින්දම 2023 British Academy Television Awards, Critics Choice Television Awards, Golden Globe Awards වගේම Primetime Emmy Awards කියන සම්මනා උළෙලවල් වලට එලිසබෙත් ඔල්සෙන් සහ ජෙසී ප්ලෙමන්ස් නිර්දේශ වෙලා තියෙනවා.

අන්තිමේට බලමු කතාවේ අන්තර්ගතය හින්දා අපි කොහොමද මේක රෙකමන්ඩ් කරන්නේ කියලා.. සීරිස් එකේ තියෙන සුළු ලිංගික දර්ශන සහ බහුල ලිංගික වචන භාවිතය හින්දා වගේම අධික ප්‍රචණ්ඩකාරී ඇතැම් දර්ශන හින්දා 18+ ලේබල් එක මේකට අලවන්න වෙනවා.. කතාවේ රසය රැකගන්න සමහර වචන ඇතුළත් කරන්න සිද්ධවුණා..

එහෙනම් මේ එපිසෝඩ්ස් 7 ක මිනි සීරිස් එක බලන්න රසවිඳින්න හැමෝටම ආරාධනා කරනවා.. ආ තව එකක්… අන්තිම එපිසෝඩ් එකේ අන්තිමට සත්‍ය ඉතිහාස කතාවේ දර්ශනත් එක්ක සාරාංශගත ඉදිරිපත් කිරීමක් සිදුවෙනවා.

සටහන: මලීෂ බණ්ඩාර

ජයවේවා!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මලීෂ බණ්ඩාර

February 3, 2024


97
Total Subtitles

One comment

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූථියි සහෝ සබට……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login