(Devil’s Double Next Level (2025) Sinhala Subtitles) (Devil’s Double Next Level (2025) Sinhala Subtitle) (Devil’s Double Next Level (2025) Sinhala Sub)
ක්‍රිශ්ණ මූර්ති නැත්තම් කිසා කියන්නේ යූ ටියුබ් එකේ විචාරකයෙක්.ඔහුගේ විචාර ගොඩක් ප්‍රසිද්ධයි.දවසක් අලුත් චිත්‍රපටියක් තිරගත වෙනවා කියලා කිසාට ආරාධනාවක් ලැබෙනවා.ඒක ප්‍රචාරය කරන්න කිසාට එන්න කිව්වා කියලා හිතලා එයා ගෙදර අයටත් චිත්‍රපටිය බලන්න යමු කියනවා. කොහොම වුනත් කිසා චිත්‍රපටිය තිරගත වෙන්න කලින් රගහලට යනවා.
ඒ වෙලාවේ චිත්‍රපටිය පටන් ගන්න වෙලාව.ඒ වුනත් එතන කවුරුත් නෑ.කිසා විතරයි ඉන්නේ කියලා දැනුනම එයා ඉක්මනට එතනින් යනවා.කිසා ගෙදර යනකොට ගෙදර අය චිත්‍රපටිය බලන්න ඇවිත්.කිසා ඒ අය හොයාගෙන රගහලට ගියත් එතකොටත් එයාලා චිත්‍රපටිය බලන්න වාඩි වෙලා.මේ වෙලාවෙදි කිසාට එයාගේ යාලුවෙක් මුනගැහෙනවා ඒ බාබු.
බාබු ඇවිත් හිටියේ එයාගේ සහෝදරයෙක් එක්ක.ඉතිං මේ වෙලාවේ රගහලේ දොරවල් වැහෙනවා.ඊට පස්සේ එයාලා නැගිටින්නේ කෲසෝ කියන නැවකින්. කිසා මේ නැවේ එහාට මෙහාට ඇවිදිනකොට තේරෙනවා මේක චිත්‍රපට විකෘති පලිගැනීමක කතාවක් කියලා.කිසාගේ පවුලේ අයත් මේ චිත්‍රපටියේ චරිත වෙලා.කිසා මේ ප්‍රෙහෙලිකාව විසදන්න බලනවා.
මේ කතාව පුරාම තියන්නේ කිසා එයාගේ පවුලේ අය බේරගන්න දරණ උත්සහය.ඉතිං මේ චිත්‍රපටිය හාස්‍ය,කුතුහලය,සටන් හැම දෙයකින්ම එකතු වෙලා හැදුන පවුලේ හැමෝටම බලන්න පුලුවන් චිත්‍රපටියක්.එහෙනම් ඔයාලා film එක බලලම ඉන්නකෝ. ආයමත් අලුත් film එකකින් මුනගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 17, 2025