(Kannappa (2025) Sinhala Subtitles) (Kannappa (2025) Sinhala Sub)
සුභ දවසක් වේවා හැමෝටම!
ඔන්න මේ අවුරුද්දේ ආපු තවත් කට්ටිය බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිලුමක් අරන් ආව.. වැඩේ නම් ලෝ බජට් නෙවෙයි කියලා සැක නැතුව කියන්න පුළුවන් කාස්ට් එක දැක්කාම…
2025 ජූනි 27 වෙනිදා ලොවපුරා තිරගත වීම ඇරබු මේ චිත්‍රපටය ප්‍රධාන භාෂාව තෙලුගු කරගෙන අනික් හින්දි, දමිළ, මලයාලම් යන භාෂා වලින්ද නිකුත් උනා.. ඒවගේම මේක පැය 3කට ආසන්න වෙන්න තියෙනවා
මේක අයත් වෙන්නෙ epic devotional කියන genre එකට… මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Mukesh Kumar Singh..
ඒවගේම මේක රචනය කරන්නෙත් මෙහි ප්‍රධාන භූමිකාව නිරූපණය කරන තෙලුගු රංගන ශිල්පී Vishnu Manchu… මේක එයාගේ ඩ්‍රීම් ප්‍රොජෙක්ට් එකක් කියලා තමයි ඉතින් කියන්නෙ නම්…
ඒවගේම මේකට නිෂ්පාදන දායකත්වය ලබාදෙන්නේ ජනප්‍රිය නළු “මෝහන් බාබු” එහෙමත් නැත්තම් විෂ්ණු මන්චුගෙ පියා විසින්… ඔහුත් මේකේ ප්‍රධාන චරිතයකට රංගන දායකත්වය ලබාදෙනව..
මේ ෆිල්ම් එකේ ගොඩක් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ VFX තාක්ෂනය යොදාගෙන.. ඔවුන් ඒක විශේෂයෙන්ම මතක් කරලා තිබුනා..
මේකේ වැඩියෙන්ම Highlight වෙලා තිබ්බේ “රෙබල් ස්ටාර් ප්‍රබාස්” ගෙ කැමියෝ එක.. කතා කරන්න දෙයක් නෑ පොර ඒකට පට්ට සදාරණයක් කරලා තිබ්බා
Cast
Vishnu Manchu – තින්නා / අර්ජුනා / කන්නප්පා ලෙසින්
Mohanlal – කිරාතා ලෙසින්
Akshay Kumar – ශිව දෙවියන් ලෙසින්
Prabas – රුද්‍රා ලෙසින්
Kajal Agrawal – පාර්වතී දේවිය ලෙසින්
Sarathkumar – නාතනාථ ලෙසින්
Mohan Babu – මහාදේව් ශාස්ත්‍රී ලෙසින්
ෆිල්ම් බලන කෙනෙක්ට නම් මේ කාස්ට් එකම ඇති ෆිලුම බලන්න.. මං උඩ කියලා තියෙන්නේ ටික දෙනයි.. තෙළිගු දමිළ ෆිල්ම් වලින් අපි නිතරම දකින ගොඩක් අය අපිට මේකෙත් දැක බලාගන්න පුළුවන්..
තින්නා කියන්නෙ දෙවියන් ඉන්නව කියලා විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.. ශිව ලිංගයට එයා කතා කරන්නෙත් “ගල” කියලා.. හැබැයි ශිව දෙවියන්ට ඕන වෙන්නෙ තින්නාව, එයාගේ හොදම බැතිමතාව කරගන්න.. ඉතින් ශිව දෙවියන් මේකට යොදනව උපක්‍රමයක්.. ඉතින් තින්නා ශිව දෙවියන්ගේ හොදම බැතිමතා වේවිද…
හැමෝටම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා
ගිහින් එන්නම් හැමෝටම ජය
සිංහල උපසිරැසිය ලබා දී ඇත්තේ දැනට නිකුත්වී ඇති CAM පිටපතකට බව සලකන්න
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ශාන් සසංග (ශානා)
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

October 26, 2022
These days you have fallen. For example, the movie maalik 2025
ශානා…. කාලෙකින්……..
තෑන්ක්ස් මචං සබට………
ඔරිජිනල් ආපුහම අප්ඩේට් ඕනේ…..