හැමෝටම ලැබුවා වූ 2020 නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල ප්රාර්ථනා කරනවා.ඔන්න අදත් මම වෙබ් අඩවියට ගොඩ වුනේ තවත් තෙලිඟු සිනමාපටයක සිංහල උපසිරැසි අරගෙන..
මේ චිත්රපටය Thriller / Horror කාණ්ඩයට අයත් එකක්.2019 සැප්තැම්බර් 6 වෙනිදා තමයි තිරගත වෙලා තියෙන්නෙ.මේකෙ Tanishq Reddy, Shubanghi Pant, Alexius Macleod නම් අලුත් නලු නිලියන් තමයි රංගනයෙන් දායක වෙන්නේ..ලොකු බජට් එකකින් කරපු ෆිල්ම් එකක්නම් නෙමෙයි..
කතාව මතක් කරන්නම්.
චිත්රපටිය ආරම්භයේම හොරු කණ්ඩායමක් ගෙදරකට ඇතුලු වෙනවා.ඉතින් වයසක කෙනෙක් පහර දීමකට ලක්වෙලා සාලේ වැටිලා ඉන්නව මේ කට්ටය යද්දි..කෙනෙක් එයාව බේරගමු කිව්වත් අනිත් අයගෙ මතේ අනුව හොරකම් කරන්න උඩට යද්දි තව අයත් කීප දෙනෙක් මැරිලා ඉන්නවා..ඒත් මේ සෙට් එක වටින දේවල් හොරකම් කරගෙන කාර් එකකින් පැනල යනවා.
ඉතින් පහුවෙනිදා උදේම පොලීසියෙන් ඇවිත් විමර්ශන ආරම්භ කරනවා..විශේෂයෙන්ම ඒ මැරුනු අය අතර ගෑනු ලමෙකුත් දූෂණය කරල මරල ඉන්නවා..ඉතින් මේ ගෑනු ලමය කවුද කියල පොලීසියෙන් හොයන්න ගන්නවා..
ඇත්තටම මේ ගෑනු ලමය කවුද ? මෙයාලව කවුරු මොන හේතුවකටද මරල තියෙන්නේ..?අර හොරු සෙට් එකට මොනා වෙයිද ?
ඒ ඔක්කොම දැනගන්න චිත්රපටිය අරගෙන බලන්න .මම ගිහින් එන්නම් ඉක්මනින් ම තවත් චිත්රපටියක උපසිරැසිත් අරගෙන..
ඔබට ජය
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 11, 2019
Sthuthi obata
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……