Final Destination Bloodlines (2025) Sinhala Subtitles | ”මරණය වළකනු බැහැ” | සිංහල උපසිරැසි සමඟ
1 day ago
අපරාධ, අභිරහස්, ඉංග්රීසි, ඔක්කොම එකට, ක්රියාදාම, කැටගරි, චිත්රපට, ත්රාසජනක, භාෂා, සිංහල උපසිරැසි, සුපුන් සදීප, හොල්මන්
(Final Destination Bloodlines (2025) Sinhala Subtitles) (Final Destination Bloodlines (2025) Sinhala Subtitle) (Final Destination Bloodlines (2025) Sinhala Sub)
කොහොමද හැම කෙනෙක්ටම, සෑහෙන කට්ටියක් එනකල් බලාගෙන හිටිය අලුත්ම ෆිල්ම් එකක් අරගෙනයි අද මං ආවේ. සුපුරුදු විදිහට කැම් පිටපතට උපසිරසි කරපු නිසායි මේ ඉක්මනට දෙන්න පුලුවන් වුණේ.

Final Destination කියන්නේ සෑහෙන දෙනෙක් දන්න කියන චිත්‍රපටි මාලාවක්නේ. පුංචි කාලෙම මරණය කියන්නේ කොයිවගේ භයානක දෙයක්ද කියලා අපේ මනසට රිංගවන්න සමත්වුණු චිත්‍රපටි මාලාවක් විදිහට තමයි මම නම් Final Destination චිත්‍රපටි මාලාව හඳුන්වන්නේ. ඒ දවස්වල මාරම බයයි චිත්‍රපටිවල තිබ්බ දේවල් වලට. හුඟක් අයට අර කොට ලොරියේ සීන් එක ඔලුවට එනවා Final Destination කියද්දී. 2000 අවුරුද්දේ පටන්ගත්ත චිත්‍රපටි මාලාව අවුරුදු 11ක් ඇතුළත චිත්‍රපටි 5ක් නිකුත් කළා.
Jeffrey Reddick තමයි මේ කතාවේ නිර්මාණකරුවා වෙන්නේ. ඔයාලා දන්නවද එයා මේ පිටපත මුලින්ම ලියලා තියෙන්නේ ඔයාලා හැමෝම දන්න කියන The X-Files කතාමාලාවේ එක එපිසෝඩ් එකක් විදිහට. පස්සේ මෙයාට හිතිලා තියෙනවා මේකෙන් චිත්‍රපටියක් නිර්මාණය කරන්න. ඊටපස්සේ Warner Bros. Entertainment ආයතනයේ සමාගමක් වුණු New Line Cinema එකේ යාලුවෙක් එක්ක කතා කරලා මේකට The X-Files රචකයෝ වුණු James Wong සහ Glen Morganව සම්බන්ධ කරගෙන පළවෙනි චිත්‍රපටිය නිර්මාණය කරනවා. ඊටපස්සේ විවිධ අධ්‍යක්ෂකවරු සහ රචකයෝ යටතේ චිත්‍රපටි මාලාව ඉදිරියට කරගෙන ගියා.
ඉතිං මේ Final Destination Bloodlines කියන්නේ චිත්‍රපටි මාලාවේ 6වෙනි චිත්‍රපටිය. 5වෙනි චිත්‍රපටියෙන් අවුරුදු 14කට පස්සෙයි මේක නිර්මාණය වෙන්නේ.
Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Zach Lipovsky සහ Adam Stein. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 49ක් වෙනවා වගේම බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතයනය. මේ චිත්‍රපටිය Final Destination 5 චිත්‍රපටියට ප්‍රීක්වල් එකක් වෙනවා. ඒවගේම චිත්‍රපටි මාලාවේ වැඩිම ආදායමක් ලබපු චිත්‍රපටිය වෙන්නෙත් මේක. ඩො.මි. 50ක වියදමක් දරලා මේ වෙනකොට ඩො.මි 230කට වැඩි ඉතා ඉහල ආදායමක් ලබලා තියෙනවා.
හරි මං කතාව කියන්න යන්නේ නෑ එතකොට වැඩක් නෑනේ. ඔයාලම බලන්නකෝ.
හැබැයි පරණ චිත්‍රපටි ටික වගේම සුපිරියටම තියෙනවා කියලා නම් කියන්න ඕන. ලේ කියන එක හොඳටම පෙන්නනවා. ඒ ගැනත් අවදානෙන්.

එහෙනම් අලුත් උපසිරැසියකින් හම්බවෙමු. ඔයාලට ජය
~ උපසිරැසිකරණයේ නවමු රැල්ල සිනෙරූ ~
[දැනට නිකුත් වී ඇති PRE-HD පිටපත් වෙනුවෙන් උපසිරැසිය නිකුත් කර ඇත.]
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුපුන් සදීප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
ස්තූතියි සහෝ උපසිරැසියට….
ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