The title of the page
Head over Heels S01 E01 (2025) Sinhala Subtitles
Head over Heels S01 E01 (2025) Sinhala Subtitles
8.3
90

Head over Heels S01 E01 (2025) Sinhala Subtitles | “අවාසනාවේ සෙවණැල්ල” | සිංහල උපසිරැසි සමඟ

(Head over Heels (2025) Sinhala Subtitles) (Head over Heels (2025) Sinhala Subtitle) (Head over Heels (2025) Sinhala Sub)

 

Native Title: 견우와 선녀
Also Known As: Gyeon U and Fairy , Gyeonuwa Seonnyeo , Gyeonwoo and the Fairy , The Cowherd and the Fairy
Director: Kim Yong Wan
Screenwriter: Yang Ji Hun
Genres: Romance, Drama, Fantasy, Supernatural
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Jun 23, 2025 – Jul 29, 2025
Aired On: Monday, Tuesday
Original Network: tvN
Duration: 1 hr. 10 min

සුභ දවසක් හැමෝටම,

‘Head Over Heels’ කියන දකුණු කොරියානු ටෙලි කතාමාලාව 2025 ජූනි 23 ඉඳන් ජූලි 29 වෙනකන් හැම සඳුදයි අඟහරුවාදම tvN චැනල් එකේ විකාශය වුණා. මේක Romantic Fantasy ගනයට අයිති වෙන කතාවක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Kim Yong-wan. ඒ වගේම Ahn Su-min ගේ වෙබ්ටූන් එකක් පදනම් කරගෙන Yang Ji-hoon තමයි මේ කතාව ලියලා තියෙන්නේ.

චරිත – Cast

Cho Yi-hyun (Park Seong-ah ලෙසින්)
​’All of Us Are Dead’, ‘School 2021’, සහ ‘Hospital Playlist Season 2’ වැනි ජනප්‍රිය දකුණු කොරියානු කතාමාලාවල ප්‍රධාන චරිත නිරූපණය කර ඇති Cho Yi-hyun, ‘Head Over Heels’ හි Park Seong-ah (දිවා කාලයේ ශිෂ්‍යාවක්, රාත්‍රියේ Fairy Cheon Ji නම් ෂාමන්වරිය) චරිතයට රංගනයෙන් දායක වෙනවා.

 

Choo Young-woo (Bae Gyeon-woo ලෙසින්)
‘The Trauma Code: Heroes on Call’, ‘School 2021’ වගේ කතා මාලා වලින් ජනප්‍රිය වුණු Choo Young-woo, මේ කතාවේ ප්‍රධාන පිරිමි චරිතය වෙන Bae Gyeon-woo විදිහට රංගනයෙන් දායක වෙනවා.

වෙනත් ප්‍රධාන චරිත:
* Cha Kang-yoon (Pyo Ji-ho විදිහට)
* Choo Ja-hyun (Yeom-hwa විදිහට)
* Kim Mi-kyung (නායිකා Dong-cheon විදිහට)
* Yoon Byung-hee (Kkotdoryeong විදිහට)

කතාවේ සාරාංශය
‘Head Over Heels’ කතාව ගෙතිලා තියෙන්නේ Park Seong-ah කියන අසාමාන්‍ය උසස් පාසල් ශිෂ්‍යාව වටා. එයා දවල්ට සාමාන්‍ය ශිෂ්‍යාවක් විදිහට හිටියත්, රෑට Fairy Cheon Ji කියන වෙස්මුහුණක් දාගත්ත ෂාමන්වරියක් විදිහට වැඩ කරනවා. එයාට මැරුණු අයත් එක්ක කතා කරන්න, නොපෙනෙන දේවල් දකින්න, වගේම අවාසනාවන්ත දේවල් වෙන්න කලින් කියන්න හැකියාවක් තියෙනවා. තම අනන්‍යතාවය හංගගෙන ඉන්න මෙයා, අනාගතේ, වාසනාව සහ ලෙඩදුක් ගැන අහන්න එන අය නිසා ගොඩක් කාර්යබහුලයි.

දවසක්, Bae Gyeon-woo කියන තරුණයයි එයාගේ ආච්චීයි, මේ ෂාමන්වරියගෙන් උදව් ඉල්ලගන්න එයාගේ පන්සලට එනවා. පළමු බැල්මෙන්ම Bae Gyeon-woo ට ආදරය කරන Seong-ah, එයාගේ ෂාමන් බලයෙන් දකිනවා එයාට ළඟදීම මරණයක් නියම වෙලා තියෙනවා කියලා. පුදුමේ කියන්නේ, පහුවෙනිදාම Bae Gyeon-woo අලුත් ශිෂ්‍යයෙක් විදිහට එයාගේ ඉස්කෝලෙට එන එක. මේ සිද්ධියෙන් පස්සේ, Seong-ah එයාගේ අවාසනාවන්ත ඉරණම වෙනස් කරන්න තීරණය කරනවා. එයා නිතරම එයාට ළං වෙලා, එයාව කරදර වලින් බේරගන්න පුළුවන් හැම දෙයක්ම කරනවා.

* Seong-ah ට Bae Gyeon-woo ගේ ඉරණම වෙනස් කරන්න පුළුවන් වෙයිද?
* එයාගේ ෂාමන් අනන්‍යතාවය Gyeon-woo දැනගනියිද?
* එයාලා දෙන්නගේ ආදර කතාවට ඉරණමෙන් එන බාධා මොනවද?
* අන්තිමට එයාලට එකට සතුටින් ඉන්න පුළුවන් වෙයිද?

මේ කතාව නිකන්ම ආදර කතාවක් විතරක්ම නෙවෙයි fantasy, comedy, supernatural කලවම් වුණු වෙනස්ම අත්දැකීමක්. Cho Yi-hyun සහ Choo Young-woo ගේ දක්ෂ රංගනයෙන් දිගහැරෙන මේ කතාමාලාව, ඔයාලව අන්තිම වෙනකල්ම කුතුහලයෙන් තියයි කියලා මට විශ්වාසයි.

මේ කොරියානු කතාමාලාවට සිංහල උපසිරැසි අරගෙන එන මම,
~ ප්‍රමුඛ විශ්වජිත් ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


13
Total Subtitles

3 comments

  1. Niroshani Maduka

    ගොඩක් ස්තුතියි.සබ් එක දෙනකම් බලාගෙන හිටියේ.👍👍❤️

  2. thank you saho. mob land ekath genna balanna .

  3. Buddhika laKMal
    Cineru_users

    අඩෝ. තෑන්ක්ස මචං මේ සීරිස්එකට සබ් දෙන්නපටංගත්තට…
    බලන්නම හිටපු එකක්….
    තෑන්ක්ස් බොසා…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login