The title of the page
Light Shop (2024) S01 E04 Sinhala Subtitles
Light Shop (2024) S01 E04 Sinhala Subtitles
8.1

Light Shop (2024) S01 E04 Sinhala Subtitles | “පිටස්තරයො” | සිංහල උපසිරැසි සමඟ

(Light Shop (2024) Sinhala Subtitles) (Light Shop (2024)  Sinhala Sub) (Light Shop Sinhala Subtitles) (Light Shop (2024) Sinhala Sub) (Light Shop (2024) Korean Drama Sinhala Subtitles) (Light Shop (2024) Korean Drama Sinhala Sub)

Gangnam B-Side කතාමාලාවේ නිමාවෙන් පස්සෙ ඩිස්නි එකෙන් රිලීස් වෙන අලුත්ම ඩ්‍රාමා එකට උපසිරැසි අරගෙන ඔන්න මං ආයෙමත් ආවා.. සබ් හදන්න කියලා යෝජනාව ගෙනාව සමිත සහෝදරයටත් ස්තූති කරන ගමන් කතාමාලාවට අදාල විස්තර ගැන දැනුවත් වෙමු..

Ju Ji-hoon, Park Bo-young, Kim Seol-hyun, Bae Seong-woo, Uhm Tae-goo, Lee Jung-eun, Kim Min-ha, Shin Eun-soo, Park Hyuk-kwon වගේ සුප්‍රසිද්ධ නළු නිළියො පිරිසක් සිය රංගන දායකත්වය ලබා දෙන, ප්‍රවීන රංගන ශිල්පියෙක් වුන Kim Hee-wonගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන Light Shop එහෙම නැත්නම් “චොම්යොන් කාගේකියන කොරියන් නම් ලත් මෙය බදාදා දිනයන්වල විකාශයාරම්භ වීමට නියමිතයි. දකුණු කොරියානු වෙබ්ටූන් රචකයෙක් වෙන Kang Full ගේ Light Shop කියන වෙබ්ටූන් එක පාදක කොට ගෙන නිර්මාණය වූවක්. මෙහි තිරපිටපත් රචකයා වන්නේද ඔහු යි. බොහෝ අයගේ අවධානය යොමු වුන මේ කතාමාලාවට කතාංග 8ක් ඇතුලත්, පළමු සතියෙ කතාංග හතරක් වගේම ඉතිරි කතාංග හතර සති දෙකක් ඇතුලතදී Disney+ ඔස්සේ විකාශනය වීමට නියමිතව තිබෙනවා. Thriller, Mystery, Horror, Supernatural කියන වර්ගීකරණයන්ට අයත් මෙය කාගෙත් සිත් ඇඳ බැඳ ගන්න කතාමාලාවක් වන බවටනම් නොඅනුමානයි. හේතුව Kim Hee-won, Kang Full දෙන්නගෙ එකතුවෙන් නිර්මාණය වුන Moving කතාමාලාව ඔයාලට අමතක නැතුව ඇතිනෙ.

ඔන්න එහෙනම් යමු කතාව පැත්තට..

ඔයාට අමුතු කෙනෙක්ව හම්බුනොත්

ඔයාට එයාව නොදැක්කා වගේ ඉන්න වෙනවා

අමුතු දෙයක් දැක්කෙ නෑ වගේ ඉන්න

කොහොමටවත්, දැක්කෙ නෑ වගේ ඉන්න.

එයාලා මොකෙන්ද කොහොමද වෙනස්

නිකන්ම පේන්නෙ නෑ

කිට්ටුවෙන් ගොඩාක් කිට්ටුවෙන් බලන්න ඕනෙ

නාඳුනන අයගෙන් පරිස්සම් වෙන්න

අඳුරු පාළු අත්භූත පටුමගක් කෙලවරේ විඳුලි බුබුලු සාප්පුවල් තියෙනවා. ඒ පැත්තෙ රෑට ආලෝකයක් තියෙන්නෙ.. කෙනෙක්ට ඇතුලට එන්න දොර ඇරලා තියෙන එකම තැන තමා ඒ සාප්පුව.. අත්භූත මිනිස්සුම තමා මෙතනට එන්නෙ යන්නෙ.. එයායා එතනට යනකොට සාප්පුවෙ අයිතිකාරයා අහන්නෙ එකෙ දෙයයි..

කොහොමද මෙතනට ආවේ?

මේ පාළු අඳුරු පටුමගේ සැරිසරන් ගැවසෙන මිනිස්සු වගයක් ඉන්නවා. මේ මිනිස්සුද අවතාරද කියන එක මම දන්නෙත් නෑ.

එක පාරටම ඇට කැඩෙන සද්දයක් ඇවිල්ලා උස ගිහින් ආය යථා තත්වෙට පත්වෙන කෙනෙක්..

එතකොට ලේ පෙරෙන ගමන් මල්ලක් අතේ තියන් යන කෙනෙක්..

පාලු ගෙදරකට අලුතෙන් ආව තරුණ කාන්තාවක්..

 පටුමග දිගේ සින්දු කියාගෙන දුවන ඉස්කෝල කොල්ලෙක්..

 බල්ලෙක් කෑ ගහන සද්දෙ නිසා නිදාගන්න බැරි මනුස්සයෙක්..

 එතකොට ස්කූටරේක ගිය කෙනෙක්ව හොයන රහස් පරීක්ෂකයෙක්.. මෙයා අර ලයිට් කඩේට ගිහින් ඔලුව වැණුවාම ඇහේ කළුබෝලෙත් කැරකුනානෙ.

අම්මා වෙනුවෙන් වැඩ කරනවා කියල නිතර ඒ කඩේට එන ගෑණු ළමයෙක්..

අමුතු මිනිස්සු පේන දැඩිසත්කාර ඒකකයෙ වැඩ කරන හෙදියක්..

වැස්සෙ තෙමි තෙමි ඉන්න තරුණියකට උදව්කරන හාදයෙක්..

ඔන්න ඔය වගේ පිරිසක් මේ ඩ්‍රාමා එකෙන් අපිට දැක බලාගන්න පුලුවන්..

උභතෝකෝටික ප්‍රශ්න ගොඩාක් ඉතුරුයි..

මේ අය මිනිස්සුද? අවතාරද?

අවතාර පේන මිනිස්සුද?

අවතාරවලටම අවතාර පේනවද?

මොකක්ද මේ විදුලි බුබුළු සාප්පුව?

සාප්පුව අයිති කෙනා ඇත්තටම අන්ධද?

තරුණද? වයසද?

මේ නොයෙක් සිඳුවීම්වලට මූන දුන්න වින්දිතයොද?

මට නම් ප්‍රශ්න ගොඩයි.. කතාව බලන කෙනෙක්නම් ඔයාටත් මේ ප්‍රශ්න ඇති. එහෙනම් මේ අත්භූත කතාමාලාව රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම ඔයාලගෙන් සමුගන්නම්..

» උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


637
Total Subtitles

5 comments

  1. Buddhika laKMal
    Cineru_users

    බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට

  2. උපසිර්ස වෙනුවෙන් ඔබට බොහොම් ස්තූති..!

  3. Meke HC link walata yanna be

    • samitha
      Cineru Family Member

      HC එකට යන්න ලින්ක් එක ක්ල්ක් කරන්න තප්පර කිහිපයක් ඉන්න ඩවුන්ලෝඩ් ලින්ක් පෙන්වයි

  4. Thanks for Sub…😍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login