The title of the page
House of the Dragon (2022) S02E05 Sinhala Subtitles
House of the Dragon (2022) S02E05 Sinhala Subtitles
8.4
90
89

House of the Dragon (2022) S02E05 Sinhala Subtitles | “නව පාලනයක්” | සිංහල උපසිරැසි සමඟ

මුලින්ම සමාව ඉල්ලනවා දිනෙන් එකතු වෙන වැඩ රාජකාරි එක්ක කාර්‍යබහුලත්වයත් එක්ක මේ ලිපිය ලියන්න සෑහෙන ප්‍රමාද වුනා..

Episode 01 A Son For A Son

පලවෙනි කොටස පටන් ගන්නෙ රෙනීරා තමන්ගෙ පුතා මිය ගිය බව දැනගෙන ඒක තහවුරු කරගන්න.පුතාගෙ ශරීරයේ කොටසක් හෝ ඇති කියල හිතාගෙන ඒ හොයාගන යන සිද්ධිය.ඒ සිද්ධිය ගත්තාම ඔබටත් මටත් ඇහැට කඳුලක් උනන සිදුවීමක් උනා.ලුසේරිස් ගෙ හදිසි වියෝව රෙනීරා ඇතුලු සමස්ථ රාජධානියම කම්පාවෙන සිදුවීමක් උනා.මේකට රෙනීරගෙ ඉල්ලීම පුතෙක් වෙනුවට පුතෙක්.ඩේමන් මේ වචනෙ අල්ලගෙන දරුණු අනුකම්පා විරහිත තීරණයක් ගන්නවා.ඒ තමගෙ තමන්ගෙ භාර්‍යාව,රැජින වෙනුවෙන් පුතෙක් වෙනුවට පුතෙක් බිලිගන්න.මේ වෙනුවෙන් ඩේමන් මිසේරියාගෙ අනුදැනුම ඇතුව ග්‍රීන් ලගෙ පක්ෂයේම ඉඳින් ග්‍රීන් ලටම විරුද්ධ රැකවලෙක් සහ මී අල්ලන්නෙක් යොදාගෙන ඔවුන්ට පැවරුමක් ලබා දෙනවා.ඒ තමයි ඒමන්ගෙ ඔලුව අරන් එන්න.ඔවුන් කියනවා අපිට ඒමන්ඩ් ව හොයාගන්න බැරි උනොත් මොකද කරන්නෙ කියල…එතනින් පස්සෙ ඩේමන්ගෙ උත්තරේ මොකද්ද කියලා නොපෙන්නුවත් ඒ උත්තර හරිම ඛේදනීය අවසානයක් කරා ගෙන ගියා අපිට දකින්න පුලුවන් උනා.මේ සිදුවීම රෙනීරාගෙ පක්ෂයත් දරුණු ලම ඝාතයයන් ගානට දාන්න හේතුවුනා.මේ සිදුවීම නිසා රෙනීරා සහ ඩේමන් අතර සිදුවූ මත ගැටුම් ප්‍රතිඵලයක් ලෙස ඩේමන් හැරන්හෝල් දක්වා පිටත් වෙනවා.

Episode 02 Rhaenyra the Cruel

‌මේ කොටසෙ වෙන ප්‍රධානම සිදුවීම තමයි.ඔටෝ ගෙ සැලසුමක් මත කින්ග්ස් ලෑන්ඩින් වල මහජනතාව රෙනීරාව පිළිකුල් කරවීමට පුංචි කුමරුරේ නිසල සිරුර මහජන ප්‍රදර්ශනය සඳහා නගරය වටා ගෙන යාම.මේ ගෙනියන්නෙ නිකන් නෙමේ රෙනීරා නැමැති ලමා ඝාතනයගේ වැඩ බලාගන්න කියමින්.අනිත් කාරනාව තමයි සර් ක්‍රිස්ටියන් කෝල් ගේ අමනෝඥ තනි තීරණයකට අනුව පළිගැනීම සඳහා ඒකියන්නෙ රෙනීර මරා දමන්න නිවුන්නු දෙන්නා උපයෝගී කරගන්න එක.මේ නිවුන්නු දෙන්නගෙන් එක්කෙනෙක් ඉන්නෙ රෙනීරා ලඟ අනිත් එක්කෙනා ඉන්නෙ ඇලිසන්ලඟ.මේක කොච්චර තකතීරු අසාර්ථක තීරණයක්ද කියල අවසානයේ නිවුන්නු දෙන්නගෙ මරණයත් එක්ක අපි හැමෝටම දැකගන්න ලැබුනා.

Episode 03 The Burning Mill

රෙනීරා තීරණයක් ගන්නවා දරුණු ජීවිත අවධානමක් මැද ඇලිසන් හමුවීමට කින්ග්ස් ලෑන්ඩින් යාමට.මේ වෙන ලේ වැගිරිම නවත්තන්න රෙනීරට තදින්ම උවමනාව තියෙනවා.ඒකට හේතුව විදිහට රෙනිඋර සඳහන් කරන්නෙ රෙනීරගෙ තාත්තා විසේරිස් රජතුමා රෙනීරට බාර දුන්නෙ අවිරුදු 80 සාමය පැවතිත්‍ර්හ රටක් කියන එක.

