Bomb (2025) Sinhala Subtitles
Bomb (2025) Sinhala Subtitles
7.3
87

Bomb (2025) Sinhala Subtitles | “ ගමේ දෙවියා කවුද? ගලද? කන්ද ද? ” | සිංහල උපසිරැසි සමඟ

(Bomb (2025) Sinhala Subtitles) (Bomb (2025) Sinhala Subtitle) (Bomb (2025) Sinhala Sub)

මේක කාලකම්මයිපට්ටි ගමේ එක විශ්වාසයක් නිසා සිද්ද වෙන එක දෙයක්. ඒක මෙහෙමයි. ඉස්සරම කාලේ මේ ගමේ එකට ඉදපු මිනිස්සු අන්තිමේදී වැරදි විශ්වාසයක් නිසා මේ කාලකම්මයිපට්ටි ගම කාලපට්ටි සහ කම්මායිපට්ටි කියන නම් දෙකෙන් කැඩෙනවා. මෙතන ඉන්නවා කතිරවන් කියන කෙනෙක්. මිනිහා දෙවියන් ගැන තඹ සතේකට ගණන් ගන්නේ නැති කෙනෙක්. එකපාරම මිනිහා මැරුණම මිනිහා කාගේද? කාට ගමටද අයිති? මේකෙන් හිරවෙන්නේ අපේ කතානායකයා වෙන මනිමුත්තු. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ? බලන්න.

ලිපිය ලියන්න කලින් විශේෂයෙන් ස්තුති කරන්න කෙනෙක් ඉන්නවා. ඒ තමා උචිනි අක්කා. මේ වැඩේ බාර දුන්නේ වසන්ත් රවීගේ ‘Indra’ චිත්‍රපටයේ උපසිරැසිය හදන අතරවෙලේ. නළුවාගේ නම අහපු ගමන්ම එකපයින්ම භාරගත්තේ මොකවත් හින්දා නෙවෙයි. නළුවාගේ ෆිල්ම් කිහිපයක් බලපු හින්දමයි.

අන්බු දාස්.. මේ නම නෑහිච්ච කෙනෙක් ඉන්නවා නම් එයා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි කියල මං විශ්වාස කරනවා. මේ වෙන කවුරුවත් නෙවෙයි. දමිල සිනමාවේ සිංහ කටහඩ “අර්ජුන් දාස්” ගොඩක් අය මෙයාට ආස වෙන්න හේතුවක් වෙන්නේ මේ සිංහයෙක්ගේ බදු මේ ගැඹුරු කටහඩ නිසාමයි. වික්‍රම්, කයිදී, රසවති, පෝර්, They Call Him OG, අනීති, ගුඩ් බෑඩ් අග්ලි වගේ චිත්‍රපට් ගණනාවකට ඔහු රංගනයෙන් දායක වෙනවා. එයාගේ මීලග චිත්‍රපටි වෙන්නේ කුම්කි 2 සහ වන්ස් මෝර් කියන චිත්‍රපට.

විශාල් වෙන්කට් ගේ අධ්‍යක්ෂණය කරන මේ චිත්‍රපටයේ නම ‘Bomb’. 2025 සැප්තැම්බර් 12 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ රචනය අධ්‍යක්ෂක සමගින් Makizhnan BM ගෙන්. කතාව Manikandan Mathavan, Abhishek Sabarigirison සහ Vishal Venkat ගෙන්. නිෂ්පාදනය සුධා සුකුමාර් සමගින් සුකුමාර් බාලක්‍රිෂ්නන් ගෙන්. සංගීත අධ්‍යක්ෂණය D. ඉම්මාන්ගෙන්. මොහුගේ සංගීතය ගැන හොයන්න ඕනේ නම් ‘Eleven’ චිත්‍රපටය බලන්න කියලා ආරාධනා කරනවා. ඒ චිත්‍රපටයේ උපසිරැසි අපේ වෙබ් අඩවියේ තියෙනවා.
මේක අයත් වෙන්නේ Magical Realism Social Drama ගණයන්ට.

අර්ජුන් දාස් එක්ක ශිවාත්මිකා රාජසේකර්, කාලි වෙන්කට්, නසාර්, අභිරාමි, සිංගම්පුලි, බාල සරවනන් වගේ අය රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.5/10ක්, ගුගල් පරිශීලක අගය 84%කුත් මෙයට ලබා දීලා තියෙනවා. මේ චිත්‍රපටයේ ඩිජිටල් පිටපත් Aha Tamil හරහා ඔක්තෝබර් 10 වෙනිදා මුදා හරිනවා.

මුලින්ම කියන්න ඕනේ මේක බලනවා නම් නිකම්ම නිකම් ෆිල්ම් එකක් කියලා හිතලා නම් බලන්නේ ඒක අත්හරින්න. මොකද මේක සමාජයට හොද පණිවිඩයක් දෙන චිත්‍රපටියක් කියලා තේරුම් ගන්න
පුළුවන් වෙනකොට ඔයාට පස්සේ පසුතැවෙන්න වෙයි. පණිවිඩේ මොකක්ද කියලා මං කියන්න යන්නේ නෑ. ඔයාලම බලන්න.

ඉදිරියේදී තවත් අලුත් චිත්‍රපටි ගණනාවකින් නැවතත් හමුවෙනතුරු ඔයාලා සැමට තෙරුවන් සරණයි

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


45
Total Subtitles

8 comments

  1. They call him OG ekath denwad mchn

  2. Era Boy
    Cineru Family Member

    වෙලාව තිබ්බොත් දෙන්නම්..

  3. Ane once more ekath dennako

  4. තෑන්ක්ස් ඕෂද සහෝ සබ් එකට…….

  5. Era Boy
    Cineru Family Member

    බලමූකෝ අපි. ❤️

  6. Era Boy
    Cineru Family Member

    ආදරෙයි සහෝ ❤️

  7. Kantara galata passe baluwa hodama a category eke movie ekak meka. Marama interest joke walin hari mara panividyak denwa samajeta. Mara vatinawa film ek miss krgan ntywa aniva balanna. Godk pin saho mahnsi wela karla tyenwa sub Eka.

  8. Era Boy
    Cineru Family Member

    ගොඩක්ම ස්තුතියි මේ කමෙන්ට් එකට 😍❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login