The title of the page
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles
Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles
5
48

Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles | ගීතාංජලි නැවතත්.. | සිංහල උපසිරැසි සමඟ

(Geethanjali Malli Vachindi (2024) Sinhala Subtitles) (Geethanjali Malli Vachindi (2024) Sinhala Sub) (Geethanjali Malli Vachindi Sinhala Subtitles) (Geethanjali Malli Vachindi Sinhala Sub)

ආයුබෝවන් හැමෝටම…

ඔන්න අදත් මම මගේ පළමු තෙලිගු උපසිරැසිය අරගෙන තමා අද සිනෙරු එකට ගොඩ වැදුණේ. වැඩේ තියෙන්නේ මේක බාර අරගෙන හරියටම ගොඩක් දවස් වෙනවා.(බොරු කියන්නත් බෑනේ.) කාර්යබහුලත්වය නිසාම මේක ටිකක් අභියෝගාත්මක වුනත් වැඩේ කොහොමහරි කරලම දැම්මා. සබ් එකේ ලයින් ගානත් 2000+ වගේ තිබ්බ නිසාද මන්දා පොඩ්ඩක් කල් ගියා වැඩේ ඉවර කරන්නම. ඒ හින්දා අඩුපාඩු තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් සමාවෙන්ඩ හොදේ.

කතාවට ගියොත්..

2014 වසරේදී නිකුත් කරපු Geethanjali ෆිල්ම් එක නොබලපු කෙනෙක් නැති තරම්. ඉතින් ඒකෙම sequel එක තමා අද ඔයාලට දෙන්නේ. ඒ තමා Geethanjali Malli Vachindi කියන ෆිල්ම් එක. කොමඩි හොරර් ශානාරයට අයිති මේ ෆිලුම මේ අවුරුද්දේ අප්‍රේල් 11 තමා නිකුත් වෙන්නේ. (නමුත් මේ ෆිල්ම් එක නිකුත් වෙන්න තිබ්බේ මාර්තු 22. ඒත් ඒක කල් ගියපු හින්දා තමයි මේ දවසේ නිකුත් කලේ.) මුල් ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය රාජ් කිරාන් කලාට මේකේ අධ්‍යක්ෂණය කරන්නේ ශිවා තුලාපටි විසින්. මේ ෆිල්ම් දෙකේම එකම විශේෂත්වය තමා ෆිල්ම් දෙකම එයාලගේ පළමු අධ්‍යක්ෂණයෙන් දායක වෙන ෆිල්ම් දෙකක් වෙන එක. සංගීතය ප්‍රවීන් ලක්කරාජුගෙන්. (ෆිල්ම් දෙකේම සංගීතය සැපයුවේ එයාම තමයි.) නිෂ්පාදනය කෝනා වෙන්කට් හා M.V.V සත්‍යනාරායනගෙන්.

Geethanjali Malli Vachindi කියන්නේ අපේ කතා නායිකාවට නම් සුවිශේෂී දෙයක්. වෙන හේතුවක් නිසා නෙමෙයි, මේක එයාගේ 50 වෙනි ෆිල්ම් එක වෙන හින්දා. ඒ වෙන කවුරුත් නෙමෙයි, අංජලි. මේ දවස්වල විශ්වන්ක් සෙන් ගේ Gangs Of Godavari ෆිල්ම් එකේ එයා රංගනයෙන් දායක වෙනවා. (දැන් ඒකේ OTT නිකුත් වෙලා)

රේටින් ගැන කතා කලොත් IMDB අගය 5.0/10කුත් ගුගල් පරිශීලක අගය 47% කුත් තියෙනවා.

OTT නිකුත් කරන්නේ Amazon Prime Video හා Aha Stream වලින්, මැයි මාසේ 8 වෙනිදා හා 11වෙනිදා යන දවස් දෙක ඇතුලේ.

කතාව යන්නේ මෙහෙමයි.
පළමු කොටසේ වෙච්ච දේ මතක ඇති නේ කට්ටියට. ඒ කියන්නේ රමේෂ් රාඕ කියන මනුස්සයාව මරන සිද්ධිය. මේ ෆිල්ම් එකේ වෙන්නේ එයාගේ පුතා වෙචිච විශ්නුව මරන සිද්ධිය. මං ඔය කිව්වේ අන්තිමට වෙන දේ.

හැබැයි පළමු කොටසේ හිටපු අපි දන්නා අදුනන චරිත කිහිපයකුත් මේ ෆිල්ම් එකෙත් ඉන්නවා.

කාස්ට් එක ගත්තොත්..
Anjali
Srinivasa Reddy
Satya
Satyam Rajesh
Shakalaka Shankar
Teja Sajja
Sunil varma
Rao Ramesh (Cameo)
Rahul Madhav
වගේ හොද කාස්ට් එකක් එනවා.

පොඩි දෙයක් කියන්න ඕනේ. පුලුවන් නම් මේකේ පළමු කොටස අරගෙන බලලා දෙවෙනි කොටස බලන එක කෝකටත් හොදයි. මොකද මේකටයි ඒකටයි සම්බන්ධයක් තියෙන නිසා.(සම්බන්දේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. 😊😊😊)

ඔයාලගේ අදහස් හා ⁣අඩුපාඩු කොමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා.

තවත් ෆිලුමකින් ආයේ හමුවෙමු.. එතකම් සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


5
Total Subtitles

10 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Pt sir tamil film ekata sub ekk puluwannm hadala dannko..

  3. Kasun Widusha
    Cineru_users

    tnx sub ekata bro puluwannm mee 3 ta sub denda balanda
    Garuda Purana (2023) Kannada
    Krishnamma (2024) Telugu
    Shakhahaari (2024) Kannada

  4. Buddhika laKMal
    Cineru_users

    බොහොම ස්තූතියි මචෝ උපසිරැසියට….

  5. Download link nane bro

    • Anjula Umesh
      Cineru Family Member

      දාලා තියෙන්නේ..ලින්ක් පෙන්වන්නැත්තන් මෙනු එකට ගිහින් ලොගින් බට්න් එක ටච් කරලා ලොග් වෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login