(Demon City (2025) Sinhala Subtitles) (Demon City (2025) Sinhala Sub) (Demon City Sinhala Subtitles) (Demon City Sinhala Sub)
ආයුබෝවන් හැමෝටම..
සාමාන්‍යයෙන් කොරියන් කතා, ෆිල්ම්වලටනෙ මං වැඩියෙන් උපසිරැසි නිර්මාණය කරන්නෙ.. ඔන්න එහෙනම් අද මං ඔයාලට ජපන් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා.. ජපන් ෆිල්ම් එකක් නිසා නම් ගම්වල එහෙම අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඒ ගැනත් මතක් කරන ගමන් අපි යමු මොකක්ද මේ ෆිල්ම් එක කියලා දැනගන්න.
ෆිල්ම් එකේ නම තමා Demon City. එතකොට මේ ෆිල්ම් එක පෙබරවාරි 27 වෙනිදා තමා Netflix ඔස්සේ නිකුත් වෙන්නෙ. සරළවම කිව්වොත් ගහගැනිලි මරාගැනිලි තමා වැඩියෙන්ම තියෙන්නෙ.. “ලේ විතරයි” එක හුස්මට ආසාවෙන් බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එක Action, Thriller, Horror, Supernatural වර්ගීකරණයන්ට අයිතියි. කතාව අධ්‍යක්ෂණය කරන්නෙ Seiji Tanaka. ප්‍රධාන චරිතයෙන් Ikuta Toma දායක වෙන අතර Higashide Masahiro,Tanaka Miou, Touma Ami, Suruga Taro, Kiryuu Mai, Takenaka Naoto, Otoo Takuma, Takashima Masanobu යන අය සහය චරිත වලින් රංගනයෙන් එකතුවෙනවා.
කතාව මොන වගේද කිව්වොත්..
සකාටා කියන්නෙ ඝාතකයෙක්.. මෙයා ඒ හැමදේම අතෑරාල වෙන රස්සාවක් හොයාගන්න යනකොට සාහසිකයො පිරිසක් එයාගෙ පවුලෙ අයව මරලා දානවා.. එයා ඒ වෙනුවෙන් පළිගන්නවා. ඉතින් ඒ පළිගැනීම තමා කතාව වටා ගෙතෙන්නෙ.
එහෙනම් ෆිල්ම් එක ඔයාලත් බලන්න.
උචිනි පෙරේරා
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 2, 2021
බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට
Gemmak tamai…. Jaya weewaa…. ❤️❤️❤️❤️❤️❤️