(Chhaava (2025) Sinhala Subtitles) (Chhaava (2025) Sinhala Sub) (Chhaava (2025) Sinhala Subtitle) Chhaava Sinhala Subtitles)
සුභ දවසක් හැමෝටම,
ඔන්න මම අද සිනෙරූ නිවහනට ගොඩ වැදුනේ 2025 පෙබරවාරි 14 වන දින තිරගත කිරීම් ආරම්භ වුණු “චාවා” කියන අලුත්ම හින්දි චිත්‍රපටයේ උපසිරැසි අරගෙන. “චාවා” එහෙමත් නැත්නම් “සිංහ පැටවා” කියන තේමාවෙන් ආ මෙම චිත්‍රපටය මරාඨා අධිරාජ්‍යයේ දෙවන රජු වූ සම්භාජි මහරාජ්ගේ ජීවිතය ඇසුරින් නිර්මාණය උනු එකක්. ශිවාජි සාවන්ත්ගේ “චාවා” නවකතාව ඇසුරින් ලක්ස්මන් උටේකර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටයේ විකී කෞෂාල් සමගින් රෂ්මිකා මන්දන්නා ප්‍රධාන නළු නිළි දෙපල ලෙස රංගනයෙන් දායක වෙනවා.
මේ චිත්‍රපටය පැය 2යි, මිනිත්තු 41ක ධාවන කාලයකින් යුක්තයි. චාවා චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රුපියල් කෝටි 783–807 අතර ප්‍රමාණයක් වෙන අතර එහි නිෂ්පාදන වියදම ඉන්දියන් රුපියල් කෝටි 130–140ක් පමණ වෙනවා. හිස්ටොරිකල්, ඇක්ෂන්, ත්‍රිලර්, සහ රොමෑන්ස් ශානරය යටතේ දිවෙන මේ චිත්‍රපටයට මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙලා තියෙනවා. ඒ වගේම සම්භාජි මහරාජ්ගේ ජීවිතය පාදක කරගත් මෙය සත්‍ය ජීවිත කතාවක් මත නිර්මාණය උනු චිත්‍රපටයක් බවත් කියන්න ඕන.
චාවා බලද්දි ඔයාලට “බජිරාව් මස්තානි” , “තාන්හාජි” වැනි ඉතිහාස ගත චිත්‍රපටවල ගතියක් දැනෙන්න පුළුවන්. මොකද, මරාඨා යුධ භූමිවල තියෙන උච්චාරණ, ඇඳුම්, සහ ජන ජීවිතයේ රටාවන් මේ චිත්‍රපටය තුළින් ඉතාමත් හොදට බලාගන්න පුළුවන්.
හරි, එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
Vicky Kaushal – [ඡත්‍රපති සම්භාජි මහරාජ්]
Rashmika Mandanna – [යේසුභායි භෝන්ස්ලේ]
Akshaye Khanna – [ඔරංසේබ්]
Ashutosh Rana – [හම්බිර්රාව් මොහිතේ]
Divya Dutta – [සෞරභායි]
Diana Penty – [සිනත්]
මුගල් අධිරාජ්‍යයේ ඔරංසේබ්ට ඡත්‍රපති ශිවාජි මහරාජ්ගේ අභාවය ගැන ආරංචි වෙනවා. ශිවාජිගේ පුත්‍රයා වෙන සම්භාජි, මරාඨා සම්මේලනයේ බලය රැකගන්න බුර්හාන්පූර් පළාතට ප්‍රහාරයක් එල්ල කරනවා. එහිදී ඔහු සිංහයකු සමඟ සටන් කර ඒ සිංහයාව තම අත්වලින්ම පරාජය කරනවා. ඔරංසේබ් මේ ප්‍රහාරය ගැන කුපිත වී සම්භාජිව පරාජය කරන්න බලවත් සේනාවක් යවනවා.සම්භාජි, තම බිරිඳ යේසුබායිගේ සහය ඇතිව, ඡත්‍රපති සම්භාජි මහරජු ලෙස රාජ්‍යත්වයට පත්වෙනවා. එහෙත්, ඔහුගේ සුළු මව වන සෞරභායි ඇතැම් අමාත්‍යවරු එක්ක, සම්භාජිව නෙරපා ඇයගේ පුත් රාජේරාම්ව රජ කිරීමට උත්සාහ කරනවා.
මම කතාවේ තවත් විස්තර කියන්න යන්නේ නෑ, ඔයාල බලලම ඉන්නකෝ !
එහෙනම් ගිහින් එන්නම් ,
තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.
ඔබට ජය !
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිෂ්ක සංකල්ප
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 7, 2022
ගැම්මක් බොසා ❤️❤️🫶
Bhool.Chuk.Maaf.2025 subtitle plz