The title of the page
Furiosa A Mad Max Saga Sinhala Subtitle
Furiosa A Mad Max Saga Sinhala Subtitle
7.8
90
88

Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles | “මුඩුබිම” | සිංහල උපසිරැසි සමඟ

(Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitles) (Furiosa: A Mad Max Saga (2024) Sinhala Subtitle) (Furiosa: A Mad Max Saga (2024) Sinhala Sub) (Furiosa A Mad Max Saga Sinhala Subtitle) (Furiosa: A Mad Max Saga Sinhala Subtitle) (A Mad Max Saga Sinhala Subtitle) (Mad Max (2024) Sinhala Subtitle)

කොහොමද යාලුවනේ ඔන්න අදත් ඔයාලට අලුත්ම උපසිරැසියක් අරගෙන ආවා. සුපුරුදු විදිහට කැම් පිටපතකට කරලා තියාගත්ත නිසායි මේ ඉක්මනින් දෙන්න පුළුවන් වුනේ.

ඒ වගේම මට මේක සුවිශේෂ දවසක් වෙනවා මොකද මේ මගේ 100 වෙනි උපසිරැසි නිර්මාණය. උපසිරැසි 100 කරනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි කාර්යබහුලත්වයත් එක්ක. ඉතින් 2020 ජූලි 14දා පටන්ගත්ත මේ වැඩේ ලොකුම ඇචිවුමන්ට් එකක් තමයි අද. ඉතින් මේකට සෑහෙන දෙනෙක්ගේ සහයෝගය ලැබුණා. ඒකට ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

හරි අපි දැන් චිත්‍රපටිය පැත්තට යමු. අද මං අරන් ආවේ අලුතින්ම නිකුත්වුණ ඔයාලා එනකල් බලාගෙන හිටිය Mad Max චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය Furiosa: A Mad Max Saga (2024)

Furiosa: A Mad Max Saga (2024) - IMDb

Action/Adventure කාණ්ඩය අයත්වෙන මෙයට පැය 2 මිනි: 28ක ධාවන කාලයක් තියෙනවා. සුපුරුදු විදිහටම චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ George Miller විසින්. දැන් George Miller කියන්නේ වයස 79ක් වෙන දක්ෂ ඔස්ට්‍රේලියානු අධ්‍යක්ෂකවරයෙක්. දැනට Mad Max චිත්‍රපට මාලාවට මීට අමතරව චිත්‍රපටි 4ක් අයිති වෙනවා. ඒ Mad Max (1979), Mad Max 2 (1981), Mad Max: Beyond Thunderdome (1985), සහ Mad Max: Fury Road (2015).චිත්‍රපට සියල්ලේම අධ්‍යක්ෂක වෙන්නේ George Miller මහත්තයා.මං හිතන්නේ ඔයාලා මුල් චිත්‍රපටි නැතත් හැමෝම 2015 නිකුත්වුණ Mad Max: Fury Road චිත්‍රපටිය අනිවාරෙන්ම බලලා ඇති නේ. එහෙනම් ඒ හොඳටම ඇති.

Mad Max: Fury Road (2015) - IMDb

Mad Max චිත්‍රපටි මාලාවේ ආපු ඉහළ මට්ටමේම චිත්‍රපටිය කියලා කීවොත් මං හරි. Tom Hardy සහ Charlize Theron ප්‍රධාන චරිත නිරූපණය කරපු ඒ චිත්‍රපටියේ කතාව ඔයාලට මතක ඇතිනේ, ඉමෝටන් ජෝගේ යුධ රථය Fury Road එකේ පදින ෆියුරිඕසා කියන අතක් අහිමි ගෑණු කෙනෙක් ඉමෝටන් ජෝගේ කිරිදෙන මව්වරුන්වත් යුධ රථයට දාගෙන බලකොටුවෙන් පැනලා යනවා. එයාලව අල්ලගන්න දාන වැඩ කෑලි ටික ඔයාලට ඒ චිත්‍රපටියෙන් දකින්න පුළුවන් වුණා.

ඉතින් ඒ ෆියුරිඕසා කියන ප්‍රධාන චරිතය කොහොමද හැදුනේ කියලා පෙන්නන්න අධ්‍යක්ෂක George Miller මහත්තයට ඕනවුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේක නිර්මාණය වෙන්නේ.

ෆියුරිඕසා චරිතය නිරූපණය කරන්නේ Anya Taylor-Joy.

Mad Max Prequel Furiosa Casts Anya Taylor-Joy, Chris Hemsworth

ප්‍රධාන දුෂ්ටයා වෙන ඩිමෙන්ටස් චරිතය නිරූපණය කරන්නේ Chris Hemsworth.

Chris Hemsworth Spent '4 Hours in the Makeup Chair' for Furiosa Look

මීට අමතරව Tom Burke, Alyla Browne, Nathan Jones, Lachy Hulme ඇතුලු විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා. Anya Taylor-Joy සහ Chris Hemsworth ඇතුළු පිරිස විශිෂ්ට විදිහට චිත්‍රපටිය කරලා තියෙනවා සහ මහන්සිවෙලා තියෙනවා කියලා බැලුවාම ඔයාලටම තේරුම්ගන්න පුළුවන්.

චිත්‍රපටිය ගත්තාම ෆියුරිඕසාගේ ළමා කාලයේ ඉඳලා Mad Max: Fury Road චිත්‍රපටියේ මව්වරු එක්ක පැනලා යන කොටසට සම්බන්ධ වෙනකල් කතාව ගෙනියනවා. මේකෙදී ඉමෝටන් ජෝගේ වගේම තවත් කල්ලි කීපයක්ම දැකගන්න පුළුවන්. ආදායම් අතින් සාර්ථක වෙන්න බැරිවුණ එකනම් අපරාදේ කියලා හිතෙනවා. ඒත් චිත්‍රපටිය හොඳට රසවිඳින්න පුළුවන් කියලා බය නැතුව විශ්වාසයෙන් කියන්න පුළුවන්. 

මං කතාව කියන්න අදහසක් නෑ.

එහෙනම් ඔයාලම අරන් බලන්නකෝ.

ඔයාලට ජයවේවා !!!

~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL /WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුපුන් සදීප

July 14, 2020


100
Total Subtitles

6 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    100 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Sahan Samarawickrama
    Cineru_users

    තැන්කියු සහෝ 100 වෙනි කඩ ඉම මෙන්ම ඩබල් සෙන්චරියත් ගසන්න ශක්තිය දහිර්යය විවේකය ලබේවා…. කරන කියන කටයුතු අති සාර්තක වේවා

  3. Rasara Heshan
    Cineru_users

    Thanks brother for your sub.
    Congratulations.
    Keep it up.

  4. Buddhika laKMal
    Cineru_users

    100වෙනි උපසිරැසියට සුබපැතුම් මචං….
    මේ සබටත් ස්තූතියි…
    ජයවේවා….

  5. කතාව මම කියන්නේ නැ…ඒක නියමයි සහෝ..ඔබට සුබ පැතුම් සහ බොහොමත්ම ස්තුති ❤️

  6. thanks 100 sub congratultions bro

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login