The title of the page
Dear Uma (2025) Sinhala Subtitles
Dear Uma (2025) Sinhala Subtitles
8.3

Dear Uma (2025) Sinhala Subtitles | “ආදරණීය උමා” | සිංහල උපසිරැසි සමඟ

 (Dear Uma (2025) Sinhala Subtitles) (Dear Uma (2025) Sinhala Subtitle) (Dear Uma (2025) Sinhala Sub)

“Dear Uma” එහෙම නැත්නම් ආදරණීය උමා කියන්නේ ඉන්දියන් තෙළිගු Film එකක්. මේක එක විදිහක ආදර කතාවක්.හැබැයි නිකන්ම ආදර කතාවක් නෙමෙයි.ටිකක් වෙනස්.

උමා කියලා කියන්නේ ගොඩක් දක්ෂ Medical Student කෙනෙක්. එයා පිටිසර ගමක ඉදලා අංක එකේ Medical college එකකට තමයි ඉගෙන ගන්න එන්නේ. කොහොමහරි උමා, ප්‍රසිද්ධ හොස්පිටල් එකක ඩොක්ටර් කෙනෙක් විදිහට පුහුණුව ලබනවා. අනිත් පැත්තෙන්, දේව් කියලා එක කොල්ලෙක් ඉන්නවා. එයාගේ හීනේ තමයි හොද ගායකයෙක් වෙන එක. හැබැයි පොඩි කාලේ ඉදන්ම දේව්ගේ ජීවිතේ අසාර්තක වෙනවා. එක සිද්දියක් නිසා ගෙදරිනුත් එලවනවා. ඉතින් ඉන්න හිටින්නවත් හරියට තැනක් නැති වෙනවා.

කාලෙකට පස්සේ දේව්ට උමාව මුණ ගැහෙනවා. Love at First Sight කියලා කියන්නේ. අන්න ඒ වගේ ආදරයක් උමා ගැන දේව්ට ඇති වෙනවා. හැබැයි පස්සේ දේව්ට තේරෙනවා, එයා මේ ආදරෙන් බැදිලා තියෙන්නේ උමා එක්ක නෙමෙයි, එයාගේ ආත්මේ එක්ක කියලා. ඒ කියන්නේ උමා ජීවතුන් අතර නෑ කියලා දැනගන්නවා.

හැබැයි මේ පිටිපස්සේ අභිරහසක් හැංගිලා තියෙනවා. උමාව පේන්නේ දේව්ට විතරයි. උමා දේව්ට උදවු කරනවා එයාගේ හීනේ හැබෑ කරගන්න. මේ අතරේ Medical College එකෙන් උමාගේ මරණය ගැන මොකක් හරි දෙයක් හංගනවා කියලා දේව්ට තේරෙනවා. ඉතින් මේ මොකක් වෙන්න ඇතිද. උමා මැරුණේ කොහොමද? මේ දේවල් වලට වගකියන්න ඕනි කවුද? දේව් අවසානේ මොන වගේ දේවල් කරයිද? එහෙනම් මෙතනින් එහාට ඔයාලටම බලාගන්න ඉඩ දීලා මම නවතින්නම්.

ආයෙත් හම්බවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් හේනාධීර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් හේනාධීර

March 29, 2025


14
Total Subtitles

3 comments

  1. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Era Boy
    Cineru Family Member

    මරු සහෝ.. ❤️🫶

  3. Buddhika laKMal
    Cineru_users

    තෑන්ක්ස් මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login