The title of the page
Family Switch (2023) Sinhala Subtitles
Family Switch (2023) Sinhala Subtitles
5.7
41
62

Family Switch (2023) Sinhala Subtitles | “මුළු ගෙදරම අවුල් ජාලාවක්” | සිංහල උපසිරැසි සමඟ

(Family Switch (2023) Sinhala Subtitles) (Family Switch (2023) Sinhala Sub) (Family Switch Sinhala Sub) (Family Switch Sinhala Sub)

IMDb: 5.6/10
Rotten Tomatoes: 43%
Release Date: November,30, 2023
Director: McG
Language: English (USA)

ඔන්න ඉතින් සෑහෙන කාලෙකට තවත් සුපිරිම කොමඩි ෆිල්ම් එකකට උපසිරැසියක් අරගෙන ආවා.

මෑත කාලයේ ආපු cringe jokes තියෙන ෆිල්ම් එක්ක බලද්දි මේක ඇත්තට ම හොද මට්ටමක තියෙනවා.මුල ඉදන් අග වෙනකන් අපිව හිනා සාගරයක ගිල්ලවලා අවසානයේදි වටින පණිවිඩයකුත් එක්ක බලන කෙනාව සංවේදී කරවන්න පුලුවන් විදිහෙ ෆිල්ම් එකක් තමයි මේ ‘Family Switch’ කියන්නෙ. මේකෙ cast එක ගැන කතා කලොත් මෑත කාලයේ ජනප්‍රිය වුන ‘Wendsday’ සීරිස් එකේ ‘ඊනිඩ්’ ගෙ චරිතය හරහා ප්‍රේක්ෂකයා වෙත වඩාත් සමිප වුන Emma Myers මේකෙ ප්‍රධාන චරිතයක් කරනවා.ඊට අමතරව Ed Helms,Jennifer Garnar සහ Brady Noon යන අය ප්‍රධාන චරිත සදහා රංගනයෙන් දායක වෙනවා.ඒ විතරක් නෙවෙයි,අපි කවුරුත් දන්න ලෝක ප්‍රසිද්ද යූටියුබ් කොමඩි තරු වන Anwar Jibawi, King Bachගේ අය මේ සදහා ආරාධිත රංගනයෙන් දායක වෙනවා.

අපි එහෙනම් කතාව පැත්තට යමු.

එක පවුලක් තියෙනවා.එයාලා අතර කිසිම සමගියක් නැ.පවුලෙ අම්මා හැමතිස්සෙම උත්සහ ගන්නවා පවුල එකතු කරලා තියාගන්න.ඒත් ඒක හරියන්නෙ නැ.පවුලෙ වැඩිමහල් දුවයි පුතයි ඉන්නෙ එයාලගෙම ලෝක වල.තාත්තා වුනත් දේවල් එච්චර බරපතලව හිතන කෙනෙක් නෙවෙයි.මෙයාලගෙ වැඩේ මොන දේ කරන්න ගියත් වාද කරන එක.ඉතින් මේ කිසිම සමගියක් නැති හැමතිස්සෙම රණ්ඩුවෙන පවුලට මරු වැඩක් වෙනවා. එක දවසක් උදේ නැගිටිනකොට එයාලගෙ ඇගවල් මාරු වෙලා. ඒ කියන්නෙ අම්මා දුව වෙලා,දුව අම්මා වෙලා,තාත්තා පුතා වෙලා,පුතා තාත්තා වෙලා,බබා බල්ලා වෙලා,බල්ලා බබා වෙලා.මුළු ගෙදරම අවුල් ජාලාවක්.තේරුනේ නෑ නේද?😹 හරි කමක් නැ,බලද්දි තේරෙයි.

ඉතින් මේ මාරු වුන ඇගවල් එක්ක එයාලා මොන විදිහට ඉස්සරහට වෙන දේවල් වලට මුහුණ දේවිද?
එයාලට ආපහු සාමාන්‍ය තත්ත්වය ට පත් වෙන්න පුලුවන් වෙයිද?

නියම කොමඩි ටිකක් එක්ක පැය 1යි විනාඩි 45ක් පුරාවට පවුලක වටිනාකම ගැන හරි අපූරුවට කියල දෙන මේ ලස්සන චිත්‍රපටය බලන්න කියලා මම හැමෝටම ආරාධනා කරනවා.මේක පවුලේ හැමෝටම එකට ඉදගෙන බලන්න පුලුවන් හොද චිත්‍රපටයක්.

එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු….
සුභ දවසක්.!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් ජයසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන් ජයසිංහ

April 24, 2022


10
Total Subtitles

2 comments

  1. Buddhika laKMal
    Cineru_users

    ස්තූතියි සහෝ සබට

  2. GOOD WORK BRO KEEP IT UP

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login