Hostel Daze (2019) S01 E01 Sinhala Subtitles|හොස්ටල් ජීවිතේ|සිංහල උපසිරැසි සමඟ|

මම ඔයාගෙන් ඇහුවොත් ඔයාගෙ ජීවිතේ සුන්දර ම කාලෙ මොකක්ද කියලා ?

ඔයාලා එක එක උත්තර දෙයි.. සමහරු කියයි පාසල් ජීවිතේ කියලා සමහරු කියයි විශ්ව විද්‍යාල ජීවිතේ කියලා.. එක එක උත්තර දෙයි.. කැම්පස් ජීවිතේ කියන්නෙ ගොඩක් අයගෙ සුන්දර ම මතකයන් එකතු වුන තැන් වලින් එකක් තමා කැම්පස් ජීවිතේ කියන්නෙ..

මොකද කියනවා නම් පාසල් ජීවිතේට පස්සෙ ගොඩක් අයගේ සුන්දර ම කාලෙ තමා කැම්පස් ජීවිතේ.. ඒ කාලෙ ගත්තු ජොලි වැඩ.. කරපු ගොන් වැඩ.. විදපු දුක්.. කාපු කට්ට.. ආදරය.. හොස්ටල් එකේ පිස්සු.. ඒක වෙනස් ම ආකාරයේ අත්දැකීම් රාශියක්.. ඉතින් ඒ අතිවිශිෂ්ඨ අත්දැකීම මේ වසරේ චිත්‍රපටයක් මගින් අපි නැරඹුවා මතක ඇති..

ඒ තමයි මේ අවුරුද්දේ ආපු Chhichhore ෆිල්ම් එක බලන්න ඇති නේ හැමෝම.. මිත්‍රත්වය , කැම්පස් ජීවිතේ , ආදරය ඔක්කොම කැටි වුන ඒ චිත්‍රපටය අනිවාර්යයෙන් ඇබ්බැහි වෙන සුළු ෆිල්ම් එකක්.. දැනටමත් මමත් 3 පාරක් විතර බැලුවා.. ඉතින් ඒ උණුහුම යන්නත් කලින් ම මම අද අරගෙන එන්නෙ ඒ වගේම පට්ටම සුපිරි ඇබ්බැහි වෙන සුළු Indian Web Series එකක්.. මේ දෙසැම්බර් 13 වෙනිදා තමා මේක නිකුත් වුනේ..මේ වෙද්දි Imdb දර්ශකයේ අගය 9.1 / 10 ක් අරගෙන තියන මේ සුපිරි වෙබ් කතාමාලාව Mini series එකක්.. ඒ කියන්නෙ එපිසෝඩ් 5 යි තියෙන්නෙ.. Comedy / Drama ගණයට තමා වැටෙන්නෙ..

ඒ වගේම මේක Amazon prime ලගෙ වැඩක්.. Amazon Prime කිව්වම ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.. Family Man / Inside Edge වගේ සුපිරි ගණයේ Web කතාමාලා නිකුත් කරපු Streaming Service එකක් තමා.. ඉතින් මේකෙ නම කිව්වෙ නෑනෙ.. Hostel Daze තමා නම.. ඉතින් කලින් කිව්වා වගේ හොස්ටල් ජීවිතේ කියන්නෙ වෙනස් ම විදිහක දෙයක්.. ඒක කොච්චර අමාරු වුනත් ඒ මතකයන් ගැන ආපහු හැරිලා බලද්දි දැනෙන සතුට වචනයෙක් කියන්න බැරිවෙන තරමට සුන්දරයි..

ඉතින් මේක Amazon prime ලා Web Series එකක් විදිහට අපිට බලන්න ගෙනල්ලා තියනවා..

බලන්නද හදන්නෙ ?

ඒනම් ඔයාගෙ අවදානම ඔයාම අරගන්න එක හොදයි.. මොකද එකපාරක් බලලා නිකන් ඉන්න පුළුවන් එකක් නෙවෙයි මේක… හතර පස් පාරක් බලන්න ඇබ්බැහි වෙන එකක්.. ඒ තරම් පට්ටම සුපිරි Web Series එකක්.. මම ආයිත් අනතුරු අගවනවා එක පාරක් බැලුවොත් ඇබ්බැහි වෙනවා ශුවර්.. ආතල් ලෝකයක්.. ජීවිතේට ගන්න අත්දැකීම්.. මිත්‍රත්වය.. ඔක්කොම එකට දෙන පට්ටම  මික්ස් Fruit Salad එකක් මේක..

