මම ඔයාලගෙනුයි අහන්නෙ
රටක් නැතුව ඔයාලට ජීවත් වෙන්න පුළුවන්ද?
රටක් නැතුව ඔයාලගෙ පවුලෙ අයට ජීවත් වෙන්න පුළුවන්ද?අපි සටන් කරන්නෙ අපේ රටයි පවුලයි වෙනුවෙන්!
Battle Of Jangsari එහෙමත් නැත්තන් ජන්සාරි සටන, ඇත්තටම කිව්වොත් මේ සිනමාපටයට පාදකවෙලා තියෙන්නෙ ඇත්තටම සිද්ද් වෙච්ච දෙයක් මත. ජන්සාරි කියන ප්‍රදේශයේ උතුරු කොරියාවයි දකුණු කොරියාවයි අතර සිද්ද්වෙච්ච සත්‍ය සිදුවීමක් පාදකරගෙන තමයි මේ සිනමාපටය රූගත කරලා තියෙන්නෙ. මේ සිනමාපටය නිර්මාණය කරලා තියෙන්නෙම මේ ජන්සාරි සටනෙන් මියගිය සිසුන්ටත් ඒ සටනෙන් මියගිය අනිත් අයටත් ගෞරවයක් දක්වන්නම විතරයි.
අන්න ඒක හින්දා තමයි මේ සිනමාපටය ගොඩක්ම ප්‍රසිද්ධ නොවුණත් උපසිරසක් කරලා අරගෙන එන්න හිතුවෙ. ජන්සාරි සටනේ සැබෑ අත්දැකීම මේකෙන් ලබාගන්න පුළුවන් කිව්වොත් මම හරි. මේ සිනමාපටයෙ ගොඩක්ම දුක්බර සිදුවීම් ගනනාවකුත් ඇතුළත් වෙනවා.
මේ යුද්ධය ප්‍රසිද්ධ වෙන්න විශේෂ හේතුවක් තමයි. මේ යුද්ධෙට ගියේ හොඳ පුහුණුවක් ලබපු සෙබළු නෙවෙයි. උසස් අධ්‍යාපනය එහෙමත් නැත්තන් තාමත් ඉගෙන ගන්න නව යෞවනයේ පසුවෙන පිරිමි ළමයි නිසා, මෙන්න මේ පිරිමි ළමයි අතරෙ ඉන්නවා එක ගෑණු ළමයෙක් පිරිමි කෙනෙක් වගේ වෙස් වලාගෙන ඉන්න. අන්න ඒ සිදුවීමත් ඇත්තම ජන්සාරි සටනෙ සිද්දවෙලා තියෙනවා. හැබැයි ඉතින් මෙයා හැමෝම දන් නෑ. මොකද දැනගත්ත නම් එහෙම මෙයාට මේ යුද්දෙට යන්න වෙන්නෙ නැති නිසා.
- True Story වලට එහෙමත් නැත්තන් සත්‍ය කතා වලට කැමති කෙනෙක් නම් අනිවාරෙන්ම මේක බලන්න කියලා ඉල්ලනවා.
- ඒ වගේම මේ සටන යන අතරතුරේදි මාධ්යවේදිනියකුත් මේකට හවුල් වෙනවා.මේකත් ඒ යුද්ධය අතර සිදුවෙන ඇත්තම සිදුවීමක්.
මේ සිනමාපටය ගැන මොකුත්ම කියන්න යන්නෙ නෑ, එහෙනම් ඉතින් මේකත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් ඉතින් මං නවතිනවා, තවත් උපසිරසියකින් හමුවෙමු.
ජන්සාරි සටනෙන් මියගිය සියළුම ශිෂ්‍යන්ටත් සෙබළුන්ටත් මේ සිනමාපටය උපහාරයක්ම වේවා!..
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සොමේෂ් ජයරත්න
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

July 23, 2019
Godak sthuthi sahooo .
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
Request :
The Knight Before Christmas (2019)
The Farewell (2019)
Let It Snow (2019)
Hustlers (2019)
(PSArips)
බොහොම ස්තුතියි සහෝ අලුත් චිත්‍රපටවලට උපසිරැසි උණු උණුවෙම දෙනවට.
ජයෙන් ජය
Thanks
Thanks