The title of the page
Krishnamma (2024) Sinhala Subtitles
Krishnamma (2024) Sinhala Subtitles
6.4
59

Krishnamma (2024) Sinhala Subtitles | “පළිගැනීමේ වියරුව” | සිංහල උපසිරැසි සමඟ

(Krishnamma (2024) Sinhala Subtitles) (Krishnamma (2024) Sinhala Sub) (Krishnamma Sinhala Subtitles) (Krishnamma Sinhala Sub)

ආයුබෝවන් ඔයාලා හැමෝටම!

ඔන්න ඉතින් ළග ලගම තවත් ෆිලුමකට සබක් අරගෙන සයිටට ගොඩ උනා.. හැම එකම වගේ මේ ෆිලුමටත් සබ් දෙමු කියලා කිව්වේ අපේ සමිත අයියා ❤️ ඒවගේම කවරේ හදල වැඩේ ලස්සන කරල දුන්නේ උචී අක්කා ❤️

2024 මැයි 10 වෙනිදා නිකුත් වෙච්ච මේ ෆිලුම අයත් වෙන්නේ Crime/Thriller/Action කියන කැටගරියට.. මුල් විනාඩි 20 නම් ඔහේ ගියා.. හැබැයි එතන ඉදන් නම් ගැම්මක් එක්ක වැඩේ ගියා.. 2nd Half එක නම් ගින්දර 🔥 
මේකේ ප්‍රධාන චරිතය විදියට රංගනයෙන් දායක වෙන්නේ Satya dev කියන රංගන ශිල්පියා.. තෙළිගු ෆිල්ම් බලන අයට නම් මෙයාව මීටර් ඇති.. 2022 ආපු චිරංජීව්ගේ Acharya, godfather ෆිල්ම් දෙකේත් මෙයා හිටියා.. ඒවගේම මේ ෆිල්ම් එකෙත් ඒ චරිතයට ලොකු සාධාරණයක්‌ කරල තිබුනා ❤️

අධ්‍යක්ෂණය හා කතාව – V. V. Gopala Krishna

රංගනය – Satya Dev, Athira Raj, Archana Iyer, Laxman Meesala, Krishna Burugula

ධාවන කාලය – මිනිත්තු 130

භාෂාව – තෙළිගු

කතාව පැත්තට ගියොත්,

භද්‍රා, ශිවා, කෝටි කියන්නෙ හොදම යාලුවෝ තුන්දෙනෙක්.. මෙයාලට කාත් කවුරුත් නෑ, කොටින්ම කියනවා නම් අනාථයෝ.. ශිවා කියන්නෙ සාදාරනව කඩයක් දාන් හම්බ කරගන්න කොල්ලෙක්.. හැබැයි භද්‍රා, කෝටි දෙන්න නම් මත්ද්‍රව්‍ය බිස්නස් තමයි කරන්නේ.. ඔහොම ඉන්නකොට ශිවාගේ ජීවිතේට එනවා ලස්සන ගෑනු ළමයෙක්..එයා තමයි මීනා.. එයා ශිවාගේ ජිවිතේ විතරක් නෙවෙයි.. මුරණ්ඩු භද්‍රාගේ ජීවිතෙත් වෙනස් කරනවා.. මීනා භද්‍රාට තමන්ගේම සහෝදරයාට වගේ සලකනවා.. හදිස්සියේම මීනගේ අම්මට කරන්න වෙන සැත්කමක් නිසා ලක්ෂ 3ක්‌ ඕන වෙනවා.. සේරම මත්ද්‍රව්‍ය බිස්නස් අතැරපු භද්‍රා ඒ සල්ලි වෙනුවෙන් වැඩේට බහිනවා.. මේ සැරේ භද්‍රායි එයාගෙ යාලුවෝ දෙන්නයි පොලිසියට අහුවෙනව..පොලිසියෙන් මෙයාලව නොකරපු වරදකට අහුකරන්න හදනවා..හැබැයි ඒ මත්ද්‍රව්‍ය නඩුවට නම් නෙවෙයි.. ඒක ඊට වඩා ලොකු කේස් එකක්.. මෙන්න මෙතන ඉදන් තමයි සුපිරිම සීන් ටික පටන් ගන්නේ.. මෙතනින් පස්සේ මේ තුන්දෙනාගේ ජිවිතේ එහෙම් පිටින්ම කණපිට ගහනවා..

ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා..

එහෙනම් ජය ❤️

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ශාන් සසංග (ශානා)

October 26, 2022


111
Total Subtitles

8 comments

  1. Kasun Widusha
    Cineru_users

    තෑන්ක්ස් මල්ලි සබ් එකට එනකල් හිටපු එකක් ❤️🥰

  2. Randil Manamperi
    Cineru_users

    thank you so much

  3. Oshada Eranga
    Cineru Family Member

    Thanks ශානෝ 😍❤️

  4. Gammak thank you

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි ශානා ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  6. සබට බොහොම ස්තුතියි සහෝ ❤❤❤ ජය

    ඉක්මනින්ම Harom Hara 2024 Telugu
    Laandhar 2024 Tamil
    Karataka Damanaka 2024 Kannada
    මේවටත් සබ් එක ඕනේ

  7. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි ශාන් සහෝ උපසිරැසියට

  8. සාමාන්‍යයෙන් මෙක download කරන්න හිතුවෙ නැති ෆිල්ම් එකක්.. බට් මන් මල්ලි දෙන මුවි සබ් අරම් බලලා තිබ්බ.. අනික උඩ කියල තිබ්බනෙ විනාඩි 20 ක් ඔහෙ යනව ,එතැන ඉදල ගින්දර කියල…
    කියන්න තියෙන්නෙ තව පොඩ්ඩෙන් මට සුපිරි මුවි එකක් මිස් වෙනව කියල…
    මගේ පැකෙජ් එක තිබ්බ හින්ද මන් මෙක අරම් තිබ්බ..
    බැලුවට පස්සෙ කමෙන්ට් එකක් දානවමයි කියල උන්නෙ…,මෙවගෙ තෙලිගු මුවි බලන්නත් තව අස කෙරුව ..

    Cineru ටිම් එකේ fv මුවී තොරල සබ් දෙන ලිස්ට් එකේ ඔයත් එක්කෙනෙක්.. මෙවගෙ අපේ රසාස්වාදය උදෙසාත් කරන වැඩේ නම් පට්ට..
    අලුත් මුවි සෙනික මෙකේ දෙන්නෙ… එක සුපිරි
    Thank brother ❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login