Azadi (2025) Sinhala Subtitles
Azadi (2025) Sinhala Subtitles
6.2
52

Azadi (2025) Sinhala Subtitles | “නිදහස වෙනුවෙන් සැලැස්මක්” | සිංහල උපසිරැසි සමඟ

(Azadi (2025) Sinhala Subtitles) (Azadi (2025) Sinhala Subtitle) (Azadi (2025) Sinhala Sub)

මිනිමරලා හිර දඩුවම් විදින්න ලැස්ති වෙන තරුණ ගැබිනියක්..
ඒ කෙල්ලව කොහොමහරි හිර දඩුවමින් නිදහස් කරන්න ලැස්ති වෙන පාප්පන් සහ සත්‍යන් ඇතුළු කල්ලිය..
තරුණ ගැබිණියගෙන් පලි ගන්න සුදානමින් ඉන්න පක්ෂ කණ්ඩායමේ කට්ටියක්..
ඔලුව අවුල් වෙන 116 – 104 හුටපටය..
ඒ සැලසුම අස්සේ පුංචි පුංචි කතා..
නොසිතු අවසානයක්…??

මොනවයින් මොනවා වෙයිද?? චිත්‍රපටය බලන්නම වෙනවා පටලැවිලි ටික ලිහන්නම..

මේ චිත්‍රපටය ගොඩක්ම වෙනස් අත්දැකීමක් වෙනවා ප්‍රේක්ෂකයින්ට නම්. මොකද මේක ගොඩක්ම වෙනස්ම ගනයේ සිනමා නිර්මාණයක් මලයාලින්ගෙන් බිහිවෙච්ච. ඔයාලට මතක ඇතිනේ ‘Prison Break’ චිත්‍රපටි මාලාව.. මේ වගේ කතන්දර ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙන හින්දා මිනිස්සු සෑහෙන පිරිසක් අදටත් බලනවා. මේ වගේ දෙයක් මලයාලින්ගෙන් බිහිවෙනවා කියන්නේ ආයේ ඉතින් no words හොදේ.. විශේෂයෙන් පොලිසිය නියමෙටම අන්දන.. මේ වගේ දෙයක් කරනකොට කරන සැලසුම්.. බලන ප්‍රේක්ෂකයින්ව ඔලුව අවුල් කරවලා කරකවලා අතාරින ට්විස්ට්..
මේ ඔක්කොම එකට එකතු වෙනකොට කොහොමට ඇත්ද? මේ තමයි ඒකට හොදම උදාහරනේ..

එහෙනම් යමු විස්තරේ දිහාට..

අසාදි කියන මේ චිත්‍රපටය නිකුත් කරන්නේ 2025 මැයි 23 වෙනිදා. ඒ කියන්නේ නාරිවෙට්ටා චිත්‍රපටයත් එදාම තමයි නිකුත් වෙන්නේ. අධ්‍යක්ෂණය කරන්නේ නවකයෙක්. ජෝ ජෝර්ජ් තමයි නම. කතාව සහ රචනය සාගර්ගෙන්. සංගීතය වරුන් උන්නීගෙන්. මේක අයිති වෙන්නේ ක්‍රයිම් ත්‍රිලර් ගණයට. මේකත් සත්‍ය සිද්ධි පාදක කරගෙන නිර්මාණය වුණ චිත්‍රපටයක්. රංගනයෙන් ශ්‍රීනාත් බාසි, රවිනා රවී, 2018 මලයාලම් චිත්‍රපටයේ රගපාපු ලාල් (මෙයා ගැන මං පොඩ්ඩක් පල්ලෙහායින් සදහන් කරන්නම්..) වානි විශ්වනාත්, සයිජු කුරුප් වගේ දක්ෂ මලයාලි රංගන ශිල්පින් රැසක් දායක වෙනවා. ලාල් ගැන මං මෙහෙම විස්තරයක් දෙන්නම්. විශාල් ගේ සන්ඩකෝලි දෙමළ චිත්‍රපටයේ මැරයාව මතකද? 2021 සුල්තාන් චිත්‍රපටයේ සුල්තාන්ව හදාවඩාගත් මනුස්සයාව මතකද? මේ වෙන කවුරුත් නෙවෙයි.. ලාල්. මෙයාගේ ඇත්ත නම M.P මයිකල්. මලයාලම් ව්තරක් නෙවෙයි, දෙමළ චිත්‍රපට වලත් මෙයාව දකින්න ලැබෙනවා. ලගදි නිකුත් වෙච්ච සරෙන්ඩර් දෙමළ චිත්‍රපටයේත් මෙයා ඉන්නවා. මෙයා රංගන ශිල්පියෙක් ව්තරක් නෙවෙයි.. අධ්‍යක්ෂක වරයෙක්, තිර රචකයෙක්, නිෂ්පාදකයෙක්. කොටින්ම කිව්වොත් ඕල් රවුන්ඩර් කෙනෙක්. 2018, නදිකාර්, භිෂ්ම පවරම්, සරෙන්ඩර්, සිංගප්පූර් සැලෝන් වගේ චිත්‍රපටි වල රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයට ලබා දී තියෙන IMDB අගය 6.2/10ක්. ඒ වගේම ගූගල් පරිශීලක අගය 52%ක්. ධාවන කාලය විනාඩි 129ක්. OTT ගැන කතා කලොත් මේකේ මලයාලම් වර්ෂන් එක ManoramaMax එකෙන් ජුනි 27 වෙනිදාත් එදිනම මේකේ දෙමළ වර්ෂන් එකත් SunNXT එකෙනුත් නිකුත් වුණා..

ඉස්සරහට තව ෆිල්ම් අරන් එනකල් අදට මං ගොහින් එන්නම්කෝ. තව තෙලිගු හරි මලයාලම් සබකින් හමුවෙනකම් ඔයාලට සුබ දවසක් !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඕෂද එරංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඕෂද එරංග

May 24, 2024


39
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login