(Chhorii 2 (2025) Sinhala Subtitles) (Chhorii 2 (2025) Sinhala Subtitle) (Chhorii 2 (2025) Sinhala Sub) (Chhorii 2 Sinhala Subtitles) (Chhorii 2 (2025) Sinhala Sub) )(Chhorii 2 Sinhala Sub) (Chhorii 2 Hindi Movie Sinhala Subtitles) (Chhorii 2 Hindi Movie Sinhala Subtitle)
සුභ දවසක් හැමෝටම !
මේ තමා මගෙ 700* වෙනි උපසිරැසි ගැන්වීම.. සිනෙරූ පවුලට එකතුවෙලා ඉතින් අවුරුදු තුනකටත් වැඩියි. ඉතින් මේ වෙනකන් මේ ගමන එන්න සහයෝගය දුන්න සිනෙරූ අපේ සහෝදර සහෝදරියන්ට වගේම, මේ උපසිරැසි 700න් ෆිල්ම්, ටීවි සීරිස් රසවිඳපු, කමෙන්ට් එකක් දාලා දිරිමත් කරපු ඔයාලා හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම සිනෙරූ අපේ 6 වෙනි සංවත්සරයත් අදට යෙදිලා තියෙනවා.
ඔන්න 2025 වසරේ අළුතින්ම ආපු චෝරි 2 සුපිරිම හින්දි ෆිල්ම් එකකට උපසිරැසි අරගෙන තමයි අද මම ආවෙ. මේ චිත්‍රපටය ත්‍රාසය, භීතිය කැටි කර ගත් ගැඹුරු කතාවක් සහ හොද පණිවිඩයක් දෙන කතාවක්. සිනමාලෝලීයෙක් නම් මේක අතෑරගන්න එපා හොරර්, ත්‍රිලර් ශානරයට අයිති මේ චෝරි 2, 2021 දී ආපු චෝරි චිත්‍රපටයේ දෙවැනි දිගහැරුමයි. නුෂ්රත් භාරුචා ප්‍රධාන රංගනයෙන් දායක වෙන මෙහි සෝහා අලි ඛාන්, ගෂ්මීර් මහජනි, සහ සෞරභ් ගෝයල් සෙසු රංගනයෙන් දායක වෙනවා. 2022 නොවැම්බර් 30 වැනිදා රූගත කිරීම් ආරම්භ කෙරුනු අතර 2023 පෙබරවාරි මාසය වෙනකන් රූගත කිරීම් සිදු කෙරුනා. කෙසේ වෙතත් මේ ෆිල්ම් එක සිනමාශාලා වල තිරගත කරන්න ඔවුන් සැලසුම් නොකර මෙසේ Direct OTT විදියට නිකුත් කිරීමත් මෙහි තවත් වෙනසක්. අධ්‍යක්ෂණය විශාල් ෆුරියා විසින් සිදුකර ඇති අතර ධාවන කාලය මිනිත්තු 133 ක්.
රංගනය:
නුෂ්රත් භාරුච්චා – සාක්ෂි
සෝහා අලි ඛාන් – දාසි මා
ගෂ්මීර් මහජනි – ඉන්ස්පෙක්ටර් සමර්
සෞරභ් ගෝයල් – රාජ්බීර්
පල්ලවි අජේ – රානි මා
හර්දිකා ශර්මා – ඉෂානි
කතාව පැත්තට ගියොත්,
චෝරි 1 සිනමාපටයෙන් හමුවුනු සක්ෂි, ඇගේ අතීතයේ බියකරු සෙවනැලි මැද ආයෙත් අපිට බලාගන්න පුළුවන් වෙනවා, ගමක බිහිසුණු බලවේගවලට මුහුණ දෙන සාක්ෂි, අන්ධ විශ්වාස සහ ස්ත්‍රී විරෝධයේ බලවත් බාධකවලට හසු වෙනවා. මේ නිසා එයා එයාගෙ කලින් සැමියගෙන් වෙන්වෙලා ජීවත් වෙනවා. ඒ සමර්ගෙ ගෙදර. එයාගෙ අවුරුදු 7ක් වයසැති දුවත් එක්ක. ඉතින් එයාගෙ දුවට ඉර අව්වට යන්න බෑ. ඔහොම ඉන්න අතරවාරයෙ එයාගෙ දුවව පිරිසක් පැහැරගන්නවා. අතෑරලා දාලා ආව ගමටත් සාක්ෂිට ආපහු යන්න වෙනවා.
ඇයි ඉෂානිව පැහැරගත්තෙ?
සාක්ෂිට සමර්ව හම්බුනේ කොහොමද?
මොනවද මේ ගමේ සිද්ධ වෙන අදුරු මායාවන්?
කවුද ඒකට වග කියන්න ඕනෙ?
ඉෂානිව සාක්ෂිට බේරගන්න පුලුවන්වෙයිද?
අන්තිම මොහොත වෙනකම් කෘතුහලයෙන් බලන්න පුළුවන් කතාවක්
අනිවාර්යෙන්ම බලන්න.. ජයම වේවා.
විශේෂ ස්තූතිය ෆිල්ම් එක තෝරලා දීලා වැඩේට ෆුල් සප් එක දුන්න ඉඳුවර නිසල් මල්ලිට.. ලිපිය ලියලා දුන්න කවිෂ්ක සංකල්ප මල්ලිට..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උචිනි පෙරේරා
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

June 2, 2021
බොහෝම ස්තූතියි උපසිරසියට
සුබපැතුම් බොහෝම ස්තූතියි සබ් එකට
700වෙනි උපසිරැසියට සුබපැතුම් සිස්…..
ඔයාල හින්ද තමයි අපි මේ විදිහට මුවි එකක් හරි සීරිස් එකක් හරි ලේසියෙන් බලන්නේ…….
බොහෝම ස්තූතියි ඔයාගේ කාලය වැයකරලා මෙහෙම සිංහල සබ් දෙනවට……..
ඔයාගේ සියලුම වැඩකටයුතු සාර්තක වේවා……
ඒවගේම බොහෝම ස්තූතියි මේ උපසිරැසියටත්………………