The title of the page
Jeongnyeon The Star Is Born (2024) S02 E01 Sinhala Subtitles
Jeongnyeon The Star Is Born (2024) S02 E01 Sinhala Subtitles
7.2
84

Jeongnyeon: The Star Is Born (2024) S01 E02 Sinhala Subtitles | “ඔඩිශන් එක” | සිංහල උපසිරැසි සමඟ

Native Title: 정년이
Also Known As: Jeong Nyeon , Jung Nyun , Jeongnyeoni , Jeongnyeonyi
Director: Jung Ji In
Screenwriter: Choi Hyo Bi
Genres: Music, Life, Youth, Drama
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Oct 12, 2024 – Nov 17, 2024
Aired On: Saturday, Sunday
Original Network: tvN
Duration: 1 hr. 10 min.

Jeong Nyeon: The star is born යන දකුණු කොරියානු ටෙලි කතා මාලාව 2024 ඔක්තෝම්බර් 12 වෙනිදා සිට නොවැම්බර් 17 වෙනිදා දක්වා සෑම සෙනසුරාදාවකම හා ඉරිදාවම tvN නාලිකාව හරහා 29 විකාශනය වෙයි. මෙය Music, Life, Youth හා Drama යන ශානරයන්ට අයත් වේ. මෙය අධ්‍යක්ෂක Jung Ji In විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර ලේඛක Choi Hyo Bi විසින් මෙම කතා මාලාව රචනා කර ඇත.

-චරිත-

Kim Tae Ri
(Yoon Jeong Nyeon ලෙසින්)

Mr. Sunshine, Twenty five, twenty one, Revenant වැනි අතිශයින් ජනප්‍රිය වූ කතාමාලාවල මැය ප්‍රධාන රංගනයෙන් දායක වී තිබෙනවා.

Shin Ye Eun
(Heo Yeong Seo ලෙසින්)

He is psychiatrist, Meow: The secret boy, More than friends, Revenge of others, The secret romantic guesthouse යන දකුණු කොරියානු ටෙලි කතාමාලාවන්ට ප්‍රධාන චරිතයෙන් රංගනයෙන් දායක වී තිබෙනවා.

Ra Mi Ran
(Kang So Bok ලෙසින්)

Good bad mother, Cold blooded intern, Black dog, Dr. Park’s clinic, Miracle that we me සහ Avengers social club යන කොරියානු නාට්‍යයන්ට මැය ප්‍රධාන රංගනයෙන් දායක වී තිබෙනවා.

Jung Eun Chae
(Moon Ok Gyeong ලෙසින්)

The king: Eternal monarch, The guest, Return, Anna, Pachinko සහ Dr. Frost යන දකුණු කොරියානු ටෙලි කතාමාලාවන්ට මැය ප්‍රධාන චරිතයෙන් දායක වී තිබෙනවා.

Kim Yoon Hye
(Seo Hye Rang ලෙසින්)

Goodbye earth, Sh**ting stars, Casting a special to you, Midnight thriller සහ My sassy girl යන කොරියානු කතාමාලා සඳහා මැය ප්‍රධාන චරිතයෙන් දායක වී තිබෙනවා.

-සාරංශය-

මේ කතාව ආරම්භ වෙන්නේ 1956 දී මොක්පෝ කියන ධීවර ගම්මානයෙන්. ජොං නියොන් කියන්නේ සල්ලිවත් හරි හමන් අධ්‍යාපනයක්වත් නැති ඒත් ගායනයට උපන් හපන් තරුණියක්. එයාට තියෙන ඒ ලස්සන කටහඬ නිසාම එයාගේ හීනේ වෙන්නේ සාම්ප්‍රදායික කාන්තා නාට්‍ය කණ්ඩායමකට බැඳිලා ලොකු මුදලක් හම්බ කරන එක. ඒත් මෙයා ගීත ගායනා කරන එකට මෙයාගේ අම්මා ඒ කියන්නේ ජොං නියොන්ගේ අම්මා තදින්ම විරුද්ධයි. එහෙම විරුද්ධත්වයක් තිබ්බත් මෙයා අම්මට හොරෙන් මිනිස්සු වට කරගෙන සිංදු කියලා අම්මගෙන් හොඳටම ගුටිකාලත් තියෙනවා.

එක දවසක් මෙයා පොළේ ගීතයක් ගායනා කර කර ඉද්දි කොරියාවේ සුප්‍රසිද්ධ නාට්‍ය නිළියක් වෙන මූන් ඔක් ගියොං කියන තරුණියට ජොං නියොන්ව අහම්බෙන් මුණ ගැහෙනවා. ඔක් ගියොං, ජොං නියොන්ගේ කටහඬ අහලා ඒ හඬට වශී වෙනවා. ඒ නිසාම ඔක් ගියොං, ජොං නියොන්ව එයාගේ නාට්‍ය කණ්ඩායමට බඳවගන්න කියලා ජොං නියොන්ව පුහුණු කරවලා එයාව සෝල්වල තියෙන මේරං කියන නාට්‍ය කණ්ඩායමට ඇතුළ කරගන්න තියෙන ඔඩිශන් එකකට එක්කගෙන යනවා.

ඉතින් මේ ඔඩිශන් එකෙන් ජොං නියොන් පාස් වෙයිද? එයා ඒකට කොහොම මුහුණ දෙයිද? ඒ කණ්ඩායමේ අය ජොං නියොන්ට කොහොම සලකයිද? කියලා දැන ගන්න ඕන නම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.. මේකතාව පටන් ගැන්මේ ඉඳලම වශී වෙලා වගේ බලන්න පුළුවන්. මොකද මේ වගේ කතාවක් මීට කලින් ඇවිත් තියෙනවා කියලා නම් මම හිතනන්නේ නෑ.. මේකෙන් ඔයාලට දකුණු කොරියානු සාම්ප්‍රදායික නැටුම්, ගැයුම්, වැයුම් එහෙම බලාගන්න පුළුවන්. එහෙනම් මේ කතාව බලලා රස විඳින්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් මම නවතිනවා.

මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන ආපු මම,

~ හංසන හෙට්ටිආරච්චි ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
හංසන හෙට්ටිආරච්චි සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
හංසන හෙට්ටිආරච්චි

January 6, 2021


161
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login