Home / අපරාධ / Fast & Furious Spy Racers (2019 ) S01 E01 Sinhala Subtitles |”වීදි ධාවකයො” |සිංහල උපසිරැසි සමග

Fast & Furious Spy Racers (2019 ) S01 E01 Sinhala Subtitles |”වීදි ධාවකයො” |සිංහල උපසිරැසි සමග

Fast & Furious: Spy Racers (Season 01)

Fast & Furious සිනමාපට පදනම් කරගෙන 2019 December 26 වෙනි දින Netflix හරහා විකාශය වුණ Fast & Furious: Spy Racers 2019 Season 01 තමයි අද අරගෙන එන්නෙ.පළවෙනි කතා සමයට කොටස් 8 ක් ඇතුළත් වෙනවා. Universal Picture සහ Dream Works Animation සමාගම් තමයි මේකෙ නිෂ්පාදන කටයුතුවලට යොදාගෙන තියෙන්නෙ.Animation, Action, Crime ඝණයට ඇතුළත් වෙන මේ කතා මාළාවේ Imdb අගය පැත්තට හැරුණොත් IMDb 5.6 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.මේ කතා මාළාවෙ විධායක අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නෙ Vin Diesel, Neal H Moritz, Chris Morgan, Tim Hedrick හා Bret Haaland කියන අය.කාර් සම්බන්ධව යන චිත්‍රපටි සහ කතා මාළාවන් වලට කැමති කෙනෙක් නම් මේකටත් අනිවාරෙන්ම කැමති වෙනවා.මොකද මේක ජනප්‍රිය වෙන්න හේතු වුණ තවත් දෙයක් තමයි මේක පාදකවෙලා තියෙන්නෙ Fast an fiurious චිත්‍රපටිවල නිසා.ඒ වගේම මේක කරලා තියෙන්නෙ Netflix සමාගම වෙන එක තවත් කරුණක්.Netflix එකෙන් වැඩක් කරොත් ඉතින් ආයෙ දෙකක් සුපිරියක් වෙනවා.

Netflix ආයතනය විසින් නිෂ්පාදනය කරපු මේ කතා මාළාව ගැන පළවෙනි පාරට දැනුම් දෙන්නෙ 2018 අප්‍රේල් 23 වෙනිදා.මේ කතා මාළාව නිර්මාණය කරලා තියෙන්නෙ Tim Hedrick සහ Bret Haaland විසින්.

මේකෙ පසුබිම් හඬගැන බැලුවොත් Tyler Posey, Camille Ramsey, Luke Youngblood, Charlet Takahashi Chung, Jorge Diaz, Manish Dayal, Jimmy Tatro, True Valentino, Bayardo De Murguia, Baraka May කියන නළු නිළියො රැසක් දායක වෙලා තියෙනවා.

මේකෙ ස්ටෝරි එක ගැන බැලුවහම ස්ටෝරි එකේ යන්නෙ ලොස් ඇන්ජලීස් වීදිවල ධාවකයන්ගෙ නව කණ්ඩායමක් වටා යන ස්ටෝරි එකක්.ලෝක ආධිපත්‍යය සෙවීමට අද්භූත තාක්‍ෂණයක් ලබා ගැනීම සඳහා ලොව පුරා සිටින කොල්ලකරුවන් පැහැරගෙන යන SH1FT3R නමින් හැඳින්වෙන ප්‍රභූ රේසිං කන්ඩායමක් සහ අපරාධ සංවිධානයක් තුළට ඔවුන් බඳවා ගන්නවා.සාම්ප්‍රදායික ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් චිත්‍රපටවල ඇති ලොස් ඇන්ජලීස් වීදිවල ඇති තරඟ, විදේශීය ස්ථානවල රහසිගත මෙහෙයුම් සහ පවුල ගැන බොහෝමයක් කතා මේ කතා මාළාවෙත් ඇතුළත් වෙනවා.

ක්‍රියාදාමත් බොහොමයක් ඇතුළත් වෙන මේ කතා මාළාවටත් හැමෝම කැමති ඇති කියලා හිතනවා.එහෙනම් ඉතින් මේකත් බලලම ඉන්න කියලා කියන ගමන් මම නවතිනවා.අනිත් කොටස් වලටත් ඉක්මන්ටම උපසිරසි අරන් එන්නම්.

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය WEB පිටපත් සඳහා ගැලපේ

Dast Furious Spy Racers (2019 ) S01 E01 Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 27, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

One comment

  1. බොහොම ස්තුතියි මචං සබ් එකට 👊👊😊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *