The title of the page
7.4
70
91

Good Bad Ugly (2025) Sinhala Subtitles | “ රෙඩ් ඩ්‍රැගන් ආගමනය ” | සිංහල උපසිරැසි සමඟ

Good Bad Ugly (2025) Sinhala Subtitles

ගුඩ් බෑඩ් අග්ලි…. අජිත් කුමාර්ගේ රංගනයෙන් ආදික් රවිච්චන්ද්‍රන්ගේ අධ්‍යක්ෂණයෙන් ජී වී ප්‍රකශ්ගේ සංගීතයෙන් මෛත්‍රි මූවි මේකර්ස්ලගේ නිෂ්පාදනයෙන් ඇක්සන් කොමඩි සානරයෙන් බිහිවුන චිත්‍රපටයයි. මේක මෛත්‍රි මූවිස් නිෂ්පාදනය කරන පලවෙනි දමිළ චිත්‍රපටයයි.

රංගනයෙන් ප්‍රධාන චරිතය අජිත් කුමාර් හා ත්‍රිෂා ක්‍රිෂ්ණන් එක්ක අර්ජුන්දාස්, සුනිල්, කාර්තිකේයා, ප්‍රියා ප්‍රකාශ් වාරියර්, ප්‍රභූ, ප්‍රශන්නා ඒ වගේම සිම්රන් , ජැකි ෂෙරොෆ්ගේ, ටිනු ආනන්ද්, ෂයින් චාකෝ හා හින්දි ගායිකාව ඌෂා හුතප් කෙටි රංගනයකින් දායකවෙනවා.

මේ ෆිල්ම් එකටම විශේෂවුන සිද්ධින් තමයි. මේ ටයිටල් එක ඒ කියන්නේ මේ ගුඩ් බෑඩ් අග්ලි කියන නම සෙලෙක්ට් කරල තියෙන්නේ අජිත්කුමාර් විසින්මයි. මේ ඉංග්‍රීසි ටයිටල් එකක් එක්ක එන එයාගේ දෙවෙනි ෆිල්ම් එක. පලවෙනි එක රෙඩි. ඊලග එක තමයි මේකේ අජිත්ගේ පුතාට රගපාන්න හිටියේ මලයාලම් නළු නස්ලින්. නස්ලින්ගේ කාලය වෙන්කරගැනීමේ ප්‍රශ්නයක් නිසා ඒ අවස්ථාව කාර්තිකේයාට ලැබෙනවා.

මේකේ සංගීතය කරන්න හිටියේ දේවි ශ්‍රි ප්‍රසාද් විසින්. නොවැළැක්විය හේතුන් නිසා දේවි ශ්‍රී ප්‍රසාද් වෙනුවෙට ජී වී ප්‍රකාශ් එකතුවෙනවා. Pinkvilla එකට අනුව පලමු දවසේ තමිල්නාඩුවේ වැඩිම ආසන වෙන්කරගැනීම (ටිකට් ප්‍රි බුකින් ) විදියට ගුඩ් බෑඩ් අග්ලි වාර්ථාගතවෙනවා. ඒ කෝටි 7.89ක් දර්ශන 2091 සදහා. මීට පෙර වාර්තාවෙලා තිබුනේ විජේගේ බීස්ට් ( 2022) ඒ කෝටි 7.87ක් දර්ශන 1500ක් ලෙසයි.

තව මේ චිත්‍රපටය සදහා අජිත්කුමාර්ගේ අඩි 250ක කටවුට් එකක් තිරුනෙල්වෙලි PSS මල්ටිප්ලැක්ස් එකේ හදන්න ගිහින් ඒක කඩා වැටිලා. කාටවත් අනතුරක් නෑ. මේ විඩියෝ එකනම් හොද හැටි වෛරල් වුනා. වීඩියෝ එක බලන්න ඕන අයට.

🎻මේකේ විශේෂම දේ තමයි කොපි රයිට්ස් ක්ලේම් කරල තියෙන එක #GBU එකේ සින්දු තුනකට. වැඩේ කියන්නේ මේ සින්දු තුනම ඉලයරාජාගේ. ඉතින් කොපි රයිට්ස් ඉල්ලලා තියෙන්නේ ඉලයරාජා. සින්දු තුනට කෝටි 5ක් වන්දි ඉල්ලලා ඒ වගේම දින 7ක් ඇතුලත #GoodBadUgly කණ්ඩායම සමාව ගන්නත් ඕනේලු.

