The title of the page
Harom Hara - The Revolt (2024) Sinhala Subtitles
Harom Hara - The Revolt (2024) Sinhala Subtitles
8.4

Harom Hara – The Revolt (2024) Sinhala Subtitles | “ගම වෙනුවෙන් සටනේ…” | සිංහල උපසිරැසි සමඟ

(Harom Hara – The Revolt (2024) Sinhala Subtitles) (Harom Hara – The Revolt (2024) Sinhala Sub) (Harom Hara (2024) Sinhala Subtitles) (Harom Hara (2024) Sinhala Sub)

ආයුබෝවන් ඉතින්..

අද සිනෙරු එකට ගොඩ වුණේ තවත් කුපිරි තෙලිගු ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙනම. අද මම ඔයාලට අරගෙන එන්නේ මගේ දෙවෙනි තෙලිගු උපසිරසි ගැන්වීම. විශේෂයෙන් ගොඩ දෙනෙක්ගේ ලොකු ඉල්ලීමක් තිබ්බා මේ ෆිල්ම් එකටත් සිංහල උපසිරැසිය දෙන්න කියලා. ඉතින් මම හිතනවා එයාලගේ ඉල්ලීම ඒ විදිහටම ඉටු වුණා කියලා. 🥺🥺

තව දෙයක්. මේක මගේ පළමු අසා ලිවීමක් වෙනවා. හේතුව තමයි මේකට දීපු E-Sub එකේ තිබ්බ ප්‍රශ්න නිසා සමහරක් දෙබස් (බාගෙට බාගයක්) අසා ලිවිල්ලක් කරන්න වුණා. ඒකෙන් තමා දෙන්න පරක්කු වුනේ. ලොකු ලයින් ප්‍රමාණයක් නැති හින්දා වැඩේ ඉක්මනට කරලා දෙන්න හැදුවට උපසිරැසිකරුවෙක් විදිහට මම මගේ රාජකාරිය හරියට ඉටු නොකලොත් ඒකෙන් ප්‍රේක්ෂකයින්ට ලොකු අසාධාරණයක් වෙන්නේ. ඉතින් ඒ නිසාම මේ උපසිරැසියේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට සමාවෙන්න. (මොකද හරි කොලිටියට උපසිරැසියක් දෙන එක තමයි උපසිරැසිකරුවෙක්ගේ රාජකාරිය වෙන්නේ.)

හරි, දැන් වැල්වටාරම් ඇති නේ. අපි එහෙනම් යමු කතාවට.

නයිට්‍රෝ ස්ටාර් සුධීර් බාබු, මල්විකා ශර්මා , සුනිල් වර්මා , ජයප්‍රකාශ් රංගනයෙන් දායක වුණ මේ ෆිල්ම් එකේ නම Harom Hara. 2024 ජුනි 14 වෙනිදා තිරගත වෙච්ච මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය ඥානසාගර් ද්වාරකාගෙන්. සංගීත අධ්‍යක්ෂණය Chaitan Bharadwaj ගෙන් වෙනවා. නිෂ්පාදනය Sumanth G Naidu ගෙන්.

රේටින් ගැන කතා කලොත් IMDB අගය 8.5/10කුත් ගුගල් පරිශීලක අගය 83% කුත් තියෙනවා.

OTT නිකුත් කරන්නේ Aha Stream වලින්, ජූලි 11 වෙනිදා යන දවස.

දැන් කතාව ගැන කියන්න ගියොත් තාම මම හොදටම කන්ෆියුස් වෙලා තියෙන්නේ. මොකද මට හරියට ෆිල්ම් එක බලාගන්න බැරි වුනු හින්දා. ඒ නිසා මෙතනින් එහාට සුශ්මි මිහාරා සහෝදරියට මේ ෆිල්ම් එක දැනුනු විදිහ ගැන විස්තරයක් ෆේස්බුක් එකෙන් මට හමුවුනා. මම එයාගේ අවසරයෙන් තමා මේක උපුටාගන්නේ.

“මිනිස්සු ගරු කරන්නේ සල්ලි තියෙනවා නම් විතරයි”

ඔයා මොකක් හරි හොර වැඩක් කරනවා

මම නැ …

කියන්න මොකක්ද කරන හොර වැඩේ

මමත් කියන්න හිටියේ , මන් වැරදි වැඩක් කරනවා මම තු/ව/ක්/කු හදනවා…

ඈ බොරු කියන්න එපා

පේනවද…

මේක වැඩද ඉතින්

බු/ල/ ට් දැම්මා නම් මැරෙනවා

ඔයා වැරදි කරනවා කිව්වේ මේකද

ඔව්…

එකේ වරද මොකක්ද ..නැ එක වැරදි වෙන්නේ කොහොමද

මේක නීති විරෝධීනේ

මෙච්චර කල් අපි හම්බ කරල හරියට එදා වේලවත් කන්න තිබ්බාද නැ නේ…?

