8.1
94%

Batman Beyond S01E01 (1999) Sinhala Subtitles |බැට්මෑන්ගේ පුනරාගමනය| සිංහල උපසිරැසි සමග

අපි බලපු ඩීසී හෝ මා(ර්)වල් කොමික්වල හොඳම වීරයා කවුද ඇහුවොත්, නැත්නම් සැබෑ ලෝකයේ ඉන්න ටිකක් හෝ ඉඩ තියෙන සුපිරි වීරයා කවුද ඇහුවොත්, එහෙමත් නැත්නම් කොමික්වල වැඩියෙන්ම නිර්මානය කෙරුනු සුපිරි වීරය කවුද ඇහුවොත් ගොඩක් අය කියාවි “බැට්මෑන්” කියලා. හරි, ඔව් ඒක හරියටම හරි.

ඉතින් පොරොන්දු උනා වගේම ඔන්න බැට්මෑන් චරිතය එක්ක ආවා. මේක ඇනිමේශන් ටීවී සීරීස් එකක්. බොහොම ආඩම්බරයෙන් කියනවා මේකෙත් මුලින්ම සිංහල උපසිරසි දෙන්නේ සිනෙරූ අපි තමයි ඕං! පරණ, ලොකු, ජනප්‍රිය සයිට් කොයි තරම් තිබ්බත් හොඳම ඒවා මුලින්ම දෙන්න නම් සිනෙරූ තමයි කියලා ඔප්පු වෙලා ඉවරයි. මං දන්න විදිහට අපේ චානක තිලංක සහෝගේ ……………..කතා මාලාවත් ආවාම ලොකු වෙනසක් වේවි අපේ. ගුණාත්මක, ලස්සන, ජනප්‍රිය ඒවා තෝරලා තමයි මේ ගේන්නේ අපි. හැමදාම කියලා කියලාවත් කමෙන්ට් නොකරට තරහා නෑ ඔයාලා එක්ක. හැබැයි දුකයි. මොකද මට පණ වගේ ආදරේ මගේ මාස 10 පුතා නිදියද්දී මහ රෑ 12.55ටත් මං සබ් හදනවා. හරි කමක් නෑ

මේ කතාවෙ හැටියට බෲස් වෙයින් දැන් වයසයි. ඉතින් එයාගේ අවසාන සටනේදී තුවක්කුවක් අතට ගන්න වෙනවා. එයාටම තේරෙනවා (අර අපේ රටේ 225 සෙට් එකට නොතේරුනාට) දැන් වයසයි, පැන්ශන් යන්න ඕනේ කියලා. මේකේ බැට්මෑන් ටිකක් තාක්ෂනිකව ඉදිරියට ගිහින්. ඇඳුමෙත් වෙනස්කම් තියෙනවා. ආරංචි විදිහට ඊලඟ බැට්මෑන් ගේම් එකේ ඇඳුමත් මේකමයිලු! හරි, ඉතින් ඔන්න එයා ඒ කිව්වේ පැන්ෂන් ගිය බැට්මෑන් එහෙම ඉද්දී, ගෝතම්වල කොල්ලෙක් පොඩි සෙල්ලම් ටිකක් දානවා. මැරුනු ජෝකර්ගේ අඩිපාරේ යන කට්ටියකුත් ඉන්නවා. කතාවේ ඉතුරුවා නොකියා ඉන්නම්. රස නෑ නැත්නම්. අරගෙනම බලන්නකෝ, ඩීසී රසිකයෝ සෙට් එකක්ම ඉන්නවානේ. අරං බලන්න, යාලුවන්ටත් කියන්න අපි ගැන.

මෙහෙමම දිගටම යමු නේද? සාලෙම් එකයි, බැට්මෑන් එකයි ගානේ දෙන්නම්. ෆිල්ම් දෙක් තුනක් තියෙයි. ඒත් මේවත් එක්ක අමාරුයි ඉතින්. බලමුකෝ කොහොමහරි දෙන්නම්. රේටින් එහෙම දාන්නේ නෑ, අපේ ඇඩ්මින් එකෙන් සුපිරියටම රේටින් එහෙම බැනර් එක යටම පේන්න හදලනේ. මං හිතන්නේ සයිට් එකත් තව අප්ඩේට් වේවි. සමිත සහෝ ඉතින් ඊ මේල්, වට්ස් ඇප් එකෙන් නිතරම හොයනවා අපි ගැන. පහුගිය දවස්වල අපිට ඩේටා සඳහා ආධාරයකුත් දුන්නා. සමිත සහෝ කිව්වේ පොඩි එකක් කියලා. මට නම් ඒක ලොකු දෙයක්. ඒ හැමදේටම ස්තූතියි සමිත සහෝ. මම මේවා කරද්දී තාත්තාවම හොයන සදහම් පුතාව පාලනය කරන් මට මේ නිදහස අරන් දෙන මගේ “ලක්ෂ්මී” ආදරණීය බිරිඳටත් ගොඩාක් ස්තූතියි කියලා ආදරයෙන් මතක් කරනවා.