🎶ඒ සින්දු තුන තමයි

🎤ඉලමයි ඉදෝ ඉදෝ
🎤ඔත්තරුබා තාරේන්
🎤එන් ජෝඩි මන්ජ කුරුවි

🎥වැඩේ කියන්නේ #GBU කණ්ඩායම මේ ගීත තුන භාවිතා කරන්න ඒ සින්දු අයිති මියුසි කොම්පැනියෙන් #NOC අවසරය අරගෙන කියල කියන්නේ.

🎼ඉලයරාජා මේ ගීත තුන සදහා සංගීතය සපයා තිබුනත් මේ ගීත එලි දක්වා ඇත්තේ සෝනි මියුසික් හා ප්‍රමීඩ් මියුසික් ලේබල් යටතේයි.

🎵ඉලමයි ඉදෝ ඉදෝ – සෝනි මියුසික්
🎵එන් ජෝඩි මන්ජ කුරුවි -සෝනි මියුසික්
🎵ඔත්තරූබා තාරේන් – ප්‍රමීඩ් මියුසික්

කතාව බලමු.

ඇත්තටම මේ ෆිල්ම් එකට කතාවට ලොකු තැනක් දීල නෑ. තියෙන්නේ සාමාන්‍ය කතවක්. මැර තාත්තා AK හැම දෙයක්ම පුතා වෙනුවෙන් අතෑරලා හිරේ යනවා. නමුත් පුතාට ලොකු කරදරයක් වෙනවා ස්පාඤ්ඤයේදී. හිරේ ඉන්න AK යනවා ස්පාඤ්ඤයට තම පුතා වෙනුවෙන්. ඒ වෙන සිද්ධින් තමයි චිත්‍රපටයක් විදියට දිග හැරෙන්නේ.

විඩාමුයච්චි කියන්නේ අජිත්ගේ හොද රංගනක් දකින්න පුලුවන් චිත්‍රපටයක්. නමුත් ඒකේ දැඩි පීඩනයට ලක්වුණ මැදිවියේ චරිතයක්. ඉතින් අජිත් ෆෑන්ස්ල ඒකට වැඩි කැමැත්තක් තිබුනේ නෑ. ෆ්ල්ම් එක ආදායම අතින් අසාර්ථක වුනා කියලයි කියන්නේ. ඒ කාලේම GBU එක ගැන ආදික් කිව්වා මේක තනිකරම අජිත් ෆෑන්ස්ලට සමරණන්න පුලුවන් චිත්‍රපටයක් වෙනවා කියල. ආදික් කිව්ව විදියටම අජිත්ගේ ෆෑන්ස්ලව සතුටුකරපු චිත්‍රපටයක් වුණා. අජිත් රසිකයන් මේක උත්සවයක් වගේ සමරන්න වුණා.

මේක ෆෑන් මේඩ් මෙගා මාස් එන්ටර්ටේන්මන්ට් මූවි එකක්. අනිවාර්යයෙන් මේක සිනමා ශාලාවකම බලන්න ඕන එකක්. විශේෂයෙන් අජිත් ෆෑන්ස්ල තියටර්ම බලන්න. Ott ආවම ඒක බලල කට්ටිය බෑඩ් රිවිව්ස් දෙනවා දෙකක් නෑ ඒකෙන්නම්. විශේෂයෙන් ශ්‍රී ලංකා ෆිල්ම් ඔස්තාර්ල.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


261
Total Subtitles

10 comments

  1. Oshada Eranga
    Cineru Family Member

    නියමයි පීටර් අයියේ ❤️😍

  2. Buddhika laKMal
    Cineru_users

    Thanks Bro sub ekata…

  3. Gemmak tamai… Jaya weewaa… ❤️❤️❤️❤️❤️❤️❤️

  4. Video eka original ekada

  5. Hc kiyanne high copy kiyana ekada bn.. 🙄

  6. Subtitles eka kalin ynawa debas passe..subtitles eka aul mata…

    • Anjula Umesh
      Cineru Family Member

      මේ තියෙන්නේ අද ආව Original කොපියට දුන්න සබ් එක..ඒක ගැලපෙන්නේ අද ආව කොපි වලට..

  7. Kasun Widusha
    Cineru_users

    බොහෝම ස්තූතියි උපසිරසියට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login