(Blood of Zeus S03 (2025) S03E01 Sinhala Subtitles)
“Blood of Zeus” තුන්වෙනි වගේම අවසාන සීසන් එකට තමා මේ සබ් අරන් ඇවිල්ලා තියෙන්නේ.. මේ සීසන් එක රිලීස් වුණේ ඊයේ’ ඒ කියන්නේ 05/08. එපි 8 යි මේ පාරත් 8 ම එකපාර එළියට දැම්මා Netflix එකෙන්.. One by One අරන් එන්නම් සබ් මේ විදිහට..
දෙවෙනි සීසන් එකේ ප්‍රධාන වශයෙන් සිද්ධවුණේ මහා එලියුසීනියානු පාෂාණය අයිති කරගන්න ඔලිම්පියා දෙවිවරු අතර ඇතිවුණ සටනයි.. සටන අතරතුර පාෂාණය හෙරන්/හෙරොන් එහෙමත් නැත්තම් සියුස් ගේ බස්ටඩ් පුතා අතට පත්වෙනවා.. මේ වෙලාවෙදි හේඩීස්’ එහෙමත් නැත්තම් පාතාල ලෝකේ අධිපතිගෙන් කඩු පහරක් එල්ල වෙනවා හෙරොන් ගේ පපුවට.. පාෂාණේ ගිලිහෙනවා අතින්.. හේඩීස් පාෂාණේ අරගන්නවා.. මේ වෙලාවේ ගයියා/ගයා හෙවත් මහපොළොවේ ප්‍රාථමික දේවතාවිය මෙතනින් මතුවෙනවා.. එයා මේ යුද්ධෙට හුඟක් කලකිරෙනවා.. දෙවිවරු මේ කරපු වැඩේට “කවදාවත් නම කියන්න හොඳ නැති” කියලා හඳුන්වන “ටයිෆෝන්” කියන මහා මෘගයාගේ නම කතාකරනවා ගයියා විසින්.. ටයිෆෝන් අවදිවෙනවා දෙවිවරු කරපු දේට දඬුවම් දෙන්න.. මෙතනින් තමා සීසන් 2 අවසාන වෙන්නේ..
සීසන් 3 පටන් ගන්නේ ටයිෆෝන් ඔලිම්පියාවේ කරන මහා ව්‍යසනයකින්.. දෙවිවරු ලොකු උත්සාහයක් ගන්නවා ටයිෆෝන්ට මුහුණ දෙන්න.. දෙවිවරුන්ට මේ දේ කරගන්න පුළුවන් වෙයිද? කියන දේත්, ඉස්සරහට කතාව කොහොම ඇදීගෙන ගිහින් කොයි විදිහට අවසානය දකීද කියන දේත් ඔන්න අද ඉඳන් ඔයාලට බලාගන්න අවස්ථාව තියෙනවා.. එහෙනම් රසවිඳින්න ආරාධනා කරනවා පුරාණ ග්‍රීක මිත්‍යා ගැන අපිට උසස් මට්ටමේ අත්දැකීමක් ලබාදුන්නු “Blood of Zeus” Animated සීරිස් එක!!
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මලීෂ බණ්ඩාර
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

February 3, 2024
enakal balan hitiye. thanks bro. ithuru tikath ona