The title of the page
Hunt (2024) Sinhala Subtitles
Hunt (2024) Sinhala Subtitles
3.7
34

Hunt (2024) Sinhala Subtitles | “පලිගැනීමක්, මිනීමැරුමක්, ආත්මයක්” | සිංහල උපසිරැසි සමඟ

(Hunt (2024) Sinhala Subtitles) (Hunt (2024) Sinhala Subtitle) (Hunt (2024) Sinhala Sub)

මේ කතාව පටන් ගන්නේ අධිකරණ වෛද්‍ය පශ්චාත් උපාධිය කරන කෙනෙක්ට තමන්ගේ විද්‍යාලයෙන් අතුරුදන් වෙච්ච ඇනිස්තිසියා ළමයෙක්ගේ ඇටසැකිලි කොටස් අහම්බෙන් හමුවෙන සිද්ධියෙන්. මේ විමර්ශනය දිගටම කරගෙන යද්දී මේ ළමයාගේ කලින් පෙම්වතාත් මේ අභිරහසට පැටලෙනකොට නඩුව තවත් සංකීර්ණ වෙනවා.

මෙතැනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැනගන්න ඕනේ නම් චිත්‍රපටය බලන්නකෝ. තේරෙයි.

සබ ඕනේ අය පහලට ගිහිල්ලම ඩවුන්ලෝඩ් කරගන්න.. වැඩි විස්තර ඕනේ අයට පොඩි හැල්ලක් මේ විදිහට ලියන්නම්.

මේ Hunt කියන මලයාලම් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මලයාලම් සිනමාවේ සිටින දක්ෂ ක්‍රියාදාම අධ්‍යක්ෂක වරයෙක් වෙන ශාජි කයිලාස්ගෙන්. (මේ නමින්ම නවා ධලපති සුධිර් බාබුගේ ෆිල්ම් එකකුත් තියෙනවා. පටලවගන්න එපා.) මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කරන්නේ K.රාධක්‍රිෂ්ණන් වගේම මේකේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ කයිලාස් මෙනන්. මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2024 අවුරුද්දේ අගෝස්තු 23 වෙනිදා. මේක අයිති වෙන්නේ හොරර් ත්‍රිලර් කියන වර්ගයට.

රංගනයෙන් භාවනා, රෙන්ජි පනිච්කර්, අජ්මල් අමීර්, බිජු පාප්පන්, අදිති රවී, කෝට්ටයම් රමේෂ් වැනි අය දායක වනවා.

විශේෂයෙන් භාවනා – ශාජි කයිලාස් සුසංයෝගය හමුවෙන්නේ මේ චිත්‍රපටයෙන් නෙවෙයි. 2006 අවුරුද්දේ චින්තාමණි කෝලාකේස් (Chinthamani Kolacase) චිත්‍රපටයෙත් මේ දෙදෙනාගේ සුසංයෝගය දකින්න ලැබෙනවා. මේ ඒ දෙන්නාගේ දෙවැනි චිත්‍රපටය.

ශාජි කයිලාස් ගැන නොදන්නා කෙනෙක්ට පොඩි විස්තරයක් දෙන්නම්. ශාජි කයිලාස් කියන්නේ කේරලයට මාස් චිත්‍රපටි නිර්මාණය කරන අධ්‍යක්ෂකවරයෙක් විදිහට කාලයක් ප්‍රසිද්ධියක් ලබපු කෙනෙක්. හැබැයි කාලයත් එක්කම නිර්මාණ රසිකයින්ගේ අප්‍රසාදයට ලක් වෙච්ච නිසා 2012-13 කාලයෙන් පස්සේ ශාජි කයිලාස් සිනමා අධ්‍යක්ෂණයට උනන්දුවක් දැක්වූවේ නෑ.. පස්සේ එයා ප්‍රිත්විරාජ් සුකුමාරන්, සමයුක්තා මෙනන්, අර්ජුන් අශෝකන්, විවේක් ඔබ්රෝයි වගේ අය රංගනයෙන් දායක වෙච්ච කාඩුවා (Kaduva) චිත්‍රපටයෙන් තමන්ගේ නැවතාගමනය සනිටුහන් කරනවා. එපමණක් නෙවෙයි කාපා (Kaapa) චිත්‍රපටයත්, මෝහන්ලාල්ගේ Alone මලයාලම් චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කලෙත් මොහුම තමයි. ශාජිගේ මීලග අධ්‍යක්ෂණය වන Pink Police චිත්‍රපටය තිරගත වෙන දිනයක් හරි හැටි දන්නේ නෑ.

රේටින් ගැන කිව්වොත් IMDB අගය 5.2/10කුත් ගූගල් පරිශීලක අගය 34%කුත් මේකට ලැබෙනවා.

මේ චිත්‍රපටය වසරකට කිට්ටු කාලයක් වෙනතුරු OTT නිකුත් නොකලත් මේ අවුරුද්දේ මැයි 23 වෙනිදා ManoramaMax කියන Streaming Platform එකෙන් මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් නිකුත් කරන වග දැනුම් දීමත් එක්කම මං පුද්ගලිකව නොඉවසිල්ලෙන් බලන් හිටපු චිත්‍රපටයක් තමයි මේක. (කොහොමත් හොරර් ගනයේ චිත්‍රපටිවලට මගේ කැමැත්තකුත් තියෙනවා. දැනටමත් හොරර් ගනයේ චිත්‍රපටි දෙකකට උපසිරැසි දීලා තියෙන්නේ. තව එකකුත් මං කරගෙන යන ගමන් තියෙන්නේ. ඒකත් ලගදීම මේ වෙබ් අඩවියේම දකින්න ලැබේවි.)

මේ මං ගේන 24 වැනි මලයාලම් උපසිරැසිය… ඔයාලගේ අදහස් හරි අඩුපාඩු හරි තියෙනවා නම් කමෙන්ට් එකකින් දන්වන්න අමතක කරන්න එපා

එහෙනම් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

ප.ලි: මගේ කරදරේ ඉවසගෙන ඉන්න සමිත අයියට ගොඩක් පින් ඉතින් 😁 අනිත් එක ෆිල්ම් වලට ලස්සන ලස්සන කවර හදන උචිනි අක්කටත් ගොඩක් පින් 😁

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


33
Total Subtitles

12 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Era Boy
    Cineru Family Member

    Thanks Saho.. 🥺🫶

  3. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං මේකට සබ් දුන්නට

  4. Chamika ramanayaka

    ගොඩාක් ස්තුතියි උපසිරැසියට 🥰👍භාවනාගේ ලගදි චිත්‍රපටයක් ආවා නේ ඒකත් දෙන්න පුළුවන්ද 😍🙏

  5. Supiriyak

  6. Era Boy
    Cineru Family Member

    නම මොකක්ද බොසා?

  7. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ 🫶😍

  8. Era Boy
    Cineru Family Member

    ආදරෙයි 😍🫶

  9. රංගික සිනෙත් කාරියවසම්

    සුපිරි මලයා. බෝම ස්තුතියි.දිගටම මලයාලම් දෙන්න මචං

  10. Era Boy
    Cineru Family Member

    අනිවා අයියේ.. හොද ටිකක් දෙන්නම් ඉස්සරහට..

  11. සබ් එක සුපිරියක්

  12. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ.. ❤️🫶

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login