The title of the page
Lilo & Stitch (2025) Sinhala Subtitles
Lilo & Stitch (2025) Sinhala Subtitles
6.9
71
68

Lilo & Stitch (2025) Sinhala Subtitles | “ලීලෝ සහ ස්ටිච්” | සිංහල උපසිරැසි සමඟ

(Lilo & Stitch (2025) Sinhala Subtitles) (Lilo & Stitch (2025) Sinhala Subtitle) (Lilo & Stitch (2025) Sinhala Sub)

කතා සාරාංශය:

හවායි දූපත්වල සුන්දරත්වය මැද, තමන්ගේ ලෝකයේ තනිවුණු පුංචි කෙල්ලෙක්, ලීලෝ. ඇගේ එකම හයියට ඉන්නේ එයාගේ අක්කා, නානි. මේ දෙන්නාගේ පොඩි පවුල ගොඩක් ප්‍රශ්න මැද තමයි ගෙවිලා යන්නේ.

හරියටම මේ වෙලාවේ, ඈත මන්දාකිණියකින් පැනලා එන, හරිම දඟකාර, විනාශකාරී, ඒත් ඇතුළතින් ගොඩක් හොඳ හිතක් තියෙන පුංචි පිටසක්වලයෙක්, ‘පරීක්ෂණ 626’ හෙවත් ‘ස්ටිච්’, අහම්බෙන් වගේ පෘථිවියට කඩා පාත් වෙනවා. ලීලෝ හිතන්නේ මේ අමුතු සතා බල්ලෙක් කියලා. ඉතින් එයා ස්ටිච්ව එයාගේ සුරතලා කරගන්නවා.

එකිනෙකාට කිසිසේත්ම නොගැලපෙන මේ දෙන්නාගේ මිත්‍රත්වය, අවුල් ජාලාවක් වෙච්ච එයාලගේ ජීවිත කොහොම වෙනස් කරයිද? කැඩිලා බිඳිලා ගියපු පවුලකට ආදරය, සිනහව සහ ‘ඔහානා’ (Ohana) කියන වචනයේ ඇත්තම තේරුම හොයලා දෙන්න මේ පුංචි පිටසක්වලයාට පුළුවන් වෙයිද?

උපසිරැසිකරුගේ ඇසින්:

මේ සුන්දර චිත්‍රපටියට සිංහල උපසිරැසි ගන්වමින්, ඒ දෙබස් එක්ක පැය ගාණක් ගත කරපු කෙනෙක් විදිහට මට මේ ගැන කියන්න තියෙන්නේ මෙහෙමයි… ✍️

අපි හැමෝම ආදරේ කරපු 2002 ඇනිමේෂන් කාටූන් එකේ Live-Action එකක් කිව්වම මුලින්ම මටත් පොඩි බයක් තිබ්බා, ඒකෙ තිබ්බ ඒ සුන්දරත්වය මේකට ගේන්න පුළුවන් වෙයිද කියලා. ඒත් චිත්‍රපටිය බලන්න ගත්තට පස්සේ ඒ බය කොහෙන් ගියාද දන්නෙ නෑ. 😍 ඇත්තටම මේක හුදෙක්ම විහිලු කතාවක් විතරක් නෙවෙයි. තනිකම, පවුලේ වටිනාකම, අපි අතර තියෙන වෙනස්කම් භාරගන්න එක වගේ ගොඩක් ගැඹුරු දේවල් හරිම සංවේදීව, හදවතට දැනෙන්නම කතා කරනවා. ❤️

ලීලෝගේ චරිතයයි, ස්ටිච්ගේ දඟකාරකම් ටිකයි… ආයෙ කියල වැඩක් නෑ. 😂 ඒ දෙන්නා අතරේ ගොඩනැගෙන බැඳීම තමයි කතාවේ හදවත. හවායි දූපත් වල ලස්සන, කැමරාකරණය, සංගීතය හැමදේම උපරිමයි. 🏝🎶 උපසිරැසි කරනකොටත් සමහර තැන්වල හිනා යනවා, තවත් තැන්වල ඇස්වලට කඳුළුත් එනවා. ඒ තරම් ලස්සනට හැඟීම් සමබර කරලා තියෙනවා. මේක නිකන්ම චිත්‍රපටියක් නෙවෙයි, හදවතට කතා කරන අත්දැකීමක්. කිසිම තත්පරයක් කම්මැලි නැතුව බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම බලන්න! 👍🔥

ප්‍රේක්ෂක නිර්දේශය:

පවුලේ සැමට එකට එක්වී රස විඳිය හැකි, හිනාවයි කඳුළයි දෙකම පිරුණු සුන්දර නිර්මාණයකි. 👨‍👩‍👧‍👦

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලූෂ දිසානායක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දිලූෂ දිසානායක

April 16, 2025


75
Total Subtitles

4 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤ A S H

  2. Kavindu Nethmina
    Cineru_users

    Sub Ekata Thanks Bro

  3. සබ් එකට තෑන්ක්ස් සහෝ

  4. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි දිලූෂ මචං මේකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login