The title of the page
Daredevil: Born Again (2025) S01 E02
9
81
97

Daredevil: Born Again (2025) S01 E02 Sinhala Subtitles | “නැවත ඉපදීම” | සිංහල උපසිරැසි සමඟ

කොහොමද යාලුවනේ යුක්තිය වෙනුවෙන් වෙස්ගත් යක්ෂයාගේ කතාමාලාවෙ 2 වෙනි කතාංගයෙන් ඔයාලව හම්බවෙන්න මම ආවා.
මේ එපිසෝඩ් එක විශේෂයෙන්ම Hector Ayala නැත්තම්  White Tiger ලෙස රගපෑ Karmar De los Reyes නලුවාට උපහාරයක් ලෙස පුද කරල තියනවා,මොකද ඔහු 2023 දී පිළිකාවකින් මියයන නිසා,මියයනකොට ඔහුගෙ වයස 56 ක් වුනා.ඉතිං මේ එපිසෝඩ් එකේ කතාව ගොඩනැගෙන්න එම  චරිතය ප්‍රධාන වශයෙන්ම බලපානවා.
හොදයි අපි කතාව පැත්තට හැරුනොත්…
ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කා මැට් ගෙ හොදම යාලුවා ෆොගීව බෙන්ජමින් පොයින්ඩෙක්ස්ටර් එහෙමත් නැත්තම් Bullseye මරල දානවා,මේකෙන් මැට්ගෙ ජීවිතේ බිදිලා යනවා.ඒ වගේම ඩෙයාඩෙවිල් කියන චරිතය අතහරින්න තීරණය කරනවා,ඒත් මේ තීරණය ප්‍රශ්න කරන විදිහට,KIng-pin,එහෙමත් නැත්තම් විල්සන් ෆිස්ක් ආපහු මැට් ගෙ පේනමානයට එනවා,ඒ නගරාධිපති ධූරයට තරග කරන ගමන්, අපි දැක්කා අන්තිමේදි මත බේදාත්මක තත්ත්වයක් ඇතුලෙ විල්සන් නගරාධිපති ලෙස බහුතර කැමැත්තෙන් පත්වෙනවා,ඒ නගරය ආපහු හොද තත්ත්වයකටත් ගේනවා කියල,ඒත් මේකෙ අවුලක් මෙයා ගැන හොදටම දන්න මැට් ට පේනවා,ඒ වගේම විල්සන්ට මේ ගැන කතාකරනවා.දෙන්නා දෙන්නට අවවාද දීගන්නවත් අපි දැක්කා “දෙන්නගෙ සීමාවේ දෙන්නම සීමාවේ ඉමු” කියන කාරනෙත් එක්ක,ඒත් විල්සන් ව ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් චරිතයක්ද?
ඒ ගැන කතාව ගොඩනැගෙන්නෙ අද එපිසෝඩ් එකේ ඉදල,
අද එපිසෝඩ් එකේ මැට් ට හම්බවෙනවා බොහොම දරුණූ නඩුවක්,ඒක ඔහු කැමැත්තෙන්ම භාරගන්නවා,
නඩුව කොච්චර දරුණූද කිව්වොත් එයා පෙනී ඉන්නෙ,පොලිස් නිළධාරියෙක් ඝාතනයට චෝදනා ලබල තියන කෙනෙක් වෙනුවෙන්, ඒ කවුද කියල මම ලිපියෙන් ඉඟියකුත් දුන්නා.ඉතිං මේ සිදුවීමත් මැට් ඩෙයාඩෙවිල් වෙන්න අතෑරපු තීරණයට බලපාන්න හේතුවෙනවා. ඒ වගේම නගරාධිපති ෆිස්ක් වැඩ පටන් ගන්නෙ කොහොමද කියලත් අපිට දකින්න ලැබෙනවා.
ඉතිං එපිසෝඩ් එක බලලම දැනගන්න මේ කතා කොහොමද ගොඩනැගෙන්නෙ කියල.
එහෙනම් අදට මම සමුගන්නවා,ඊළග එපියෙන් හම්බෙමු.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සඳමින් හර්ෂණ (සඳා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සඳමින් හර්ෂණ (සඳා)

May 11, 2021


79
Total Subtitles

2 comments

  1. Tanks bro sub eka ta denkan balan hitiye 🥰💥awurudu 5 k itara balan idala daredevil alut season ekat awa patta satutui🙂👍🥹lankawe hype ekanm Madi habai me katavata balapn nati Aya balanna highly recommended 😻issarahata daredevil va hodata build karala ganiy.sineru ekata godak thanks sub denvata me vage alut season valata😻💯😸

  2. Buddhika laKMal
    Cineru_users

    ස්තූකියි මචං සබට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login