Daredevil: Born Again (2025) S01 E09 Sinhala Subtitles
Daredevil: Born Again (2025) S01 E09 Sinhala Subtitles
9
81
97

Daredevil: Born Again (2025) S01 E09 [END] Sinhala Subtitles | “නැවත ඉපදීම” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවනේ,යුක්තිය වෙනුවෙන් වෙස්ගත් යක්ෂයාගෙ කතාමාලාවෙ 8 වෙනි හා 9 වෙනි කතාංග වලින් ඔයාලව හම්බවෙන්න මම ආවා.

ඉතිං මම සමාව ඉල්ලනවා එපිසෝඩ් 2ම ගේන්න ටිකක් පරක්කු වුනාට,ඉතිං තාමත් බලපු නැති කෙනෙක් ඉන්නවනම්සබ් එක බලන්න කියල ආරාධනා කරනවා,වැඩිය කතාවක් නැතුව මම කතාවට යන්නම්…

ඉතිං හිතුවට වඩා කතාවෙ ගොඩනැගීමක් දකින්න පුලුවන් වුනයි කියල මට නම් හිතෙන්නෙ,මට නම් වෙලාවකටමේක Marvel සීරිස් එකක්ද කියලත් අමතක වුන වාර ගොඩයි,ඉතිං සුපිරිවීර පැත්තට එච්චරම බරක් නැතුව,අපරාදමය හා දේශපාලනය අතින් මේ කතාව වැඩිපුර ඉස්සරහට ගියේ,ඉතිං කොහොමහරි අන්තිම කතාංග දෙක මේකට උච්ච අවස්ථාවක් අරන් එන්න සමත් වෙලා තියනවා.

ඉතිං මේ කතාංග දෙක අපිව ආපහු කතාවෙ මුලට,නැත්තම් ෆොගී ගෙ මරණයට තමයි ගෙනියන්නෙ,මැට්ට විවිධ කාරණා නිසා ෆොගී ගෙ මරනෙ ගැන බලවත් හෝඩුවාවල් හම්බවෙනවා,ඒ හෝඩුවාවල් වලට අනුව නම් ෆොගී මැරෙන්නෙ සුළු දේකට නෙවෙයි,ෆිස්ක් ෆොගී ගෙ මරණයට සෘජුවම සම්බන්ධ නැතන් වක්‍රව ෆොගීගෙ මරණයට සම්බන්ධ වෙන්න පුලුවන්ද කියල මැට් ට දැනෙන්න ගන්නවා.

ඉතිං අපරාධකාරයෙක් අතට බලය හම්බුනොත්,හමුදාවක් හම්බුනොත් මොනවගේ ඉරණමක් ඒ සමාජයට ලැබෙයිද කියන කාරණය මේ කතාංග දෙකෙන් පෙන්වනවා. එ වගේම ෆිස්ක් ගෙ Vigilante එහෙම නැත්තම් සටන්කාමී දඩයම මොන වගේ මූණුවරක් ද ගන්නෙ කියලත්,ඒ ක්‍රියාවලියට විරුද්ධ වෙන අයට ලැබෙන ඉරණමත් ඔයාලට අන්තිම කතාංග දෙකෙන් බලාගන්න පුලුවන්.

සීසන් 2 හි වැඩ කටයුතුත් දැනටම ආරම්භ වෙලා හමාරයි,බොහෝ දුරට ලබන අවුරුද්දේ අපිට ඒක බලාගන්න පුලුවන් වෙයි.

එහෙනම් මම සමුගන්නවා…

ඔබට ජය!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


86
Total Subtitles

2 comments

  1. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

  2. Tharidu Sagara (Tharidu Sagara)
    Cineru_users

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login