(Ishq-Vishk Rebound (2024) Sinhala Subtitles) (Ishq-Vishk Rebound (2024) Sinhala Subtitle) ((Ishq-Vishk Rebound (2024) Sinhala Sub)
Ishq-Vishk Rebound කියන්නේ ලස්සන Gen-z ආදර කතාවක්. මේ චිත්‍රපටිය නිකුත් වෙලා හරියටම අවුරුද්දකින් පස්සේ ජුනි 21 තමයි ඩිජිටල් පිටපත් අන්තර්ජාලයට නිකුත් වුනේ.මේ චිත්‍රපටියේ “soni soni” සින්දුව නම් හැමෝම වගේ අහලා ඇති මොකද ඒ දවස් වල වගේම තාමත් ඒ සින්දුව ප්‍රසිද්ධයි.
ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය විදියට mismatched කතාමාලවෙන් අතිශය ප්‍රසිද්ධියට පත් වුණු Rohit saraf සමගින් හදුන්වා දෙන නළු Jibraan Khan වගේම හදුන්වාදෙන නිළි Pashmina Roshan සහ Naila Grrewal රංගනයෙන් දායක වෙනවා. කතාව රචනය සහ අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nipun Dharmadhikari විසින්.
චිත්‍රපටිය 5.3/10 IMDb අගයක් වගේම, 81% ක ගූගල් පරිශීලක කැමැත්තකුත් ලබා ගෙන තියෙනවා.සංගීත අධ්‍යක්ෂණය Rochak Kohli විසින්.සින්දු ටිකත් ගොඩාක් ලස්සනයි.
කතාව ගැන ටිකක් කියනවානම්,මේක ආදර කතාවක් හැබැයි Rebound සම්බන්ධතාවක් ගැන.ඒ කියන්නේ බ්‍රේක්-අප් එකක් වුණු ගමන් ඇති වන ආදරයකට.මේ කතාවේ චරිත තමයි රාගව්,සාන්‍යා,සහීර් සහ රියා.ඉතින් මේ රාගව්,සහීර් සහ සාන්‍යා කියන්නේ පොඩි කාලේ ඉදන්ම හොදම යාලුවෝ.මෙතනින් සහීර් සහ සාන්‍යා ආදරවන්තයන් වගේම අනිත් දෙන්නත් ආදරවන්තයෝ.කොහොමහරි මේ හතර දෙනාම බ්‍රේක්-අප් වෙනවා.ඒත් එක්කම තවත් දෙන්නෙක්ගේ ආදර කතාවක් ආරම්භ වෙනවා..ඊලගට මොනවා වෙයිද? යාලුකම කියන්නේ ආදරයද? යාලුකමට ආදරය ගාවගන්න එක වැරදීද? එහෙනම් ෆිල්ම් එක බලලම තීරණය කරන්න.
එහෙනම් කතාව රසවිදින්න කියන ගමන් හැමෝටම සුභ දවසක්!♥️
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
VDK සත්සර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 4, 2022
Metro… In dino subtitle