Ballad of a Small Player (2025) Sinhala Subtitles
Ballad of a Small Player (2025) Sinhala Subtitles
5.8
47
56

Ballad of a Small Player (2025) Sinhala Subtitles | “සූදු කලාව” | සිංහල උපසිරැසි සමඟ

(Ballad of a Small Player (2025) Sinhala Subtitles) (Ballad of a Small Player (2025) Sinhala Subtitle) (Ballad of a Small Player (2025) Sinhala Sub)

කට්ටිය දන්නවනේ Netflix එකෙන් එනවා කිව්වම මොකක්හරි විශේෂයක් තියෙන්න එපැයි. අන්න ඒ වගේ විශේෂ ෆිල්ම් එකක් තමයි මේක. විශේෂයෙන්ම මේකේ ඉන්න නළුවා සහ අධ්‍යක්ෂක නිසා තමයි…

හරි, එහෙනම් අපි විස්තරේට බහිමු. මේක ඇත්තටම Lawrence Osborn කියන ලේඛකයාගේ නවකතාවක් ඇසුරින් හදපු ෆිල්ම් එකක්. කතාව යන්නේ Lord Doyle කියලා පොරක් වටා. හැබැයි නමට Lord කිව්වට, පොර ඇත්තටම Lord කෙනෙක් නෙවෙයි. මෙයා සල්ලි වංචා කරලා, එක එක අකරතැබ්බ දාගෙන තමන්ගේ රටින් පැනලා ඇවිත් ඉන්න කෙනෙක්.
කොහෙටද පැනලා එන්නෙ? Macau වලට. දන්නවනේ Macau කියන්නේ ආසියාවේ ලොකුම සූදු පාරාදීසයක්.

ඉතින් මේ Lord Doyle, Macau වලට ඇවිත් එයාගේ අලුත් ජීවිතේ පටන් ගන්නවා. ඒ තමයි කැසිනෝ වල ලොකුවට සල්ලි ඔට්ටු අල්ලන සූදුකාරයෙක් විදියට. පොර හිතන් ඉන්නෙ මෙයා තමයි ලෝකේ ඉන්න දක්ෂම සූදුකාරයා කියලා.
හැබැයි ඉතින් සූදුවට බැස්සම මොකද වෙන්නෙ? පොර හොඳටම සූදුවටයි, බීමටයි ඇබ්බැහි වෙනවා. ණය කන්දක් වටකරගන්නවා. තමන් කවුද කියලවත් අමතක වෙන තැනටම වැටෙනවා. ෆිල්ම් එකේ පෙන්නන්නේ මේ මනුස්සයාගේ වැටීම, එයාගේ මනස කොහොමද අවුල් වෙන්නෙ කියන එක.
මේ අතරේ මෙයාට අභිරහස් කාන්තාවක් වෙන Dao Ming හම්බවෙනවා. ඒ වගේම, මෙයා හොරකම් කරපු සල්ලි පස්සේ පන්නන පෞද්ගලික විමර්ශකයෙක් Cynthia Blithe එනවා. ඉතින් මේ ඔක්කොම මැද Doyle ට මොකද වෙන්නෙ කියන එක තමයි කතාව.
මේක නිකන් Action Film එකක් නෙවෙයි. ඊට වඩා ටිකක් අඳුරු, මනෝවිද්‍යාත්මක Psychological Thriller පැත්තට බර, චරිතය ඇතුළට යන කතාවක්.

කතාවෙ ප්‍රධාන නළුවා වෙන්නෙ Colin Farrell The Batman ෆිල්ම් එකේ Penguin විදියට, The Banshees of Inisherin වගේ ෆිල්ම් වල සුපිරියටම රඟපාපු Collin Farrell තමයි Lord Doyle ගේ චරිතෙට ඉන්නේ. දැනටමත් ෆිල්ම් එක බලපු අය කියන්නේ Collin Farrell මේ චරිතේ පිස්සුවක් නටනවා කියලයි. 

මේකෙ අධ්‍යක්ෂකවරයා වෙන්නෙ Edward Berger. මේ නම ඇහුන ගමන් දන්න අය දන්නවා. මෑත කාලේ ලෝකෙම කතා කරපු, ඔස්කාර් සම්මාන පවා දිනාගත්ත All Quiet on the Western Front කියන යුද්ධ ෆිල්ම් එක හැදුවේ මෙයා තමයි. ඊට පස්සේ ආපු Conclave ෆිල්ම් එකත් හිට් වුණා. ඉතින් එයාගේ අලුත්ම ෆිල්ම් එක නිසා හැමෝම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා. කතාවෙ අනිත් නළු නිළියෝ විදියට Lord Doyle ව හොයාගෙන එන චරිතෙට ඉන්නේ සුප්‍රසිද්ධ Tilda Swinton. ඒ වගේම Fala Chen අර කියපු අභිරහස් කාන්තාවගේ චරිතෙට රංගනයෙන් දායක වෙනවා.

මේ ෆිල්ම් එක ඔක්තෝබර් 29 වෙනිදා Netflix එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලපු අය කියන දේවල් අනුව මෙහෙමයි

හැමෝම එක හඬින් කියන්නේ Collin Farrell ගේ රංගනය නම් සුපිරි කියලා. ඒ වැටුණු, ඇබ්බැහි වුණු මනුස්සයගේ චරිතේ උපරිමෙන්ම කරලා තියෙනවාලු. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන විදිහ, කැමරාකරණය, මැකාවු වල කැසිනෝ ඇතුළේ තීයෙන Neon Lights පාවිච්චි කරලා තියෙන විදිහ එහෙම පට්ටම ලස්සනයි. ඇස් දෙකට මාරම Vibe එකක් දෙනවා.

ගොඩක් අය කියන ලොකුම අවුල තමයි කතාව ටිකක් හෙමින් යන්නේ කියන එක. සමහරුන්ට මේක ටිකක් Boring වෙන්න පුළුවන්. Collin Farrel ට දීලා තියෙන තැන අනිත් චරිත වලට දීලා නෑ වගේලු. Tilda Swinton වගේ සුපිරි නිළියක්ව මීට වඩා පාවිච්චි කරන්න තිබ්බා කියලා ගොඩක් අය කියනවා.

Ballad of a Small Player කියන්නෙ ඇක්ෂන් දඩබඩ ගාලා යන, කුතුහලයෙන් පුදුම කරවන ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන අයට නම් ගැළපෙන එකක් නෙවෙයි. හැබැයි, ඔයා කැමති ලස්සන විෂුවල්ස් තියෙන, චරිත වලට ගැඹුරට යන, ටිකක් අඳුරු, කලාත්මක ෆිල්ම් බලන්න නම්, මේක හොඳ අත්දැකීමක් වෙයි. විශේෂයෙන්ම Collin Farrell ගේ සුපිරිම රංගනයක් බලාගන්න ඕන නම්, Netflix එකේ අනිවාර්යයෙන් බලන්න වටින ෆිල්ම් එකක්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ධනුෂ්ක විරාජ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ධනුෂ්ක විරාජ්

September 22, 2025


15
Total Subtitles

One comment

  1. ස්තූතියි ධනුෂ්ක සහෝ මේකට සිංහල සබ් දුන්නට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login