ඇලිසන් එක්ක හමුවෙදි රෙනීර සඳහන් කරනවා ඇලිසන්ට විසේරිස් රජතුමා අවසාන මොහොතෙදි කිව්වෙ විජයග්‍රාහී ඒගෝන් ගැන මිසක් ඇලිස්නගෙ පුතා ඒගෝන් ගැන නොවන වග.නමුත් ඒ මොහොතෙ ඇලිසන් මතක් කරනවා දැන් මේ දේවල් වලින් පාක් නොමැති බවත්,ඉදිරි මහා යුද්ධය නොනැවැත්විය හැකි බවත් ලේ වැගිරීම් දස අත සිදුවන බවත්..කෝල්ගෙ ක්‍රියාකලාපය නිසා පැහැදුනු ඒ ගෝන් රජතුමා ඔටෝ හයිටවර් ව Kings hand තනතුරෙන් ඉවත් කරල ඒ තනතුර ක්‍රිස්ටියන් කෝල්ට ලබාදීමේ ප්‍රතිඵලයක් විදිහට කෝල් විජයග්‍රාහීව සේනා රැස් කරමින් ඉදිරියට යනවා.

Episode 04 The Red Dragon and the Gold

මේ කොටස නම් අපිට අමතක නොවන සිදුවීමක් උනා.පළවෙනි සිවුවීම මකරුන් අතර ලස්සනම මකරා Sunfireගෙ පුනරාගමනය සිද්ධ වුනා.අනිත් එක තමයි queen Who never was හෙවත් රේනීස් සහ ඇයගෙ මකරා උන මෙලීස් ගෙ අවසානය.ඒක අපි හැමෝගෙන ඇහැට කඳුලක් උනන සිදුවීමක් උනා.රෙනීරට සටනින් පලායන්න පුලුවන් කම තිබ්බත් (මෙතනදී මෙලීස් රෙනීර දිහා බලන දුක්මුසු බැල්ම නිකම් මට සමාවෙන්න රේනීස් මම ඔබව අධ්‍යෙයිරමත් කරා වගේදෙයක් කියවුනා.) ඒත් එක්කම දෙන්නගෙ අවසානය තහවුරුයි කියල දැනදැනත් රේනීස් නැවතත් මේලීස් සමඟ සටනට යනවා….

 

House Of The Dragon Episode 5

පසුගිය කොටස අපිට ඇහැට කඳුලක් උනන සිදුවුනා.ඒ තමයි කිසිදා කිරුලු නොපලන් රැජින හෙවත් රෙනීරාගේ සහ වේගාර්ට පසුව දෙවෙනියට විශාලතම මකරා වන මෙලීස්ගෙ අවසානය.මෙහෙදී විශේෂතම සිදුවීම් දෙකක් දකින්න ලැබුනා.එකක් තමයි වෙස්ටරෝස් ඉතිහාසයේ දකින්න ලැබුන ලස්සනම මකරා වන සන්ෆයර් ගේ පුනරාගමනය සහ අවසානය.

අනෙක් සිදුවිම තමයි,ඒමන්ඩ් විසින් සන්ෆයර්ට පහරදීම.මේ සිදුවීමෙන් King ඒගෝන් බරපතල තුවාල ලබනවා.ඇත්තටම මෙහෙම වෙන්න හේතුවත් King ඒගෝන් ගෙ හිතුවක්කාර තීරණ නිසා කියල අවධානයෙන් කතාව බැලුවොත් තේරෙනවා.

අද කොටස දිහාට හැරිලා බැලුවොත්.ඒමන්ඩ් King ඒගෝන්ට ප්‍රහාර එල්ලකරේ ඇයි කියල වගේම.ඒමන්ඩ් කියන්නෙ මොනතරම් උමතු කෙනෙක්ද කියල දැනගන්න ලැබෙනවා.ඒ වගේම Kings ලෑන්ඩින් වල ජනයා අතරත් විවිදාකාර කසුකුසු ඇතිවෙලා තියෙනවා මේ වෙන සිදුවීම් නිසා..

ලබන සතියේ ලිපියෙන් හමුවෙන බලාපොරොත්තු වෙන් අදට සමුගන්නවා..

ලිපි සැකසුම – දුලාන් රන්දික

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


120
Total Subtitles

4 comments

  1. Hotd s2 episode 6 eke subtitles ikmnta dennako🫠💔

  2. Sub eka දාන්නකො ep 6 එකේ 😦😦😦😦😦😦😦😦

  3. Sub එක වෙනම යන්නේ කතාව වෙනම යන්නේ මැචින් නෑ

    • Anjula Umesh
      Cineru Family Member

      සබ් එකට ගැලපෙන වීඩියෝ කොපිය ඩවුන්ලෝඩ් කරගන්න දීලා තියනවා..ඒක ගන්න..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login