(Housefull 5 (2025) Sinhala Subtitles) (Housefull 5 (2025) Sinhala Subtitle) (Housefull 5 (2025) Sinhala Sub) (Housefull 5 Sinhala Subtitles) (Housefull 5 Sinhala Subtitle) (Housefull 5 Sinhala Sub)
සුබ දවසක් ඔයාලා හැමෝටම!
ඉතින් සිංහල උපසිරැසිකරණයේ තුන්වෙනි කඩයිම.. ඒ කියන්නෙ 150 වෙනි කඩයිමට ළගා වෙන්න අද වෙනකොට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඉතින් මේ 150න් 140ක් විතරම වගේ හින්දි උපසිරැසි තමයි.. ඉතින් මාව දන්න අයගෙන් ගොඩක් අය මාව දන්නවා ඇත්තෙ හින්දි ෆිල්ම් රසිකයො තමයි කියලා පොඩි අනුමානයක් කරන්න පුළුවන්. ඒ වගේම මේ කඩයිමට ළගා වෙන්න උදව් කල අපේ සිනෙරූ පවුලෙ සාමාජිකයො හැමෝමත් ආදරයෙන් මතක් කරනවා! ඒත් එක්කම හැමදාම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා අපිව දිරිමත් කරන යාළුවො හැමෝටමත් ස්තූති කරනවා!
ඉතින් තවත් වැඩි කතා නැතුව අපි යමු අද ගෙනාව උපසිරැසිය පැත්තට..
2025 වසරේ ජුනි 6 වෙනිදා ඉදලා තිරගත වීම ආරම්භ කල Housefull 5 කියන්නේ ඉන්දියානු හින්දි භාෂාවෙන් නිර්මාණය කරන comedy thriller ෆිල්ම් එකක්. ඉන්දියන් කෝටි 240ක වගේ විශාල බජට් එකකින් නිර්මාණය කල මේ ෆිල්ම් එක මේ වෙනකොට සාර්ථකව තිරගත වෙමින් තියෙනවා. ඉතින් තිරගත වුන දිනයේම නිකුත් වුන HDTC කැම් පිටපතකට තමයි උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ, මේ ෆිල්ම් එකේ Housefull 5A සහ Housefull 5B කියලා වර්ෂන් දෙකක් තිරගත වෙලා තියෙනවා.. අපි උපසිරැසි දීලා තියෙන්නෙ Housefull 5A කියන වර්ෂන් එකට.. සම්පූර්ණයෙන්ම අසා ලිවීමක් කරලා අරගෙන ආව උපසිරැසියක් නිසා සමහරවිට පොඩි පොඩි අඩුපාඩු ටිකක් තියෙන්න පුළුවන්.. ඉතින්, හදිස්සිකාරයින්ට මේ කොපිය බලන්න කියලා ආරාධනා කරනවා.. එහෙම නැත්නම් ඔරිජිනල් එනකන් ඉවසලා ඉන්න කියලත් මතක් කරනවා.
ෆිල්ම් එක ගැන කියනවනම්.. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tarun Mansukhani විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Sajid Nadiadwala, Warda Nadiadwala සහ Firuzi Khan විසින් Nadiadwala Grandson Entertainment යන සමාගම යටතේ. මේ වතාවේ ෆිල්ම් එකට අති විශාල නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා.. ඒ ගැන පොඩි හැදින්වීමක් කරනවනම්
Akshay Kumar
Riteish Deshmukh
Abhishek Bachchan
Sanjay Dutt
Fardeen Khan
Shreyas Talpade
Nana Patekar
Jackie Shroff
Dino Morea
Jacqueline Fernandez
Nargis Fakhri
Sonam Bajwa
Chitrangda Singh
Soundarya Sharma
Chunky Panday
Johnny Lever
Nikitin Dheer
ඔය වගේ අති විශාල කාස්ට් එකක් රංගනයෙන් දායක වෙනවා. මේක තමා Housefull franchise එකේ පස්වෙනි ෆිල්ම් එක. ඉතින් මීටකලින් ෆිල්ම් 4ක් නිකුත් වෙලා තියෙනවා. ඒ කොහොමවුනත්, ඔයාලා කලින් ෆිල්ම් 4 බලලා නැති වුනත් ප්‍රශ්නයක් වෙන්නෙ නෑ, මොකද මේවා අතරෙ ලොකු සම්බන්ධයක් නැති නිසා. ෆිල්ම් එකේ කතාව ගැනනම් මම මොනවත් කියන්න යන්නෙ නෑ කොහෙන් පටන්ගත්තත් ස්පොයිල් වෙන සීන් එකක් තියෙන නිසා.. ඒ නිසා ඔයාලටම බලන්න කියලා ආරාධනා කරනවා. Housefull franchise එකට ආස කරන අය අනිවාර්යයෙන්ම නරඹන්න කියලත් ආරාධනා කරනවා!
ඒ වගේම සයිට් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගෙ අදහස් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න කියලත් ඉල්ලීමක් කරනවා.
ඉතින්, අලුත්ම උපසිරැසියකින් ඉක්මනටම හමුවන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා!
හැමෝටම බුදු සරණයි!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉඳුවර නිසල්
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

August 5, 2022
150ට සුබ පැතුම් මල්ලි ❤
150ට සුබ පැතුම් බොසා 😍😍 තව තව හින්දි ෆිල්ම් ගහන්නම ශක්තිය ලැබෙන්නම ඕනේ 🫶
Congratulations brother
සුභ පැතුම් සහෝ ජයවේවා ♥️🤟🤩
සුභ පැතුම් සහෝ ජයවේවා ♥️
150ta suba pathum
150වෙනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ……….
තවතවත් වැඩිවැඩියෙන් සිංහල සබ් ගේන්න කාලය ලැබේවා…….
මේ සබටත් තෑන්ක්ස්
උපසිරැසියට ස්තුතියි සහෝ… 5B එකටත් උපසිරැසිය Update එකක් කරමු.. 🔥💪❤️