The title of the page
Gangnam B-Side (2024) S01 E01 Sinhala Subtitles
Gangnam B-Side (2024) S01 E01 Sinhala Subtitles
8.7

Gangnam B-Side (2024) S01 E01 Sinhala Subtitles | “ගංනම්වල අතුරුදහන් වූවන්..” | සිංහල උපසිරැසි සමඟ

(Gangnam B-Side (2024) Sinhala Subtitles) (Gangnam B-Side (2024)  Sinhala Sub) (Gangnam B-Side Sinhala Subtitles) (Gangnam B-Side Sinhala Sub) (Gangnam B-Side (2024) Korean Drama Sinhala Subtitles) (Gangnam B-Side (2024) Korean Drama Sinhala Sub) (Gangnam B-Side Korean Drama Sinhala Subtitles) (Gangnam B-Side Korean Drama Sinhala Sub)

එහෙනම් ඔන්න මම අලුත් ඔන්ගොයින් ඩ්‍රාමා එකකට සබ් අරගෙන ආයෙම ආවා..

ඩ්‍රාමා එකේ නම Gangnam B-Side. Action, Thriller,Crime කැටගරි එකට තමයි අයිති වෙන්නෙ. Disney+ නෙට්වර්ක් එකෙන් නොවැම්බර් 06 වෙනිදා ඉදන් විකාශයාරම්භ වෙනවා. එතකොට ඩ්‍රාමා එකට එපිසෝඩ් 08ක් තියෙනවා විනාඩි 50ක ධාවන කාලයකට යටත්. ප්‍රචණ්ඩකාරී දර්ශන නිසා මේක වයස 18+ට වැඩි අයට තමා සීමා කරලා තියෙන්නෙ. තව කිව්වොත් අධ්‍යක්ෂණය Park Noo Ri ගෙන්. තිර පිටපත් රචනය Jo Won Gyu ගෙන්. ප්‍රධාන චරිත Jo Woo-jin, Ji Chang-wook, Ha Yoon-kyung, Bibi මේ හතර දෙනා නිරූපනය කරනවා. The Worst of Evil ඩ්‍රාමා එකෙන් පස්සෙ Chang-wook, Bibi මේ දෙන්නා එකට ඉන්න ඩ්‍රාමා එකක් ඔන්න අපිට බලාගන්න පුලුවන්. Bibi ගැන කිව්වොත් Badass චරිතවලට කියාපු නිළිය. Ji Chang-wook ගෙ ඇක්ටින් එන්න එන්නම සුපිරි වෙනවා කියන එකත් අවිවාදෙන්ම පිළිගන්න පුලුවන්. Queen Woo බැලුවනම් ඒ ගැන මොනවට පැහැදිලි වෙයි. කොල්ලා දක්ෂයා. සාම්ප්‍රදායික පෙම්වතාගෙ චරිතයෙන් ඔබ්බට ගිය ඇක්ෂන් පැත්තට නැඹුරු චරිත එයාට ගොඩක්ම ගැලපෙනවා කියන එක තමා මගේ මතය.

කං දොං-උ ගේ චරිතය කරන Jo Woo-jin  ප්‍රභූ පොලිස් ඇකඩමියකින් උපාධිය අරගත්ත රහස් පරීක්ෂකයෙක්. මොනවහරි දෙයක් තහවුරු කරගත්තම පැකිලෙන්නෙ නැති හින්දා එයාට අනපේක්ෂිත සිදුවීම් ගොන්නකට මුහුණ දෙන්න වෙනවා. Ji Chang-wook  යුන් ගිල්-හෝගෙ චරිතය රඟදක්වනවා. ගිල්-හෝ කියන්නෙ තැරැව්කාරයෙක්. Ha Yoon-kyung ගෙ චරිතය තමා මින් සෝ-ජින්. ප්‍රාදේශීය ජාතික විශ්ව විද්‍යාලයකින් උපාධිය ලබාගත් තැනැත්තියක් වෙන සෝ-ජින් අභිචෝදක කාර්යාලයේ සේවය කරන අභිචෝදකවරියක්. Kim Hyeong-seo (Bibi) කිම් ජේ-හීගෙ චරිතය  නිරූපනය කරනවා.

දවස තිස්සෙම මිනිස්සුන්ගෙන් පිරිලා තියෙන නගරයක් තමා ගංනම් කියන්නෙ. ඒවගේම මේ ගංනම් නගරය මැද අතුරුදහන්වීම් මාලාවක් සිද්ධ වෙනවා. එක්තරා ආයතනයක සේවකයෙක් වෙන ජේ-හී එකපාරටම අතුරුදහන් වෙනවා. එයාව හොයන්න යන්නෙ ගිල්-හෝ. හොදම දේ ජේ-හීව හොයන්නෙ ගිල්-හෝ විතරක් නෙවෙයි. තම සගයන්ගේ වැරදි හෙළි කලාට පස්සෙ රහස් පරීක්ෂක කං දොං-උ ප්‍රධානියාගේ ඉල්ලීමකින් විමර්ශනයට පවරනවා. ප්‍රධාන අභිචෝදකගේ අනුදැනුම ඇතිව අභිචෝදක මින් සෝ-ජින් මේ පස්සෙන් පන්නනවා.

එහෙනම් රසික හිතවතුනි මේ කතාව බලාගෙන යන්න ඔයාලට භාරයි..

මම.. උචිනි පෙරේරා

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උචිනි පෙරේරා

June 2, 2021


639
Total Subtitles

3 comments

  1. Achi
    Top Fan ⭐⭐⭐

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌
    ඉතුරු කොටසටත් ඉක්මනටම සබ් දන්න බලන්න ❤

  2. Buddhika laKMal
    Cineru_users

    තැන්ක්යූ සිස් අලුත් කොරියන් සීරිස් එහෙකට සබ් ගෙනාවට…

  3. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login