සුභ අළුත් අවුරුද්දක් හැමෝටම,
ඔන්න අවුරුද්දත් එක්ක ආපු අපේ සිනෙරූ 6 වෙනි උපන්දිනය වෙනුවෙන් අද මම අරගෙන ආවෙ මෑතකදි නිකුත් උනු අළුත්ම තෙළුගු ෆිල්ම් එකක උපසිරැසියක්. ඒ තමයි Court – State vs. A Nobody ෆිල්ම් එක. රාම් ජගදීෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුනු මේ ෆිල්ම් එකේ නිශ්පාදන කටයුතු සිදු කෙරුනේ නැචුරල් ස්ටාර් නානි විසින් හදුන්වා දීපු චිත්‍රපට නිර්මාණ ආයතනයකින්. මේ චිත්‍රපටය 2025 මාර්තු 14 වැනිදා තිරගත වුණු අතර, එය විචාරකයන්ගෙන් ඉහළ පැසසුම් හිමිකරගත්තා වගේම ලොව පුරා රුපියල් කෝටි 48.75ක ආදායමක් උපයමින් බොක්ස් ඔෆිස් ජයග්‍රහණයකට උරුමකම් කියනවා
පැය 2 යි විනාඩි 29ක් ධාවන කාලයක් ඇති මේ නීතිමය නාට්‍යමය චිත්‍රපටය, තෙළුගු භාෂාවෙන් නිර්මාණය වුණු එකක්. රාම් ජගදීෂ්ගේ තිර රචනය හා අධ්‍යක්ෂණය එක්ක, කාර්තිකේය ශ්‍රීනිවාස් සහ වංශිධර් සිරිගිරිගේ තිරපිටපත් සහයත් එකතු වෙලා තියෙනවා. චිත්‍රපටයේ සංගීතය විජේ බුල්ගනින්ගෙන්, සංස්කරණය කාර්තිකා ශ්‍රීනිවාස්ගෙන්, රූප රචනය දිනේෂ් පුරුෂෝත්තමන්ගෙන් ලැබුණු බවත් සඳහන් කළ යුතුයි.
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,
Priyadarshi Pulikonda – සූර්යා තේජා
Harsh Roshan – චන්ද්‍රශේඛර් (චන්දු)
Sridevi – ජාබිලි
Sivaji – මංගපති
Harsha Vardhan – දාමෝදර්
P. Sai Kumar – මෝහන් රාඕ
මේ කතාව ගලා යන්නේ සූර්යා තේජා කියන ජ්‍යෙෂ්ඨ නීතිඥ මෝහන් රාඕ යටතේ වැඩ කරන තරුණ නීතිඥයෙක් වටා. සූර්යාට තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක්. ඒ තමන්ගේ තාත්තාට බැරි උන ලොකු උසාවියක තනි තනිව නඩුවක් අරගෙන ජයගන්න එක.
අනිත් පැත්තෙන්, චන්ද්‍රශේඛර් කියන්නේ 19 හැවිරිදි තරුණයෙක්. එයා තමන්ගේ පවුල බලාගන්න රස්සාවල් කරනවා. එයාගේ පවුලේ ඉන්නේ ඉඩමක මුරකාරයෙක් විදිහට වැඩ කරන තාත්තා, අම්මා, සහ එයාගේ නංගි. චන්ද්‍රශේඛර් 17 හැවිරිදි ජාබිලි කියන ගෑණු ළමයෙක්ට ආදරය කරනවා. ජබිලි වැදගත් පවුලක කෙනෙක්, ඒත් එයාගේ මාමා, මංගපති තමන්ගේ පවුලේ ගෞරවය රැකගන්න ඕනෑම දෙයක් කරන්න පෙළඹෙන කෙනෙක්. එයා තමන්ගේ නීතිඥවරයා වෙන දාමෝදර් සහ පොලිසියත් හවුල් කරගෙන චන්දුට ගොඩ එන්න බැරි වෙන්නම නඩුවක් දානවා
මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 7, 2022
ගැම්මක් සහෝ ❤️❤️
බොහෝම ස්තූතියි උපසිරසියට
ස්තූතියි සබ් එකට
ගොඩාක් ස්තූතියි උපසිරැසියට. ලස්සනට කරලා තිබ්බා. උසාවි වචන වුනත් හොඳට පරිවර්තනය කරලා. කාලෙකින් දැක්ක හොඳ උපසිරැසි කිරීමක්. දිගටම කරන්න… All the best…
ස්තූතියි කවීෂ සහෝ උපසිරැසියට