The title of the page
Cuckoo (2024) Sinhala Subtitles
Cuckoo (2024) Sinhala Subtitles
5.9
78
74

Cuckoo (2024) Sinhala Subtitles | ග්‍රෙචන් | සිංහල උපසිරැසි සමඟ

මගේ දෙවෙනි උපසිරැසිය විදිහට මම අරගෙන එන්නේ අගෝස්තු 09 වෙනිදා තිරගත වීම ඇරඹුනු සැප්තැම්බර් 17 වෙනිදා පිටපත් අන්තර්ජාලයට නිකුත් වුණු Cuckoo කියන Horror / Mystery / Thriller යන කාන්ඩ වලට අයත් චිත්‍රපටය. මේක අධ්‍යක්ෂණය කරන්නේ නවක ජර්මානු අධ්‍යක්ෂකවරයෙක් වෙන Tilman Singer විසින්. චිත්‍රපටය බෙදාහැරීම් කටයුතු වගේම නිෂ්පාදන කටයුතුත් කරේ Horror චිත්‍රපට වලටම සෑහෙන ප්‍රසිද්ධියක් උසුලන Neon ආයතනය විසින්. මීට රංගනයෙන් දායක වෙනවා යුෆොරියා කතා මාලාවේ ජූල්ස්ගේ චරිතය හරහා ජනප්‍රියත්වෙට පත් Hunter Schafer සහ The Guest, Abigail, Godzilla x Kong: The New Empire වැනි ඉතා ජනප්‍රිය වුණ චිත්‍රපට වල රඟපෑ Dan Stevens. මීට අමතරව Jan Bluthardt , Marton Csokas , Jessica Henwick වැනි අයත් දායක වුනා.

කතාව ගැන නම් කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ. මොකද මේක තනිකරම අමුතු වෙනස්ම කතා තේමාවක් තියෙන චිත්‍රපටයක්. ග්‍රෙචන් එයාගෙ අම්මා නැතිවුණාට පස්සෙ එයාගෙ තාත්තගේ දෙවෙනි පවුලත් එක්ක ජර්මනියට එනවා. කොනිෂ් කියලා මහත්තයෙක්ට අලුත් නිවාඩු නිකේතනයක් හදන්න ප්ලෑන් එකක් ගහන්න. එන්නේ හරිම පිටිසර ගම්බද පැත්තකට. ආවත් හරි මෙයාට මෙහෙ අමුතු දේවල්මයි පේන්න ගන්නේ. හරිම අමුතු ස්වභාවයක්. දවසක් රෑ මේ ග්‍රෙචන්ගෙ පස්සෙන් අමුතු හොල්මනක් වගේ ගෑනු කෙනෙක් පන්නන්න ගන්නවා. බේරෙන්නේ අනූ නවයෙන්. ඒත් පොලීසියවත් එයාගෙ තාත්තාවත් මේක විශ්වාස කරන්නෑ, එකම එක පොලිස් පරීක්ෂකයෙක් ඇරෙන්න.

ඉතිං මොකක්ද මේ තැනේ තියෙන අමුත්ත ?

ඇත්තටම මේක යට තියෙන සැලසුම් මොනවද ?

අර අත්භූත ගෑනු කෙනා කව්ද ?

ඇයි අර පොලිස් පරීක්ෂකයා විතරයක් මෙයාව විශ්වාස කරේ ?

මොකක් වෙන්න ඇතිද හේතුව ?

මේ ප්‍රශ්න ඔක්කොටම පිලිතුරු මේ ෆිල්ම් එකේ අන්තර්ගතයි. එහෙනම් Download කරන් බලන්න. මේක ගොඩක් විද්‍යාත්මක පැත්තට බර Horror චිත්‍රපටයක්. ඒ නිසා මේකෙ ගොඩක් බර විද්‍යාත්මක වචනත් අන්තර්ගතයි, ඒත් බය නැතුව සබ් එක අරන් බලන්න ඒව සරල කරලා නිවැරදිව සබ් එකේ දාල ඇති.

එහෙනම් ආයෙ හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
යෂ් කනංගම සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
යෂ් කනංගම

September 20, 2024


3
Total Subtitles

3 comments

  1. Saripodam sanivaaram den ndd aiyo 🤧

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    ගොඩක්ම ස්තූතියි යෂ් …….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. තම වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන යෂ් කනංගම සහෝදරයාට මාගේ ස්තූතිය පුදකරන අතර තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
    ඔබටත් Cineru පවුලේ සැමටත් තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login