JSK Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles
JSK Janaki V vs State of Kerala (2025) Sinhala Subtitles
6
43

JSK: Janaki V v/s State of Kerala (2025) Sinhala Subtitles | “ ජානකි වීට එදිරිව කේරල ප්‍රාන්තය: කලලේ අයිතිකාරයා කවුද?” ” | සිංහල උපසිරැසි සමඟ

(JSK: Janaki V v/s State of Kerala (2025) Sinhala Subtitles) (JSK: Janaki V v/s State of Kerala (2025) Sinhala Subtitle) (JSK: Janaki V v/s State of Kerala (2025) Sinhala Sub)

ජානකි විද්‍යාධරන් කියන්නේ මෘදුකාංග ආයතනයක වැඩ කරපු කෙල්ලෙක්. හෙනම දක්ෂ කෙල්ලෙක්. එක දවසක් එයාගේ ගමේ උත්සව දිනයේදී සිදුවෙන එක්තරා සිද්ධියක් සමගින් ජානකී ස්ත්‍රී දූෂණයක ගොදුරක් විදිහට පත් වෙනවා. මේක කරපු අපරාධකාරයා හොයල දෙන්න ඇයට සහයෝගය දක්වන්නේ CPO ෆිරෝස් කියන පොලිස් නිලධාරියා.

මේ අතරේ ඩේවිඩ් අබෙල් ඩෝනොවන් කියන ලෝයර් කතා නායිකාව වෙන ජානකිට මුලදී විරුද්ධව හිටියත් අවසානයේදී ඇයට සහයෝගය දෙන්න තීරණය කරනවා. ඒකට පොඩි හේතුවක් තියෙනවා..

මේ අස්සෙන් යම් යම් දේශපාලන මතභේදාත්මක දේවලුත් සිද්දවෙනවා එක්තරා නඩුවක් ආයේ කරලියට එන හින්දා..

මොකක්ද මේ නඩුව?
ඇයි ඩේවිඩ් ජානකීට උදව් කරන්නේ?
ජානකීට ඇත්තටම දූෂණය වෙන්න තරම්ම සිද්ද වුනු සිද්ධිය මොකක්ද?

මේවට උත්තර චිත්‍රපටය බලලම දැනගන්න පුළුවන් වෙයි.

එහෙනම් යමු විස්තරේට..

JSK නොහොත් JANAKI V v/s STATE OF KERALA කියන්නේ 2025 ජූලි 17 වෙනිදා නිකුත් කරපු Courtroom Legal Thriler ශානරයේ චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සහ කතාව ප්‍රවීන් නාරායනන්ගෙන්. නිෂ්පාදනය J. Phanindra Kumar ගෙන්. සංගීතය ගිබ්‍රන් සහ ගිරිෂ් නාරායනන්ගෙන්.

රංගනයෙන් අපිට දකින්න ලැබෙන නළු නිලි කට්ටියක් තමයි දකින්න ලැබෙන්නේ. කලකට පසු අමතක නොවන කම්බැක් එකකින් එන මලයාලම් සිනමාවේ සුපිරි තරුව වෙන සුරේෂ් ගෝපි.. එහෙමත් නැත්නම් කේරලයේ ඉන්න එකම BJP ලෝක් සභා මන්ත්‍රී සහ ඇමතිතුමා, අනුපමා පරමේශ්වරම්, ශෘති රාමචන්ද්‍රන්, බයිජු සන්තෝෂ්, දිව්‍යා පිල්ලෙයි, අස්කර් අලි, වෛශ්නවී රාජ්, මේධා පල්ලවී, ජෝයි මැතිව්, ශෝබි තිලකන්, අභිෂේක් රවින්ද්‍රන්, බාලාජි ශර්මා වගේ රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් අනුපමාව මේ අවුරුද්දේ දකින්නේ දෙවෙනි වතාවට. (ප්‍රදීප් රංගනාදන්ගේ ඩ්‍රැගන් චිත්‍රපටයෙන් පස්සේ) ලගදීම ඇය රංගනයෙන් දක්නට ලැබෙන චිත්‍රපටි අතරේ Paradha, Kishkindhapuri, The Pet Detective, Bhogi, Bison, El Clasico යන චිත්‍රපටවලින් නුදුරේදීම ඇයව දකින්නට ලැබේවි. එයා තමන්ගේ චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා.

මේකට ලබාදීලා තියෙන IMDB අගය 6/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 43%ක්. ඒ වගේම මේකේ තිර කාලය පැය 2යි විනාඩි 34යි.

OTT ගැන කතා කලොත්.. මේක නිකුත් වෙන්නේ අගෝස්තු 15 වෙනිදා Zee5 හරහා.

* නීතිමය පසුබිම:
මේ චිත්‍රපටයේ නමට දැඩි දෝෂාරෝපණයක් එල්ල වෙලා තියෙනවා. විශේෂයෙන් මෙය මුලින්ම නිකුත් කරන්න තිබ්බේ ජුනි 20. පසුව එය සතියකට එනම් ජුනි 27 වෙනිදාට කල් දමා තියෙනවා. නමුත් CBFC එහෙමත් නැත්නම් Central Board of Film Certification කියන ආයතනයෙන් ජානකීගේ නම සහ චිත්‍රපටයේ නමට දැඩි විරෝධයක් එල්ල කළා. ඔවුන් පවසා තිබුනේ මේ නම වෙනස් කළහොත් තිරගත කිරීමට ඉඩ දෙන වගත්. නමුත් සහතික කිරීමේ ප්‍රශ්නය නිසා මේ චිත්‍රපටය නිකුත් කිරීමේ දිනය තවත් කල් ගිහින් තිබුනේ. අවසානයේදී චිත්‍රපට කණ්ඩායම ජූලි 17 වෙනිදාට නිකුත් කිරීමට සමත් වුණා.
(Sources: Wikipedia)

මේ ෆිල්ම් එක බලද්දී සමහර තැන් නේරු කියන මලයාලම් චිත්‍රපටයට හුරු ගතියක් තියෙයි.

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තවත් සබකින් ආයේ හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


38
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ උපසිරැසියට

  2. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ.. 🫶❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login