එහෙනම් ඉතින් “ඔබේ උසස් රසවින්දනය – අපේ එකම පැතුමයි” කියලා කියන ගමන් ඊලඟ සතියේ හමුවෙමු සාලෙම් හා බැට්මෑන් එක්ක. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

 

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
Download|81

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


91
Total Subtitles

16 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ ආසම DC චරිතයක් තමා ඉතිං Batman.. දිගටම සබ් දෙන්න 😊👍.. ජය වේවා.!

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    මේ අර episode 52ක් තියන batman beyond tv series එක නේද episode 52ටම සබ් ලැබෙයිනෙ මොනා උනත් නේහ් 😊

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අන්න හරි සහෝ. මේ ඒක තමයි. ඔක්කොටම සබ් එනවා. සාලෙම් එකත් අද මං අපේ ඇඩ්මින්ට දෙනවා

    • Hashan
      Top Fan ⭐⭐⭐

      එල එල දර්ශන බ්‍රෝ දිගටම සබ් දෙන්න ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණය වැටෙන කමෙන්ට් ප්‍රමාණය ගැන වැඩිය හිතන්න එපා මොකද සයිට් එක පටන්ගෙනත් දැන් අවුරුද්දක් වගේනෙ මිනිස්සු අතරට ගිහින් නැතුව ඇති වැඩිය, සමහර අය දන්නෙත් නැතුව ඇති ගූගල් සර්ච් කරත් පොඩ්ඩක් පහලින්නෙ තාම මේ සයිට් එක සර්ච් රිසල්ට්වල පෙන්නන්නෙ සමහරවිට අපි හොයන එක මේ සයිට් එකේ තිබ්බත් එහෙම සර්ච් රිසල්ට් එකක් නෑ.. නමුත් කාලයක් යද්දි සයිට් එක තැනකට එනව අනිවාරෙන් හැමදේටම ඉතිං කාලයක් එපැයි එකපාර අමාරුයිනෙ.. හිත රිදෙන දෙයක් කිව්වා නම් එකපාරට දහපාරක් සමාවෙන්න ඕන 😊 ඇත්තටම මම කියන්න හැදුවෙ අපි ටික ටික සයිට් එක අප් කරල ගමු කියල සහ ඒකට ටික කාලයක් ගතවෙයි කියලයි

  3. Chanaka thilanka
    Cineru Family Member

    නියම ෆිල්ම් එක සබ් එකත් මරු හැමෝම අරන් බලන්න නියම ෆිල්ම් එකක් මේක සිනෙරු එක්ක දිගටම ඔය විදිහට යමු.

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      මේ චානක සහෝ, කෝ අර ………ටීවී සීරීස් එක. මම මේ ඩවුන්ලෝඩ් කරන් බලන් ඉන්නවා. සබ් තමයි ඕනේ

  4. එලම සහෝ ඩවුන්ලොඩ් ගාන අඩු වුනාට සැලෙන්න එපා කට්ටිය ඉස්සරහට මේවා ඩවුන්ලොඩ් කරලා බලයි😍

    • දර්ශන හෙට්ටිවත්ත
      Cineru Family Member

      අනිවා, මම කරන හැම ෆිලුමක්ම, ටීවී සීරීස් එකක්ම හොඳ රේටින් තියෙන ඒවා කරන්නේ. කට්ටිය අනිවර්‍යෙන් බලාවි. හැමෝගෙන්ම මම ඉල්ලන්නේ සිනෙරූ අපිව ශෙයාර් කරන්න ඔයාලාගෙ යාලුවෝ අතර

  5. Thank u aiiye.me kathawe sub nathikamatama Dan mama Ada baluwe s03e01 sub hadapu ekatanam godakk adarei.hadawathinma suba pathanawa oyata.ME KATHAWA BALADDHI AMUTHUMA GATHIYAKK THIYANAWA.ITHIN ME PAGE EKATA AWANAM DHIGATAMA RADILA INNA ISTHUTHI.JAYAMA WEWA.

  6. NAJAGREEN kiyana website eke thiyanawa download karaganna.BAT MAN BEYOND. Eka epiyakk

    150mb.

  7. බොහෝම ස්තූතියි කමෙන්ට් එකට. මේ සීරීස් එක සම්පූර්නයෙන්ම දෙනවා. දිගටම සිනෙරූ එක්ක ඉන්න. අපේ සයිට් එක ගැන යාලුවන්ටත් කියන්න.

  8. ස්තූතියි සහෝ…. මේ වගේ අතඇරිච්ච ඒත් සුපිරිම සීරිස් වලට සබ් දෙනව නම් ඒ ඉතින් සිනෙරු තමයි ඉතින්… ජයෙන් ජය… සීසන් තුනටම දෙයි නේද… ඔක්කොම ඩවුන්ලේාඩ් කරල තියාගන්න…

  9. ස්තූතියි සහෝ…. මේ වගේ අතඇරිච්ච ඒත් සුපිරිම සීරිස් වලට සබ් දෙනව නම් ඒ ඉතින් සිනෙරු තමයි ඉතින්… ජයෙන් ජය… සීසන් තුනටම දෙයි නේද… ඔක්කොම ඩවුන්ලේාඩ් කරල තියාගන්න…

  10. සීසන් තුනම ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නෙ බ්‍රෝ…11.4GB…සබ් එකට ගොඩක් ස්තූතියි ❤️🔥

Leave a Reply

Your email address will not be published. Required fields are marked *