(Kadaisi Ulaga Por (2024) Sinhala Subtitles) (Kadaisi Ulaga Por (2024) Sinhala Sub)
2028-2029 කාල පරිච්ඡේදයක පසුබිම් වූ මෙම චිත්‍රපටය, “එක ජාතියක්, එක් ජනරජයක්” යන බැනරය යටතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අභියෝග කිරීම සඳහා චීනය රුසියාව සහ රටවල් 72 ක් සමඟ ජාත්‍යන්තර සන්ධානයක් වන “ජනරජය” පිහිටුවන භූ දේශපාලනික අර්බුදයක් ගවේෂණය කරයි. ගෝලීය සම්බාධක, තෙල් හිඟය සහ අභ්‍යන්තර නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාව ආර්ථික බිඳවැටීමකට මුහුණ දෙයි.
Kadaisi Ulaga Por (පරිවර්තනය. The Last World War) යනු 2024 ඉන්දියානු දෙමළ භාෂා විද්‍යා ප්‍රබන්ධ දේශපාලන ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයකි Hiphop Tamizha Aadhi විසින් Hiphop Tamizha Entertainment යටතේ ලියා, අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලදී.
Film එකෙ මුල් ටික කෙටියෙන් කිව්වොත් කීර්තනාගේ පියා තමිල්නාඩුවේ මහඇමතිවරයා.මාමා වන නට්රාජ්ගේ සැලසුම්වලින් ඔහු බලයට එන්නේ.මාමා හා තාත්තාගේ සැලසුම් වලින් කොහොම හරි කීර්තනාව දේශපාලනයට ඇදලා දානවා.මේ කාලයේදී කීර්තනාට පෙම්වතෙක් මුණ ගැහෙනවා.ඔහු තමිල්.කීර්තනා ප්‍රතිපත්ති ගරුක නැගී එන නායිකාවක් වෙනවා.මේ අතරෙදී නට්රාජ්ගේ කලු සල්ලි පිලිබද ප්‍රශ්නයක් මතු වෙනවා.මේ ප්‍රශ්නය යට ගහන්න ඔහු විසින් ගැටලුවක් නිර්මාණය කරනවා.මේ ගැටලුව නිසා ප්‍රන්තයම හමුදා පලනයට හා ආක්‍රමණවලට මුන දෙන්න වෙනවා.ප්‍රාන්තය විනාශ වෙනවා.ඉතිං මේ තමිල්නාඩු බේර ගන්න,මිනිස්සු නිදහස් වෙන්න සංවිධානය වෙලා වැඩ කරන විදිහ මේ film එකෙන් ඉස්සරහට දිග හැරෙනවා.
මේ film එකේ මුල් ටික විතරයි.ඔයාලත් film එක බලලාම ඉන්න කොහොමද කියලා.
ඉතිං ආයමත් අලුත් සබ් එකකින් හමු වෙනකම් හැමෝටම සුභ දවසක්……
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 17, 2025
ස්තූතියි උපසිරසට පුළුවන්නම් AZADI 2025 Malayalam එකට සබ් දෙන්න
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤ A S H
ස්තූතියි සිස් උපසිරැසියට