භූල් චුක් මාෆ් (පරිවර්තනය. මගේ වැරදි වලට සමාව දෙන්න) යනු 2025 ඉන්දියානු හින්දි භාෂා ෆැන්ටසි ආදර හාස්‍ය චිත්‍රපටයක් වන අතර එය කරන් ෂර්මා විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද අතර එය මැඩොක් ෆිල්ම්ස් යටතේ දිනේෂ් විජාන් විසින් ඇමසන් එම්ජීඑම් ස්ටූඩියෝස් සමඟ එක්ව නිෂ්පාදනය කරන ලදී.
මේ කතාවෙන් ටිකක් කිව්වොත්,
ටිට්ලි හා රන්ජන් පෙම්වතුන් වන අතර ඔවුන් විවාහා වීමට ආශාවෙන් ඉන්නේ.නමුත් ටිට්ලිගේ තාත්තා මේ සම්බන්ධයට තදින් විරුද්ධ වෙනවා රන්ජන්ට රජයේ රස්සාවක් නැති නිසා.තාත්තා රන්ජන්ට මාස දෙකකින් රජයේ රස්සාවක් හොයා ගන්න කොන්දේසියක් දානවා.රන්ජන් භගවාන් නම් පුද්ගලයයෙකුට අල්ලස් දී නිති විරෝධිව රස්සාවක් ලබා ගන්න යනවා.ඔහු දෙවියන්ට පොරොන්දු වෙනවා රස්සාව ලැබෙනවනම් යහපත් දෙයක් කරන බවට.
මාසේ 29 වෙනිදා මේ දෙන්නාගේ කහ ගාන උත්සවය පවත්වනවා.එහෙත් 30 වෙනිදා උදා නොවි රන්ජන් නැවත නැවතත් අවදි වෙන්නේ 29 වෙනිදාගෙන්.මෙය සිදු වන්නේ ඔහු දෙවියන්ට වුන පොරොන්දුව ඉටු කරන්න බැරි වුන නිසා කියලා හිතනවා.
මේ තමයි film එකේ මුල් ටික.රන්ජන් ටිට්ලි එයාලගේ ආදරෙ ජය ගන්න ලොකු උත්සහයක් දරනවා.මේක හින්දි ලස්සන ආදර කතාවක්.ඉතිං ෆිල්ම් එක බලලම ඉන්න
හැමෝටම සුබ දවසක්…..
Due to copyright issues we do not provide any torrent links
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දිලීකා සෙව්වන්දි
සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

May 17, 2025
ස්තූතියි සිස් සබට