Junior (2025) Sinhala Subtitles
Junior (2025) Sinhala Subtitles
5

Junior (2025) Sinhala Subtitles | “ ආදරේ ලබන්නට වරම් නැති පුතෙක් ” | සිංහල උපසිරැසි සමඟ

(Junior (2025) Sinhala Subtitles) (Junior (2025) Sinhala Subtitle) (Junior (2025) Sinhala Sub)

සුභ දවසක් හැමෝටම,

ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ පසුගිය ජූලි 18 වෙනිදා තිරගත උනු “ජූනියර්” කියන අලුත්ම තෙළිඟු චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. සායි කෝරාපතිගේ නිශ්පාදයනයක් ලෙසින් එළි දැක්වෙන මෙම චිත්‍රපටය.. රාධා ක්‍රිෂ්ණා රෙඩ්ඩිගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩවෙනවා.

පැය 2යි විනාඩි 34ක ධාවන කාලයක් හිමි මේ චිත්‍රපටය ඉන්දියන් රුපියල් කෝටි 25ක වියදමකින් නිෂ්පාදනය උනත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 10-16 අතර වෙනවා. ඒ කියන්නේ, චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම් එතරම් සාර්ථක වෙලා නෑ කියන එක. ඇක්ෂන්, ඩ්‍රාමා, සහ පවුලේ කතාවක් යටතේ දිවෙන මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය දේවි ශ්‍රී ප්‍රසාද් විසින් සිදුකරලා තියෙනවා.

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Kireeti Reddy – අභී
Genelia D’Souza – විජයා සෞජන්‍යා
Sreeleela – ස්පූර්ති
Ravichandran – කෝදන්ඩපානි
Rao Ramesh – ගෝපාල්

එක ගමක කෝදන්ඩපානි සහ ශ්‍යාමාලා යන අඹුසැමියන් දෙදෙනාට හදිසියේම හැමෝම පුදුම කරවමින් දරුවෙක් ගැබ් ගන්නවා. දරුවෙක් ලැබෙන එක පුදුමයට කාරණයක් නොවුනත් මොවුන් දෙදෙනාගේ වයස ඒ පුදුමයට හේතු උනා. ඉතින් අන්තිමේදි මේ දරුවා මේ ලෝකෙට එනකොට එයාගේ අම්මා ශ්‍යාමාලා මෙලොව හැර ගිහින් තිබුනා. ඉතින් අම්මාත් නැති මේ දරුවට එයාගේ තාත්තා වෙන කෝදන්ඩපානි නොසෑහෙන්න එයාට ආදරය සෙනෙහස දුන්නෙ එයාගේ අම්මාගේ සෙනෙහසත් එයාට දැනෙන්නෙ නැති වෙන්න.

දරුවා.. දරුවා කිව්වට.. මෙයාගේ නම තමයි අභිනව් හෙවත් අභී.. කාලය ගතවී අභී ලොකු වෙද්දි එයාගේ තාත්තගේ මේ පිය සෙනෙහස ඕනවට වඩා වැඩි එකක් බව දැනෙන්න ගත්තා. ඒ නිසා එයා නිතරම හිතුවෙ එයාගේ තාත්තගෙන් ඈත් වෙලා ඉන්න ක්‍රමයක්. ඉතින් ඒ උවමනාවටම මෙයා උසස් අධ්‍යාපනයට කොලේජ් එකකට ඇතුළත් වෙනවා.

මෙතනින් එහාට මම කතාව කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !

එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිෂ්ක සංකල්ප

July 7, 2022


48
Total Subtitles

2 comments

  1. තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  2. Super moovie

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login