අපි හරියට හිටියත් නරකයි මේ සමාජේ

අපිට ගරුත්වයක් ලැබෙන්නේ නැ …

ඔයා ඔහොම කියයි කියලා මම හිතුවේ නැ

එහෙනම් මොනවා කියයි කියලා ද හිතුවේ අනේ… එහෙම කරන්න එපා අපි ලුණුයි බතුයි කාලා හරි ඉමු එහෙම කියයි කියලා ද…

“හරෝම් හර” (2024) යනු 1980 දශකයේදී (සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ) රසායනාගාරශාලා උපකාරකයෙකු වූ සුබ්‍රමනියම් රසායනාගාරයක සේවය කරමින් සිටියදී එහි ඇති වන ප්‍රශ්නයක් නිසා ඔහුට එම රැකියාව අහිම් වන අතර ඉන්පසු ඔහු සිය නිවසබලා පිටත්ව යනවා. එහිදි ගෙදර ද තම පියා විසින් ගමේ මිනිස්සුන්ගේන් ණයට සහ පොලියට මුදල් ලබාගෙන එවා නොගෙවා ඉදිම හේතුවෙන් ගම්වාසීන් ලොකු ප්‍රශ්නයක් ඇති කරත් සුබ්‍රමනියම් විසින් එම මුදල් නැවත ලබා දෙන පොරොන්දුව මත ගමේ මිනිස්සුන් ආපසු යනවා. ගම්මුන්ට 28800 මුදලක් පියා ණය වි තිබුණත් ඔවුන්ට එය ඉතාමත් ලොකු මුදලක්. මුදල් හෙවිමට මගක් සොයා ඉද්දි තමයි පොලිස් රස්සාව අහිම්ව ඉන්න පලනි ගේ අතේ තිබු ආයුධයක් මාරගයෙන් අ/වි වෙළඳාමට හැරෙන අයුරු පාදක කොට ගත් තෙළුගු ක්‍රියාකාරී චිත්‍රපටයක් වන ග්නානසාගර් ද්වාරකා අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය සුධීර් බාබු, මල්විකා ෂර්මා, සහ සුනිල් රංගනයෙන් දායක වේ.සුබ්‍රමනියම් ගේ අපරාධ ආරම්භය පිළිබඳ කතාවක් වන මෙය රංගනයෙන් සුධීර් ගේ අතිශයින්ම ක්‍රියාදාම චිත්‍රපට අතරින් හොදම එක වනවාට කිසිම සැකයක් නැත.

මෙය නිසැකවම “සම්මෝහනම්” ට පසු ඔහුගේ වෘත්තීය ජීවිතයේ හොඳම රංගනයන්ගෙන් එකක් බව නම් කිවයුතුමය.මල්විකා ෂර්මාට සීමිත භූමිකාවක් තිබියදීත් ඇයගේ රංගනය බොහො සෙයින් දැනුණු අතර තිරය මත ඉතාමත් සිත් ඇදගන්නාසුළු විමද විශේෂය.වැඩ තහනමට ලක් වූ SI ලෙස පලනි (සුනිල්) ප්‍රශංසනීය රංගනයක් ඉදිරිපත් කළ අතර සුධීර් බාබු සමඟ මුළු චිත්‍රපටය පුරාම දර්ශන සියල්ලටම ඉතාමත් හොඳ සාධරණීකරණයක් ඉෂ්ඨ කරල තිබිමද වැදගත්. ජයප්‍රකාශ් ඔහුගේ පියාගේ චරිතය තුලින් කැපි පෙනෙන රංගනයක් ඉදිරිපත් කලේය.එ අතර රවී කේල්, ලක්කි ලක්ෂ්මන් සහ අර්ජුන් ගෞඩ දුෂ්ටයන් ලෙසද දක්ශ රංගනයක නියැලුනෙය.බලන්න ආස අයට බලන්න හොඳ ක්‍රියාදාම චිත්‍රපටයක් බව පමණක් කිව යුතුයි.

උපුටාගැනීම: සුශ්මි මිහාරා ගේ සටහනකිනි.

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


9
Total Subtitles

9 comments

  1. kasun widush
    Cineru_users

    Tnx sub ekata sahoo
    Mee tikatath blnda sub denda baland
    Garuda Purana (2023) Kannada
    Shakhahaari (2024) Kannada

    • Oshada Eranga
      Cineru Family Member

      හරි සහෝ.. දෙන්න උත්සහ කරන්නම් ❤️😊

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි එරංග ……………
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. M A Buddhika Lakmal
    Cineru_users

    ස්තුතියි ඕෂද සහෝ සබට

  4. Oshada Eranga
    Cineru Family Member

    කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි ❤️🫶

  5. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login