Dear X (2025) S01 E04 Sinhala Subtitles
Dear X (2025) S01 E04 Sinhala Subtitles
9
61

Dear X (2025) S01 E04 Sinhala Subtitles | “ ආපසු හැරීමක් නැත ” | සිංහල උපසිරැසි සමඟ

(Dear X (2025) S01 Sinhala Subtitles) (Dear X (2025) S01 Sinhala Subtitle) (Dear X (2025) S01 Sinhala Sub)

Dear X (2025)
(친애하는 X)


Native Title: 친애하는 X
Also Known As: Chinaehaneun X
Director: Lee Eung Bok, Park So Hyun
Genres: Thriller, Romance, Crime, Melodrama
Tags: Picaresque, Noir, Abusive Parent, Death Of A Mother, Sociopath Female Lead, Actress Female Lead, Domestic Crime, Violence Against Children, Company President (CEO) Supporting Character, Engaged Female Lead (Vote tags)
Country: South Korea
Type: Drama
Episodes: 12
Aired: Nov 6, 2025 – Dec 4, 2025
Aired On: Thursday
Original Network: TVING
Duration: 60 min.

කොහොමද කට්ටියට! ඔන්න ඉතින් 2025 වර්ෂයේ TVING නාලිකාවෙන් නිකුත් වුණු, ගොඩක් දෙනෙක් කුතුහලයෙන් බලාගෙන හිටපු අලුත්ම අලුත් කොරියානු කතා මාලාවකට උපසිරැසි අරගෙන මම ආවා. නිකන්ම නිකන් කතාවක් නෙවෙයි, මේක Thriller, Crime, Romance සහ Melodrama කියන හැම රසයක්ම එකට කැටි කරපු සුපිරිම නිර්මාණයක්.


“Dear X” (친애하는 X) කියන අතිශය ජනප්‍රිය Webtoon කතාවක් පාදක කරගෙන තමයි මේ කතා මාලාව නිර්මාණය වෙන්නේ. අධ්‍යක්ෂණය ගැන කිව්වොත්, Descendants of the Sun, Goblin, Mr. Sunshine වගේ ලෝක ප්‍රසිද්ධ K-Drama නිර්මාණය කරපු දක්ෂ අධ්‍යක්ෂක Lee Eung Bok තමයි මේකෙත් අධ්‍යක්ෂකවරයා. ඉතින් නිර්මාණය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.


නළු නිළියන් ගැන කතා කළොත්, My Demon සහ Lovers of the Red Sky වගේ කතාමාලාවලින් අපි හැමෝගෙම ආදරය දිනාගත්ත දක්ෂ, සුරූපී Kim You Jung තමයි මෙහි ප්‍රධාන චරිතය වන Baek A Jin (බෙක් ආ-ජින්) විදිහට රඟපාන්නේ. ඒ වගේම Shting Stars සහ The Penthouse වගේ කතාමාලාවලින් ජනප්‍රිය වුණු දක්ෂ නළු Kim Young Dae (යුන් ජුන් සෝ ලෙස), Kim Do Hoon (කිම් ජේ ඕ ලෙස) සහ Lee Yeol Eum (ඉම් රේ නා ලෙස) මෙහි ප්‍රධාන චරිතවලට එකතු වෙනවා.


කතාව පැත්තට ටිකක් හැරුණොත්, Baek A Jin (Kim You Jung) කියන්නේ රටක් වටින, අතිශය සාර්ථක නිළියක්. බැලූ බැල්මට ඇය හරිම කරුණාවන්ත, අනුකම්පාසහගත කෙනෙක් විදිහට තමයි පෙනී ඉන්නේ.

නමුත් ඒ සුන්දර වෙස්මුහුණට යටින් ඉන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. ඇය හැදී වැඩෙන්නේ ගෙදර දරුණු හිංසනයන් මැද. මේ නිසා ඇය තමන්ගේ හැඟීම් හංගගෙන, අනිත් අයව දක්ෂ ලෙස කියවමින් සහ තමන්ට අවශ්‍ය විදිහට පාලනය කරමින් (manipulating) ජීවත් වෙන්න පුරුදු වෙනවා. ඇයගේ අභිලාෂයන්ට කවුරුහරි බාධා කළොත්, ඇයගේ අඳුරු, දරුණු ස්වභාවය (Sociopath) එළියට එනවා.

ඇයගේ ජීවිතේ ඇය ළඟින්ම ඉන්න, ඇය විශ්වාස කරන එකම කෙනා තමයි යුන් ජුන් සෝ (Kim Young Dae). ඒත්, දෛවයේ සරදමකට වගේ, ඇයට හැමදාම සහය දුන්නු ඔහුම, දවසක ඇයගේ සම්පූර්ණ බිඳවැටීමට හේතු වෙනවා. ඊට අමතරව, ආ-ජින් ගේ වගේම අඳුරු අතීතයක් තියෙන කිම් ජේ-ඕ සහ ඇයගේ ප්‍රතිවාදී නිළිය ඉම් රේ-නා නිසා මේ කතාව තවත් සංකීර්ණ වෙනවා.

* ඇත්තටම Baek A Jin ගේ අඳුරු රහස මොකක්ද?
* ඇය විශ්වාස කරපු එකම කෙනා, Yun Jun Seo, ඇයවම පාවා දෙන්නේ ඇයි?
* මේ සුන්දර වෙස්මුහුණ ගැලවී ගිය දවසක, ඇයගේ සැබෑ ස්වරූපයට මොකද වෙන්නේ?

පළිගැනීම, අපරාධ සහ ත්‍රාසය පිරුණු මේ අඳුරු කතා මාලාව එක හුස්මට බලන්න පුළුවන් එකක් වේවි. එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා.

මම ප්‍රමුඛ විශ්වජිත්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ප්‍රමුඛ විශ්වජිත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ප්‍රමුඛ විශ්වජිත්

July 6, 2025


55
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login