ඉතින් එහෙනම් ඔයාට මම අරගෙන එන්නෙ මේ පට්ටම සුපිරි ඇබ්බැහි වෙන සුළු වෙබ් කතාමාලාවේ පළවෙනි එපිසෝඩ් එක.. බලෙන් අරගෙනම බලන්න කියන්නෙ නෑ.. ඒත් නිකමට එක එපිසෝඩ් එකක් අරගෙන බලන්න.. ඊටපස්සෙ ඔයාම තීරණය කරන්න ඉතුරු එපිසෝඩ් 4 ත් බලනවද නැත්නම් මෙතනින් අතඇරලා දානවද කියලා.. ඉතින් පළවෙනි එපිසෝඩ් එක බලපු ඔයා ඉතුරු එපිසෝඩ් 4 බලන්න කිසිම පැකිලීමක් වෙන්නෙ නෑ කියලා මම දන්නවා..

අලුතෙන් හොස්ටල් එකට එන ත්‍රිබලක්.. අන්කිත් පාණ්ඩේ , රූපේෂ් බාටි, චිරාග් බන්සාල් තුන්දෙනා එන හොස්ටල් එකේ වෙන දේවල් තමා යන්නෙ.. සීනියර් ලා අලුතෙන් එන ජූනියර් ලට දෙන රැග්.. මේ තුන්දෙනාට මූණ දෙන්න වෙන ආතල් සිද්ධි.. ඒ අස්සෙ කාමර වල වෙන දේවල්..

කියලා වැඩක් නෑ.. ඒක බලලම විදින්න ඕනෙ.. ඉතින් මම තව දේවල් කියන්න යන්නෙ නෑ බලන කෙනෙක් ට අරගෙන බලන්න මේ කිව්ව දේවල් හොදටම ඇති.. ඒ වගේම කමෙන්ට් එකෙකින් ඔයාලගෙ යෝජනා චෝදනා ඔක්කොම අපිට කියන්න..

” විශ්ව විද්‍යාලය ඔයාගෙ දෙවන ළමා කාලයයි..
සමහර දේවල් ඔයාලව පුදුම කරනවා..
සමහර දේවල් ඔයාලව බය කරනවා…
ළමයි එහෙට එන්න කලින් ඒක ගැන තියෙන්නෙ වෙනස් ම ප්‍රතිරූපයක්…
ඒත් ඇත්ත නම්..ඒක 3 Idots වගෙ නෙමේ…
Student Of the Year ත් වගෙත් නෙමේ..
අනුරග් කාෂ්‍යප් ගෙ ගුලාල් වගේත් නෙමේ…
විශ්ව විද්‍යාල හරියට..
මොකක් හරි අතර යමක්..වගේ දෙයක්..
ඒක මොකක් වුනත්.. ලොකු වුනත් පොඩි වුනත්.. හොද උනත් නරක වුනත්..
විශ්ව විද්‍යාල සිසුන්ගෙ අංගයක් බවට පත්වෙනවා..
විශ්ව විද්‍යාල ඔයාගෙ වෘත්තීය හඩගස්වා ගැනීමට හෝ නොවීමට ඉඩ ඇති වුනත්..
එය අනිවාර්යයෙන් ඔබට මතකයන් කිහිපයක් ඉතිරි කරනවා…”

එහෙනම් ඊළග එපිසෝඩ් එකෙන් හම්බවෙමු.. ඔබට ජය !…

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

Hostel Daze (2019) S01 E01 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 25, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. Thanks

  2. බොහොම ස්තුතියි මචං සබ් එකට 😊👍.. ඉතුරු කොටස් 4ටත් ඉක්මනට සබ් එක දෙමු 👊👊..
    ජය වේවා.!

  3. ස්තුති සහෝ ..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *